web analytics
comman සංවාද 

‘‘තමන් ලද නිදහස වගකීමකින් තොරව, සමාජයේ ආරවුල් හා ගැටලු ඇති වන අයුරින් භුක්ති විදිනවා නම් එය අගය කළ නොහැකියි. ’’ – මහාචාර්ය මාපා තිලකරත්න. අංශාධිපති, ජන සන්නිවේදන අධ්‍යයන අංශය

  ‘මාධ්‍ය නිදහස’ යන්න සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයේ ම  සාකච්ඡාවට බඳුන්වන්නා වූ කාලීන ප්‍රස්තුතයකි. මැයි මස 03 දිනට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය දිනය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න මහතා සමඟ පැවැත්වූ සංවාදය මෙසේ සටහන් කරමු. ජාතික වශයෙන් මාධ්‍ය නිදහස සැමරීම දිනයකට සීමා කරගැනීම පිළිබඳ ඔබතුමාගේ  අදහස කුමක්ද? ජාතික වශයෙන් මාධ්‍ය නිදහස සැමරීම දිනයකට සීමා කරගැනීම කියන කාරණය බලනකොට ලෝකයේ බොහෝ රටවල ඊට විශේෂිතව සහ ජාත්‍යන්තරව සමහර කාරණා සම්බන්ධව දින වෙන්කරලා තියෙනවා. ජනමාධ්‍ය නිදහස කියන කාරණය පිළිබඳව දිනයක් වෙන්කිරීම විවිධ හේතූන් මත සිදුවූවත් මම හිතන්නෙ ජනමාධ්‍ය නිදහස දිනයකට…

Read More
comman සංවාද 

‘‘හොඳ තීරු ලිපි රචකයෙක් වෙනවා නම් ඔහුට සමාජය පිළිබඳ නිවැරදි දෘෂ්ටියක් තිබිය යුතුයි. එවිට ඔහුට පුළුවන් සංවේදී මනසක් ඇති කරගන්න.’’ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර

සාහිත්‍යවේදි සහ ප‍්‍රවීණ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා පුවත්පත් විශේෂාංග රචකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයකු, නවකතාකරුවකු ලෙසින් අද්‍යතනයේ ගෞරවයට පත් සුවිශේෂී පුද්ගලයෙකි. බාලේ පටන් නන්විධ පුවත්පත්හි ලේඛන කටයුතුවල යෙදුණු මෙතුමන් ‘මනස් සිතුවිලි, සම්භාෂා, ගමේ විත්ති, බණ්ඩාගේ වාක්‍ය’ ආදී  තීරු ලිපි රචනා කළ අතර පසුගිය වසරේ ප‍්‍රකාශයට පත් කළ රිදී දිය රැළි බිඳී කාව්‍ය ග‍්‍රන්ථය ඔහුගේ පස්වන කාව්‍ය කෘතියයි. කිසිවකු විචාරයකට ඉදිරිපත් නොවූ කල සුගතපාල ද සිල්වා මහතාගේ  අමුතු ඉලන්දාරියා කෘතියට ‘අමුතු ඉලන්දාරියා  සහ සාහිත්‍ය විචාර චින්තාවලී’ නමින් විචාර කෘතියක් රචනා කරන්නේ විචාර සාහිත්‍යට නව අරුත් එක් කරමිනි. එතුමන් සිය සාහිත්‍ය නිර්මාණ පිළිබඳ…

Read More
comman සංවාද 

ජීවිතයට බොහෝ වටිනාකම් ප‍්‍රමාණයක් හිමි වූයේ ක‍්‍රීඩාවේ නිරතවීම නිසයි. – බැඩ්මින්ටන් ක්‍රීඩිකා අචිනි රත්නසිරි-

කැලණිය විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනික අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වර්ණ ප‍්‍රදානෝත්සවය නිමාවට පත් වූයේ පසුගිය දෙසැම්බර් 23 වන දිනයි. බැඩ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලාංකික ශ්‍රේණිගත කිරීම් හි යුගල අංශයේ දෙවන ස්ථානයත් කේවල අංශයහි සිව්වන ස්ථානයත් ලෝක ශ්‍රේණිගත කිරීම් හි 219 ස්ථානයත් හිමිකර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර අධ්‍යයන ශාස්ත්‍රවේදී විශේෂ (දෙවන වසර) උපාධි පාඨමාලාව හදාරන අචිනි රත්නසිරි සමත් විය. මෙවැනි දක්ෂතා නිසාම ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය මගින් පවත්වන්නට යෙදුනු වර්ණ ප‍්‍රදානෝත්සවයේ දී  වසරේ දක්ෂතම ක‍්‍රීඩිකාව බවට පත්වූයේ ද ඇයයි. එපමණක් නොව බැඞ්මින්ටන් ක‍්‍රීඩාව තුළින්…

