web analytics
You are here
comman සංවාද 

ශබ්දයෙන් ඇඳීමේ කලාව (Sound Design)

ශබ්ද නිර්මාණකරණය (Sound Design& අද කාලීන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ ශබ්ද නිර්මාණකරණය උපයෝගී කරගනිමින් සිදුකොට ඇති නිර්මාණ වඩා වැඩි ජනප‍්‍රියත්වයක් උසුලන නිර්මාණ බවට පත් වී ඇත. විශේෂයෙන් අද වන විට තරුණ පරම්පරාවේ ඉහළ ආකර්ෂණයක් Sound Design කෙරෙහි යොමු වෙමින් පවතිනවා. තාක්ෂණික උපාංග භාවිත කරමින්  නිර්මාණයට අවැසි සියලූම ආකාරයේ නිර්මාණාත්මක හැඩතල සපයන්නට හැකි වීම මෙහි විශේෂත්වයකි. නමුත් කාගෙත් උනන්දුවට සහ අවධානයට  ලක් වී ඇති මෙම ශබ්ද නිර්මාණකරණය ලංකාවේ තාමත් ප‍්‍රාරම්භක අවදියේ පසුවන බවක් දැක ගත හැකිය. ශබ්ද නිර්මාණකරණය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ…

Read More
comman සංවාද 

‘දහස් ගණන් වැන්දඹුවෝ’ වේදිකා නාට්‍ය

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය සංජීව ගුණරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ දහස් ගණන් වැන්දඹුවෝ වේදිකා නාට්‍ය ඔක්තෝබර් 20 වන දින ප.ව. 3.30 සහ 6.30 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී  වේදිකාගත කෙරේ. මෙම නාට්‍ය පිළිබඳ කථිකාචාර්ය සංජීව ගුණරත්න මහතා සමග සිදු කළ සංවාද සටහන මෙසේ දක්වමු. ‘දහස් ගණන් වැන්දඹුවෝ’ නාට්‍ය නිර්මාණය කිරීමේ පසුබිම මොන වගේ ද? දේශපාලන සන්දර්භයක් තුළින් බිහි වූ මෙම නාට්‍යයේ  මුල් කෘතිය ඇමරිකානු නාට්‍ය රචක එරියල් ඩෝර්ෆ්මාන් විසින් රචිත Widows කෘතියයි. 1970 දශකයේ දී චිලී දේශයේ සරුසාර කෙත්වතු වල ජීවත් වූ පාරම්පරික ගොවි ජනතාව…

Read More
comman සංවාද 

කැලණිය විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කෙරේ.

ස්වාභාවික සම්පත් සුරක්ෂිත කරමින් මානව පැවැත්ම සදහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය අරමුණන් හරිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් හඳුන්වා දෙනු ලැබිණි. විශ්වවිද්‍යාලයීය මට්ටමින් පමණක් නොව ජාතික වැදගත්කමක් සහිත මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී පරිසර හිතකාමී පියවර රැසක් කැලණිය විශ්වවිද්‍යාලය මගින් හදුන්වා දී තිබේ. මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වීමත් සමග විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර වැදගත් එකක් වන්නේ විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමයි. මේ පිළිබද විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ හා හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා සමග සිදුකළ…

Read More
comman සංවාද 

කවියක් කියන්නේ වාර්තාක් නොවේ. කාව්‍ය නිර්මාණයක් මගින් සහෘදයාගේ දෙසවන, හදවත ඔස්සේ බුද්ධිය සොයා යා යුතුයි. -මහාචාර්ය දර්ශන රත්නායක – නැණසිළුමිණ නම් උමංදානන්දය

පනස් නව වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එහි දී මහාචාර්ය දර්ශන රත්නායක මහතා විසින් රචිත “නැණසිළුමිණ නම් උමංදානන්දය” කෘතිය වෙනුවෙන් හොඳම පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමිවිය. වර්ෂ 2005 දී  එතුමන් විසින් රචින් ‘දූත ගීතය’ වෙනුවෙන් ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ අතර එතුමන්ගේ ‘කල්පලතා’ කෘතිය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාහිත්‍ය සම්මානය හිමි විය. මීට අමතරව ‘බව රෑ කෙලෙස් සද’, ‘මහනුවර චිත්‍ර සම්ප්‍රදාය හා සමාජය’, ‘සද්ධර්ම රත්නාවලිය (ප්‍රබන්ධමාලා)’, ‘බුත්සරණ (අමෘත චෂක)’, හා ‘කව්සිළුමිණ (6,10,11,12)’ ආදී කෘති…

