web analytics
comman ගවේෂණ 

රෝමියෝ ජුලියට් නිමැවූ ශේක්ෂ්පියර්

හිරු නොබසින අධිරාජ්‍යයේ මහ ගෙදරින් ලොවට දායාද වු ශේක්ෂ්පියර්ගේ උපත සිදුවන්නේ වර්ෂ 1564 දී ස්ට්‍රැෆඞ් අපෝන් ඇවොන් ගම්මානයේ ය. එංගලන්තයේ ජාතික කවියා, ලෙසත් බටහිර යුරෝපයේ කවියා ලෙසත් කාගේත් සිත් සතන්හි රැඳී සිටින විලියම්  ශේක්ෂ්පියර් සිය ජීවිත කාලයේ හරි අඩක් ගත කරන්නේ කලාව වෙනුවෙනි. දරුවන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පිරිමි දරුවා වූයේ විලියම් ය. සිය නිවසේ සිට සැතපුම් කාලක පමණ දුරින් පිහිටි කින්ග්ස් විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ය. ලතින් ව්‍යාකරණ හා සාහිත්‍ය පිළිබඳ අනෙක් සිසුන්ට වඩා උනන්දුවක් ඔහු තුළ තිබී ය. එනිසාවෙන් ම සාහිත්‍ය සහ කලාව වැනි විෂයන් පිළිබඳ ඔහු…

Read More
comman කාලීන 

මාරක සෙල්ෆි හා මාරයාට අත වැනීම

මිනිස් ලොව උපදින මනුෂ්‍යයා සැබැවින්ම වාසනාවන්තය. මිනිස් භවයක උපත ලැබීමට මොනතරම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම වටී . සිතීමේ හා විමසීමේ ශක්තියෙන් යුක්ත වන්නේ මනුෂ්‍යයාය. ඒ උසස් මනසක් මනුෂ්‍යයා සතු වන හෙයිනි. උසස් මනසක් අප සතු වුනත් අප කරන්නේ ඇතැම් විට එකී මනසට ඔබින දෙයක්දැයි යන්න ගැටලුවක්. මිනිස් ජීවිතය ගලන ගඟක් වැනිය. විටක සිනාසෙයි.විටෙක හඬයි. ගලන ගඟට එන බාධක සේ එකපිට එක ප්‍රශ්න ගලා එයි.  මේ අපේ ජීවිතයේ ස්වභාවයයි. මෙය ඇතමුන් නොදන්නා කරුණකි. කෙසේ නමුත් වාසනාවට හෝ අවාසනාවට මිනිසුන්ට ජීවිතයෙන් සමුගන්නට හෝ සමු ගැනීමට සිදුවෙයි. මෑත කාලය තුළ දී රට තුළ…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

අංගහාරය හුරු වෙයන් නර්තකී

      කර්බලා වෙරළ අසබඩ කල්බලා වැඩුණු තල් පත වෙඩි හඬින් ඔත්පල කර පහර දී පුන් සඳ වෙත ආවාටයෙන් හැඩි කර පළඳිනා තරු කුමට ද?   තාණ්ඩව ශිල්පයෙන් වෙහෙසුණෙමි සින්දූර් තිලකයක නැවතුණෙමි   පාර්වතිය වූ නර්තකී හට භාමණී හුරු මණ්ඩපය මැද අංගහාරය නුහුරු වේවි ද? වෙඩි හඬට ඇද නොවෙන ලය මත ලතු පැහැය මැකෙන තුරු ගිගිරි වැළපෙන අයුරු රඟනු මැන හැර සමරු මැවෙනු ඇත නව පවුරු   තාරිකා තත්සරණි

Read More
comman NEWS 

ඩෙංගු මඩින්න කැලණිය විශ්වවිද්‍යාලයෙන් පියවර

මේ දිනවල පැතිරයන ඩෙංගු රෝගය හා අනෙකුත් රෝග තත්වයන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂණය අරමුණු කොට සමස්ත විශ්වවිද්‍යාල භූමියම පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පසුගිය දා (ජූනි 22) දින කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලෂ්මන් සෙනෙවිරත්න මහතා හා පීඨාධිපතිවරු ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් රැසක් ඊට සහභාගී වූහ.

