web analytics
comman NEWS 

Hands in Service-සිව්වැනි වැඩසටහන

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ වාණීජ හා මුල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශය මගින් හතරවන වතාවට සංවිධානය කරන “Hands in service 4” පසුගියදා (ජුනි 12) වේයන්ගොඩ කුඹල්ඔළුව මහා විද්‍යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි. වාණීජ හා මුල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ තෙවන වසර විද්‍යාර්ථීන්ගේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය යටතේ කුඹල්ඔළුව මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව, පුස්තකාලය, සෞන්දර්යය ඒකකය, ගුරු කාමර ඇතුළු පාසලේ ප්‍රධාන අංශ ප්‍රතිසංස්කරණය කරන ලදි. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ, වාණිජ හා කළමනාකරණ පීඨයේ පිඨාධිපති ආචාර්ය නාරද ප්‍රනාන්දු ඇතුළු ආචාර්ය මණ්ඩලය, කුඹල්ඔළුව මහා විද්‍යාල ආචාර්ය මණ්ඩලය හා පාසල්…

Read More
comman NEWS 

ELTU අධ්‍යයනාංශයක් බවට පත් වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ඒකකය අධ්‍යයන අංශයක් වීම හා එම ගොඩනැගිල්ල මැණික් ගුණසේකර අනුස්මරණ ගොඩනැගිල්ල ලෙස නම් කිරීමේ අවස්ථාව පසුගිය දා (ජුනි 5) ඉංශ්‍රිසි ඉගැන්වීමේ අධ්‍යනාංශයේ දී සිදු කෙරිනි. මුලින්ම 1960 දී ඉංශ්‍රිසි අධ්‍යයනාංශය යටතේ ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකකය ආරම්භ කර ඇති අතර එහි පළමු අංශාධිපති ලෙස මහාචාර්ය රෙජී සිරිවර්ධන සේවය කරන ලදි. 1991 මහාචාර්ය මැණික් ගුණසේකර විසින් ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකකය ස්වාධීන ඒකකයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. 1997 වර්ෂයේ දී මානව ශාස්ත්‍ර පීඨයේ වර්තමාන ගොඩනැගිල්ල (K5) ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකයට ලබා දී ඇත. ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකකයට මහාචාර්ය මැණික් ගුණසේකර…

Read More
comman NEWS 

“මායිමෙන් ඔබ්බට” – දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන

කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ Aquatic Club මඟින් “මායිමෙන් ඔබ්බට” යන තේමාව යටතේ පැළ 10,000 ක් සිටුවීමේ දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැළ 25 ක් රෝපණය කිරීම පසුගිය දා (ජුනි 06) සමාජීය විද්‍යා පීඨ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනවිරත්න, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය දොඩම්කුඹුරේ ධම්මදස්සි හිමි, තිරසාර විසඳුම් පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය යූ.පී.කේ.ඈපා, ආර්ථික විදයා අධ්‍යයන අංශයේ ආචාර්ය එම්.එම්.ගුණතිලක යන මහත්වරු සහභාගී වූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ Aquatic Club සමඟ…

Read More
comman ගවේෂණ 

පොසොන් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ හයවන මාසය වන ජුනි මාසය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ පොසොන් මස යනුවෙනි. පොසොන් මස ඇති සුවිශේෂීත්වය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම යි. දෙවන පෑතීස් නිරිඳු ඇතුළු හතළිස් දහසක් පිරිසකට චුල්ලහස්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම හා භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදු වූයේ ද පොසොන් පුන් පොහෝ දිනයක දීය. නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ඨ සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ පොසොන් පොහොය දින සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය. පොසොන් මස ඇති තවත්…

Read More
comman කාලීන 

සමරමු පොසොන්

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අනුරාධපුරය හා මිහින්තලය ප්‍රධාන කොට ගෙන සමරනු ලබයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත් වූ ලක්දිවට අනුබුදු මිහිඳු හිමියන්ගේ වැඩමකිරීම මෙම පොහෝ දිනයේ විශේෂත්වය වේ. එය ලක්වාසී බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ විශේෂ වූ හේතුවක් නිසාවෙනි. එනම්, අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳගත් පසු තම අසල්වැසි රාජ්‍යයන්ට එම ධර්මය ව්‍යාප්ත කිරීම අරඹන ලදී. ක්‍රි.පු 250 දී පමණ පවත්වනු ලබන තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමයි. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ බැතිමතුන්ට අති උතුම් දිනයකි. මෙරටට ධර්ම ප්‍රදීපය දැල්වුන මොහොත සිහිපත්…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