Read More
comman සංවාද 

මම පේ‍්‍රක්‍ෂකාගාරය වෙනුවෙන් මගේ වගකීම ඉටුකළා. දැන් තියෙන්නේ පේ‍්‍රක්‍ෂකාගාරයේ යුතුකම ඉටුකරන කාලයයි. -සමීර නා ඔටුන්න-

මේ දිනවල අපේ රටේ සිනමාව ප්‍රබෝධමත් ගතියක් පෙන්නුම් කරනවා. බලන බලන හැම පැත්තෙන්ම කුමක් හෝ විශේෂත්වයක් තියෙන චිත්‍රපට තිරගත වෙනවා. ඒ අතර ගොඩක් අය කතා වෙන ෆිල්ම් එකක් ලෙස ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය පෙන්වා දිය හැකි ය. ඇත්තටම මොකක්ද මේ මෝටර් බයිසිකල් කියන්නෙ. දෙස් විදෙස් සම්මාන උළෙලවල් රැසක දී සම්මානයට පාත‍්‍ර වුණු ‘මෝටර් බයිසිකල්’ ටිකක් වෙනස් විදිහෙ සිනමා කෘතියක් කියල තමයි ගොඩක් අයගෙ අදහස. සමනලී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා එක්ක දසුන් පතිරණ ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ සමීර නාඔටුන්න මහතා විසින්. මේ සිනමාවට අලුත් අධ්‍යක්‍ෂකවරයෙකු වූ ඔහුගේ පළමු සිනමා කෘතිය…

Read More
comman සංවාද 

පාරිසරික හානි අවම කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයෙන් නව ක්‍රියාකාරකම් රැසක්..

කැලණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් ප‍්‍රථම සහ එකම හරිත විශ්වවිද්‍යාලය කියල අපි ඔබට කියන්නෙ හරිම ආඩම්බරයෙන්’ මීට කලින් අවස්ථා කිහිපයකදීම අපි ඔබව හරිත සංකල්පය ගැන දැනුම්වත් කළා. කැලණිය විශ්වවිද්‍යාලීය හරිත ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණවල නියැලෙන්නන් විසින් අලුත් හදුන්වා දීම කිහිපයක් ම සිදුකර තිබෙනවා. මෙම වැඩසටහන් පිළිබඳව විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යාව හා පාරිසරික කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය යූ.පී.කේ ඈපා මහතා සමඟ සිදු කළ සංවාදය මෙසේ සටහන් කරමු. හරිත සංකල්පයේ ආරම්භ ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය මොනවගේද? කැලණිය විශ්වවිද්‍යාලයේ 2014-12-14 වන දින ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් ප‍්‍රථම වරට පරිසර ප‍්‍රතිපත්තියක් පිළිඅරගෙන ශ්‍රී ලංකා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ…

Read More
comman සංවාද 

මීලග අධ්‍යයන වර්ෂයේ ගෘහස්ථ ක‍්‍රීඩාගාරය සිසු අයිතියට…

කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය ඉදිකිරීම පිළිබද සෑම දෙනාගේම ඇත්තේ ඉමහත් බලාපොරොත්තු රැසක්. අලූතින්ම ඉදිවන ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ වැඩ කටයුතු ලහි ලහියේ සිදුවෙනවා. කවුරුත් බලාගෙන ඉන්නෙ අලූත් ක‍්‍රීඩා ගාරයේ ඉක්මනින්ම වැඩ අවසන් කරලා මුලින්ම සෙල්ලම් කරන ඒ ඓතිහාසික අවස්ථාවේ හවුල්කාරයන් වෙන්න. මීට කලිනුත් අපි මේ අභිනවයෙන් ඉදිවන ක‍්‍රීඩාගාරයේ වැඩකටයුතු පිළිබඳව ඔබව දැනුම්වත් කළා. ඒ වුනත් එහි පවතින වර්තමාන තත්ත්වය ගැනත් දැනගන්න ගොඩක් අය කැමැත්තෙන් ඉන්නෙ. ඒ නිසාම අපි ඒ සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උපදේශකතුමන් ලෙස කටයුතු කරනු ලබන විද්‍යා පීඨයේ පර්යේෂණ සේවා ආයතනයේ සහ ක්‍රීඩා උපදේශන සභාවේ සභාපති භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්….