Read More
comman ගවේෂණ 

සුන්දර හන්තානයේ වතගොත

 ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා ඇති හන්තාන කඳුවැටිය සුන්දර රමණිය කඳුවැටියකි. මහනුවර නගරයේ ගිනිකොණ දෙසින් වන්නට ගලහා නගරය දක්වා දිවෙන කඳු පන්තියක් වේ නම් ඒ අනෙකක් නොව හන්තාන කඳුවැටියයි. හන්තාන පරිසර පද්ධතිය ගඟවට, පාතහේවාහැට, උඩ පලාත , දෙල්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් මහවැලි ගඟේ  ඉතාම වැදගත් ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසින් මුහුදු  මට්ටමේ සිට 1240 ක්  පමණ උසකින් වන්නට මෙම කඳුවැටිය පිහිටා ඇත. කඳුවැටිය හරහා ගලා බසින ගැර`ඩි ඔය, මහ ඔය, දොඩම් ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතුගංඟා රැසකට ජලය ලබා දේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්…

Read More
comman කාලීන 

රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද ?

ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වූ කලී නම මතක් වූ පමණින් ඈනුමක් සමග නිදිමතක් පැමිණෙන මාතෘකාවකි. තවද රාජ්‍ය ආයතන යැයි කියූ පමණින් බහුතරයක් දෙනාගේ මනසට පැමිණෙනුයේ මැදිවිය ඉක්මවූ රකුසු, රෞද්‍ර, සහ කුසීත මුහුණුවලින් හෙබි උපන්දා සිට සිනාසීමට නොදත් කාර්ය මණ්ඩලයකි. එසේම යමෙකුට පහසුවෙන් රැකියාවක් කරගෙන නිදහසේ ජීවත්වීමට නම් රාජ්‍ය අංශයේ රැකියාවකට යායුතුය යන්න සමාජය තුළ තවම කිඳාබැස ඇති අදහසකි. සුළුතරයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙය නොවුණද බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙසේය. “රාජ්‍ය ආයතන යනු මහජන මුදලින් යැපෙන මහජනයාට සේවය කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින ආයතනයකි”. විශේෂයෙන්ම පරිපාලන අංශයේ ආයතන සෘජු ලෙසම රාජ්‍ය…

Read More
comman NEWS 

සතර බීජාක්ෂරයේ රූප කාව්‍ය – “ධ්වනි”

දෘශ්‍යකලා සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රාසාංගික කලා ශාස්ත්‍රවේදී (විශේෂ) අවසන් වසර විද්‍යාර්ථීන්ගේ “Choreography and Stage Performance” විෂයට අදාළ සජීවී, නිර්මාණාත්මක කලා අංගයක් ලෙස “ධ්වනි”  පසුගිය දා (ජුනි 07) කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණි. සතර බීජාක්ෂර වන තත්, දිත්, තොං, නං යන ශබ්ද නිෂ්පත්තියේ රඟ සොභාව විදහා දැක්වූ මෙම අවස්ථාවට මානව විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක, දෘශ්‍යකලා සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රධානී ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ, නර්තනාචාරිණි උපුලී පණිභාරත, නර්තනාචාර්ය නුවන් ප්‍රියංග, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකාද සිල්වා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථින් රැසක් සහභාගී විය.  

Read More
comman NEWS 

“ජාතික පුනරුදය හා ආගමික ප්‍රකාශන” මැයෙන් සම්මන්ත්‍රණයක්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන “ජාතික පුනරුදය හා ආගමික ප්‍රකාශන” මැයෙන් වූ සම්මන්ත්‍රණය පසුගිය දා (ජුනි 06) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි. මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි. මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ලංකා…

Read More
comman NEWS 

මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ එක් දින වැඩමුළුවක්

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ශාස්ත්‍රවේදී (විශේෂ) විද්‍යාර්ථීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ එක් දින වැඩමුළුවක් පසුගිය දා (ජූනි 07) වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨ නව ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි දී ව්‍යවසායකත්වය පිළිබඳ දේශනයක් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය D.M සේමසිංහ මහතා පැවැත්වූ අතර මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ දේශනයක් MTV, MBC මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ අසෝක ඩයස් මහතා පැවැත්විය. මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මාපා තිලකරත්න, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස ඇතුළු ආචාර්ය මණ්ඩලය හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය…

Read More