Read More
comman සංවාද 

ශ්‍රී ලංකාවේ හරිත සංකල්පය ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය මුල් තැනට

ශ්‍රී ලංකාවේ හරිත සංකල්පය ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය මුල් තැනට පත්විය. කැලණිය විශ්වවිද්‍යාලයට මෙලෙස ඉදිරියට ඒමට  කටයුතු සැලසුණේ 2014 දෙසැම්බර් මස සිට හරිත විශ්වවිද්‍යාලයක් බවට පත් වූ පසුවය. රටවල් 74 ක් සමඟ හරිත විශ්වවිද්‍යාල ලෙස ඉහළ පෙළට ඒමට තරඟ කළ කැලණිය විශ්වවිද්‍යාලය, ලොව 253 වන ස්ථානයත් ලංකාවේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනීමට සමත් විය. මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති විද්‍යා පීඨ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ආචාර්ය යූ.පී.කේ.ඈපා මහතා දැක්වූ අදහස් මෙසේ දක්වමු. කැලණිය විශ්වවිද්‍යාලය හරිත විශ්වවිද්‍යාලයක් වුණේ කොහොමද? කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද…

Read More
comman සංවාද 

මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයෙන් පළමු තැනට පත් කිරීම මාගේ අරමුණයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර උපකුලපති, කැලණිය විශ්වවිද්‍යාලය

‘‘මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයෙන් පළමු තැනට පත් කිරීම මගේ අරමුණ’’ බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසී ය. එතුමා මෙම අදහස් පළ කළේ සමාජීය විද්‍යා පීඨයේ සමාජීය විද්‍යා පර්යේෂණ කේන්ද්‍රය මගින් දෙසැම්බර් මස 30 දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයින්ගේ දෙවන ජාතික පර්යේෂණ පරිසංවාදයේ සමාරම්භක උලෙළට සහභාගී වෙමිනි. තවදුරටත් අදහස් දැක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසී ය. ‘‘මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයෙන් පළමු තැනට පත් කිරීම වගේ…

Read More
comman සංවාද 

‘‘වර්තමානය වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නිර්මාණකරණයේ යෙදීමට නොවේ විභාග සමත් වීමටයි වැඩි උනන්දුවක් දක්වන්නේ.’’ මහාචාර්ය ජිනදාස දනන්සූරිය

සිංහල සාහිත්‍යය ක්ෂේත‍්‍රය සඳහා ‘ජනශ‍්‍රැති අධ්‍යයන, සම්ප‍්‍රදාය හා සංස්කෘතික හර, කවිකාරමඩුව සහ කාව්‍යක්කාරයෝ සහ කෙටිකථාකරණය’ ආදී ග‍්‍රන්ථ ඇතුළුව තවත් කෘති රැසක් ද ‘හිරකරුවා බැහැ දැක්කෙමු’ ,‘ඉතාලි ජනකතා’ යනාදි කෘති ඇතුළුව පරිවර්තන කෘති රැසක් ද දායාද කරමින් අපරිමිත සේවාවක් සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා සමඟ කළ සංවාදයක් මෙසේ සටහන් කරමු. නිර්මාණකරුවා කියන්නේ කවුද? නිර්මාණකරුවාට නිර්මාණකරණයේ යෙදීමට විශේෂ හැකියාවක් තිබිය යුතුයි. ඔහු හෝ ඇය සංවේදී පුද්ගල චරිතයක් විය යුතුයි. එහෙම නැති අයට නිර්මාණකරණයේ යෙදෙන්න බෑ. නවකතා කලාව නාට්‍ය කලාව කෙටිකතා කලාව ඉතාමත් යහපත් අන්දමින් හදාරලා තියෙන්න…

Read More
comman සංවාද 

“සංජනනී 2016”