Read More
comman සංවාද 

ප‍්‍රශ්න පත‍්‍රය සාර්ථකව ලිවිය යුත්තේ කෙසේ ද?

මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න බහුතර විද්‍යාර්ථින්ගෙන් ඔබ අකමැතිම වචනය කුමක්ද යැයි ප‍්‍රශ්නයක් ඇසුවහොත් ඊට නිතැතින් ලැබෙන පිළිතුර ලෙස ” Exam” යන්න පෙන්වා දෙන්න පුළුවන්. විභාගයට අකමැති වුවත් එයට නොවරදවාම සහභාගී විය යුතුයි. අප විභාගයට ඇති අකැමැත්ත කැමැත්ත බවට පත්කරගෙන විභාගයේ දී පිළිතුරු ලිවීමට පෙර ‘ප්‍රශ්නය’ තේරුම් ගන්නා ආකාරය පිළිබඳ පසුගිය දා ඔබට පෙන්වා දුන්නා. කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඒ. ජී අමරසිංහ මහතා සමග සිදු කළ එම සංවාදයේ දෙවන කොටස මෙසේ දක්වමු. ප‍්‍රශ්න පත‍්‍රය සාර්ථකව ලිවිය යුත්තේ කෙසේ ද? ප‍්‍රශ්න පත‍්‍රය මගින් අසන ප‍්‍රශ්න වෙනුවෙනු පිළිතුරු…

Read More
comman සංවාද 

Slug තරඟාවලියේ ශූරතාවය ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විදෙස් තරඟාවලි සඳහා විශ්වවිද්‍යාලය මගින් අරමුදල් සම්පාදනය කරනවා…පීඨයේ පර්යේෂණ සේවා අයතනය් සහ ක‍්‍රීඩා උපදේශන සභාවේ සභාපති භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. ආර්. ඞී කාලිංග මුදලි මහතා

අපේ ජීවිතවලට වගේ ම විශ්වවිද්‍යාලයටත් වසන්තය එළඹෙන කාලසීමාවක් ළග ළග ම එනවා. කෙනෙක්ට ඒක විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි මේ උදාවෙලා තියෙන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා වසන්තය. එහෙමත් නැතිනම් අපේ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො දිවා ? නොබලා දරන මහන්සියේ මල් නෙලන කාලය. අපි මේ කතා කරන්නෙ ශ්‍රී ලංකා යුනිවර්සිටි ගේම් Slug ගැන. අධ්‍යන වර්ෂය අවසානයේ විභාග කටයුතුත් එක්ක සිසුන් මොනතරම් කාර්යබහුල වුනත් මේ තරඟාවලිය තුළ සුවිශේෂී ජයග‍්‍රහණ රැසක්ම ලබාගන්න කැලණියේ ක‍්‍රිඩා වීරයන්ට හැකියාව ලැබුණා. ඒ පිළිබද විද්‍යා පීඨයේ පර්යේෂණ සේවා අයතනය් සහ ක‍්‍රීඩා උපදේශන සභාවේ සභාපති  භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය…

Read More
comman සංවාද 

විභාගයේ දී පිළිතුරු ලිවීමට පෙර ‘ප්‍රශ්නය’ තේරුම් ගන්නේ මෙහෙමයි.

මේ දවස් වල කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න බහුතර විද්‍යාර්ථින්ගෙන් ඔබ අකමැතිම වචනය කුමක්ද යැයි ප‍්‍රශ්නයක් ඇසුවහොත් ඊට නිතැතින් ලැබෙන පිළිතුර ලෙස ” Exam” යන්න පෙන්වා දෙන්න පුළුවන්. විභාගයට අකමැති වුවත් එයට නොවරදවාම සහභාගී විය යුතුයි. ඉතින් අකැමැත්ත කැමැත්ත බවට පත්කරගෙන විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඒ. ජී අමරසිංහ මහතා සමග සිදුකළ සංවාදයේ සටහන මෙසේ දක්වමු.  විභාගයක් යනු කුමක්ද? එය පැවැත්වීමේ අරමුණ කුමක්ද? මූලික වශයෙන් විභාගය කියන්නෙ දැනුම පදනම් කරගත් දෙයක්. මෙහිදී දැනුම නැතිනම් knowledge  යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ දැන සිටීම වැදගත්….

Read More