web analytics
You are here
comman ගවේෂණ 

ජයග්‍රහණයේ මාවත

අරමුණක් යනු ජීවිතයේ තවත් එක් අධිෂ්ඨානයකි. ඔබ අප සියලු දෙනා අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී ඇති කරගත් අරමුණු පෙරදැරිව ක්‍රියා කරයි. නමුත් බොහෝ පුද්ගලයන් එම අරමුණ කරා ළඟා  වීමට නොහැකිව පසුතැවෙයි. අරමුණ කරා ළඟා වීමට හැකි වූ සුළුතරයක් පිරිස ජයග්‍රාහකයින් ලෙසත්, අරමුණ කරා ඉක්මණින් ළඟා වීමට නොහැකි වූවන් පරාජිතයන් ලෙසත් හැඳින්වීමට සමාජය පෙළඹී සිටිති. නමුත් ස්ව අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම හා එම අරමුණ කරා සෙමෙන් ළංවීම ජයග්‍රහණයක් කොට සලකන්නේ ඉතා සුළු පිරිසක් පමණි. පෞරුෂත්වය පිරිපුන් පුද්ගලයෙකු ලෙස අප අපගේ අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම ම අප ලබන ජයග්‍රහණයකි. අරමුණ කරා යන ගමනේ…

Read More
comman ගවේෂණ 

ප්‍රශ්න එන්නේ ම ජීවිතය දිනවන්න…

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කියන්නේ කට කහනවාට නෙවෙයි. අපිට එකපාරටම පේනෙන්නෙ නැති දේවල් ගොඩක් හොඳට ඇස් ඇරලා බැලූවොත් හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්ත අයත් ජීවත්ව ඉන්නවා වගේම නොනවතින ගමනක ගිහින් ජීවිතය දිනපු අයත් මේ ලෝකේ ඉන්නවා. සරලවම කිවුවොත් ජීවිතය අපි හිතන තරම් ලේසියෙන් දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි උත්සහවන්ත බව වගේම වාසනා ගුණ මහිමය කියන දෙකටම පුළුවන් අපිව ඉහළටම අරන් යන්න. නිහඬ සිනමා යුගය අවදි කළ ඒ වගේ පුද්ගලයෙක් අපට හමුවෙනවා. අපි කතා කරමු ඔහු ගැන. දුප්පත්කම දෝතට අරගෙන ඉපදුණු චාලිගේ කුඩා කාලය අති දුෂ්කර විදිහට තමයි ගෙවෙන්නේ….

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

ගයන ප්‍රේමය…

ඇහි පියන් යට මතක තවරා නිද්‍රාව ගෙන පළා ගිය නුඹ හෘදයේ දොර කවුළු අබියස ඉන්ද්‍රජාලය මකාලනු මැන වරෙක එපිටින් වරෙක මෙපිටින් අවුත් බිඳලන මේ නිසොල්මන කාලයේ මාත්‍රාව අහපන් ප්‍රේමයම ගායනාවක් මට….   නලිනිකා ලක්ෂාණි  

Read More
comman කාලීන 

බක්මහේ සූර්යය සංක්‍රාන්තිය

ග්‍රෙගරිගේ  දිනපොතට  අනුව කටයුතු කරලන ලාංකිකයන්ට අප්‍රේල් මාසය එනම් බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසය සුවිශේෂී ය. මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහළින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැකි ය. මේ හා සමඟාමීව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය ‘අලුත් අවුරුද්ද’ වන අතර දෙමළ භාෂාවෙන් මෙය ‘පුත්තාන්ඩු’ ලෙස හඳුන්වයි. සිංහල සහ…

Read More
comman NEWS 

මනුසත් දෙරණ පැළ දස ලක්ෂයක් සිටුවීමේ තුන්වන අදියර කැලණිය විශ්වවිද්‍යාලයේදී

කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ ආදිවිද්‍යාර්ථීන්ගේ සංවිධානය හා මනුසත් දෙරණ සොබාදම් බලකායේ ප්‍රධානත්වයෙන් තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් පැළ දස ලක්ෂයක් සිටුවීමේ තුන්වන අධියර  2017 මාර්තු මස 27 වන දින උද්‍යාන අංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ  මහතා අලෙවි කළමනාකරණ  අංශ ප්‍රධාන අජිත් මේදිස්  මහතා, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්යය පැට්‍රික් රත්නායක මහතා සහ මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු විද්‍යාර්ථීන් පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය .එම් සේමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලීය අලෙවි කළමනාකරණ අංශය සෑම විටම නවතාවයෙන් යුතු…

Read More
comman NEWS 

ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ සමාරම්භක උළෙල

කැලණිය විශ්වවිද්‍යාලීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන අංශය විසින් පවත්වා ගෙන යන ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ සමාරම්භක උළෙල පසුගිය දා (අප්‍රේල් 02) වාණිජ හා කළමනාකරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට වාණිජ හා කළමනාකරණ පිඨයේ වැඩ බලන පීඨාධිපති ආචාර්යය අජන්ත සමරකෝන් මහතා, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන සමීක්ෂණ මණ්ඩලයේ තාක්ෂණික කළමනාකරු මොනිටා බණ්ඩාර  මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න ජයමහ මහතා  ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.   සානිකා ප්‍රියංජලී දිසානායක

Read More
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ 92 වන උපාධි ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ 92 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා (අප්‍රේල් 04) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් ව්‍යාපාර පරිපාලන උපාධිය, ශාස්ත්‍රපති උපාධිය, දර්ශනපති උපාධිය, විද්‍යාපති උපාධිය, සමාජ විද්‍යාපති උපාධිය ලබාගත් දහසකට ආසන්න උපාධිධාරින් සංඛ්‍යාවක් වෙත මෙදින උපාධි පිරිනැමිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය, පූජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා, පීඨාධිපතිවරු, ලේඛකාධිකාරී, අංශාධිපතිවරු සහ ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ. දිනුෂිකා ආරියරත්න  

Read More
comman කතුවැකිය 

සිතේ තබාගෙන නොසිට ලියා තැබීමට නම්..

පසුගිය දවසක උදෑසන මා හමුවීමට පැමිණි අපගේ ශිෂ්‍යාවක් පවසා සිටියේ  ‘අනේ සර් කොච්චර කල්පනා කළත්  මොකක්වත් හොද දෙයක් ලියාගන්න බෑනේ. ලියන්න කිසි අදහසක් නෑනේ. කොච්චර වෙර වීරයි කරලා ලිව්වත් අපි ලියන දේවල් පත්තරේ පළවෙන්නේ නෑනේ.’ ඇගේ කතාව අසා සිටි මා ඇය බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ ලියන කලාව නැමැති කුඩා පොත් පිංච පරිශීලනය කරන්නැයි කීවේය. ‘එක් ගසක් යට තවත් ගසක් හොදින් නොවැඩේ. නොයෙක් විට ගසකට කිට්ටුවෙන් පිහිටි ගස පවා හැදීමෙන් බාල වන සැටි දැක්ක හැකිය. ගසක් හොඳින් හැදීමට ඉඩකඩ සහිත වූත් බාධා රහිත වූත් තැනක් වුවමනා බව මෙයින් පැහැදිලි වේ. ලේඛකයෙකුටත්…

Read More