සන්නිවේදනය යන්න මුළුමහත් මානව ප්‍රජවටම අත්‍යවශ්‍ය සාධකයක් බැවින් සන්නිවේදන විෂය අතිශය පුළුල් නව භාවිතයන්යෙන් පූර්ණ කිරීමත්, ඒ පිළිබඳව දැනුවත් කිරීමත් ප්‍රධන අරමුණ කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශය සහ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන  “සංජනනී 2016” මාධ්‍ය උළෙල මෙවරත් දෙසැම්බර් 6,7,8,9 දින පුරා පැවැත්වීමට නියමිතය.ඒ පිළිබඳවත් සංජනනී මාධ්‍ය උළෙලේ ඉතිහාසය පිළිබඳවත් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්නයන් සමඟ කළ සංවාදය මෙසේ සටහන් කරමු.   සංජනනී මාධ්‍ය උළෙල ආරම්භ වුණේ කොහොමද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ශිෂ්‍යයන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම…

Read More
comman සංවාද 

Colours Night

විශ්වවිද්‍යාලයට අවතීර්ණ වන 8000ක් පමණ විද්‍යාර්ථීන් අතරින් කිසියම් ක‍්‍රීඩාවක් කරනු ලබන සමස්ත ප‍්‍රමාණය වන්නේ 700 – 900ත් අතර පිරිසකි. එයිනුත් වර්ණ ප්‍රදායනයන් සදහා සුදුසුකම් ලබන්නේ 200 – 250ක ප‍්‍රමාණයකි. විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන අනුගත කිරීමේ වැඩසටහන එසේත් නැතිනම් orientation Programme  තුළදී ද විශ්වවිද්‍යාල වර්ණ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ දැනුවත් කරනු ලබයි. නමුත් තරගකාරි අධ්‍යාපන රටාවකට හුරුව විශ්වවිද්‍යාලයට ප‍්‍රවිශ්ට වන විද්‍යාර්ථියා එම තරගකාරී අධ්‍යාපන ක‍්‍රමයම අනුගමනය කිරීමට බොහෝ විට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකිය.  ඒ පසුපස දිවයන විද්‍යාර්ථීන්ට වුව ද එක සේ වැදගත් වන අංශයක් ලෙස විශ්වවිද්‍යාල…

Read More
comman සංවාද 

පරිසරය නසන පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් වැළකීමේ පියවර ඔබෙන් අරඹන්න.

මානව පැවැත්ම හා පරිසරය එකිනෙක වෙන් කළ නොහැකි සාධක දෙකකි. ඒ පරිසරයෙන් තොරව මානව පැවැත්මක් හෝ මානව පැවැත්මෙන් තොරව පරිසරක් පිළිබද සාකච්ඡා කළ නොහැකි බැවිනි. නමුත් අද අපට මානව පැවැත්ම පිළිබද නොයෙක් අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ පරිසරයෙන් තොරව මිනිස් පැවැත්ම පිළිබද පමණක් සිතා සිදු කළ ක්‍රියාකාරකම් හේතුවෙනි. මානව ක්‍රියාකාරකම් ඉදිරියේ ස්වාභාවික සම්පත් විනාශ වී යාම නිසා ජීවි අජීවි සියල්ල සමතුලිත කළ සොබා දහමේ පැවැත්ම ද විෂම වෙමින් පවතියි. මෙම ලිපිය කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ හා හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ….

Read More
comman සංවාද 

හරිත සංකල්පයේ සාර්ථකත්වයට උද්‍යාන අංශයෙන් ලබා දෙන්නේ මහත් සහයෝගයක්. උද්‍යාන සංරක්ෂක එන්. එම් අරුණ ශාන්ත මහතා

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධති අතරින් පළමු වන හරිත විශ්වවිද්‍යාලය වශයෙන් ගෞරවයට පාත‍්‍ර වී තිබෙන කැලණිය විශ්වවිද්‍යාලයේ පරිසර හිතකාමී වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන්  උද්‍යාන පාලන අංශයට මහත් කාර්යය භාරයක් පැවැරී තිබේ. විශ්වවිද්‍යාලයේ පවතින ස්වභාවික වටපිටාව නඩත්තු කරමින් හරිත සංකල්පය කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙන උද්‍යාන පාලන සහ උද්‍යාන අලංකරණ අංශය වර්තමානයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. මෙම සටහන කැලණිය විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාලන අංශයේ උද්‍යාන සංරක්ෂක එන්. එම් අරුණ ශාන්ත මහතා සමඟ කළ සංවාදයකි. ඇත්තටම උද්‍යාන අලංකරණ අංශයෙන් සිදු කරනු ලබන කාර්යභාරය මොකක්ද? උද්‍යාන පාලන අංශයෙන් සිදු කරනු ලබන මූලිකම කාර්යභාරය වන්නේ…

Read More