සයිබර් ප්‍රේමය

ඔන්ලයින් ආවාද විමසයි සැමවිට ම  මගේ හිත ආදරයහොයාගෙන මන් ආවේ… ඔන්ලයින්” මගේ ජීවිතය ඔෆ්ෆ්ලයින් නොකර… ආදරය රකින්නට හැකිවේද… .සයිබර් කුමරුනි ඔබට… නොදනිමි  මා පෙම් කරන්නට දම්මි මෙන් ගොළු හදවතින් නොහැගේ මට බලා සිටින්නට රාධා මෙන්… දනිමි ගෝවින්ද නොවන වග ඔබ නමුදු සිතේ මට පෙම් කරන්නට ඔබට සයිබර් රාධාවක්  ලෙසින්… සොයමි මම ආදරය යන වදනේ  තේරුම සයිබර් රාමුව තුලින් ඔන්ලයින් ඉන්න එක විතරමද ආදරය… නොතේරුණත් මට හැගෙයි යම් දෙයක් සැලමුතු පෙම අපටනම් තව දුරයි කියා… ඔබට හැකිනම් ……මටත් හැකිනම්…. සයිබර් නවකතාවක් නොව ආදරයේ පාට දක්කිනට ඔන්ලයින් ජීවිතය තුළ……………………. ටිෂානි ශශි කුමාරි

Read More
comman ගවේෂණ 

මානව භාෂාව

මානවයා සතු  වූ ඉන්ද්‍රිය ශක්තිය මෙන්ම  බුද්ධි ශක්තියේ මහිමයෙන් අනෙක් සතුන්ට නොමැති වූ  විශේෂ හැකියාවක් ලබා ගැනීමට මානවයා සමත් විය.එනම් භාෂා හැකියාවයි.පුද්ගලයෙක් සතු භාෂා හැකියාව මිනිසා අනෙක් සත්වයින්ගෙන් වෙන් කරනු ලැබූ ප්‍රධානතම සාධකය වුවා පමණක් නොව මානව සමාජයේ ඇති සන්නිවේදන ක්‍රම අතරින් ප්‍රබලම සන්නිවේදන උපකරණය බවට ද පත් විය.කිසියම් ජන සමාජයක් තම සන්නිවේදන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව නිර්මාණය කර ගත්  ශබ්ද , සංකේත සමුදය වන්නේ  භාෂාව  යි. මුලික වශයෙන්ම ඉන්ද්‍රිය සමුහයක් ක්‍රමානුකූලව චලනය කරමින් නිපදවන ශබ්දයන් ගෙන් සමන්විත වුවකි. මුඛ වාතය, පෝෂණ තන්තු, කණ්ඨක,දිව, තොල් ආදී…

Read More
comman කාලීන 

යුද්ධයේ සෙවණැලි තවමත් අප අතර සැරිසරයි ද?

සුන්දර දුපතක් ලෙසින් ප්‍රකට ශ්‍රී ලංකාව කාගේත් සිත් දිනා ගත්තේ සුන්දරත්වයම නිසා නොවේ. සුන්දරත්වයට එහා ගිය වාණිජ වටිනාකම් හේතුවෙනි. මෙකී පදනම මත විදේශීය ආක්‍රමණවලින් අඩුපාඩුවක් නොවීය. වසර ගණනාවක් පුරා විදේශීය සූරාකෑම්වලින් පීඩනයට පත් වූ ජනතාව 1948 න් පසු නිදහස උරුම කර ගනියි. කෙමෙන් දේශජ තත්ත්වයට පත්වන බොහෝ කරුණු කාරණා අතරට ජාති බේදයකින් තොරව ජනතාව සම්මාදන් විය. ගත වූයේ කෙටි කාලෙකි. මහා බ්‍රිතාන්‍යයෙන් ගිලිහුණු මේ කුඩා භුමියේ හිමිකාරිත්වයේ ගැටලු මතු විය. ඊට විසදුම් සෙවීමේ වගකීම පාලකයන් සතුය. සියලු සාකච්ඡාවලින් අනතුරුව යුද්ධය සියල්ලටම විසදුම ලෙස තෝරා ගැනිණි. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් LTTE සංවිධානය යුද…

Read More