web analytics
You are here
comman කාලීන 

රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද ?

ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වූ කලී නම මතක් වූ පමණින් ඈනුමක් සමග නිදිමතක් පැමිණෙන මාතෘකාවකි. තවද රාජ්‍ය ආයතන යැයි කියූ පමණින් බහුතරයක් දෙනාගේ මනසට පැමිණෙනුයේ මැදිවිය ඉක්මවූ රකුසු, රෞද්‍ර, සහ කුසීත මුහුණුවලින් හෙබි උපන්දා සිට සිනාසීමට නොදත් කාර්ය මණ්ඩලයකි. එසේම යමෙකුට පහසුවෙන් රැකියාවක් කරගෙන නිදහසේ ජීවත්වීමට නම් රාජ්‍ය අංශයේ රැකියාවකට යායුතුය යන්න සමාජය තුළ තවම කිඳාබැස ඇති අදහසකි. සුළුතරයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙය නොවුණද බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙසේය. “රාජ්‍ය ආයතන යනු මහජන මුදලින් යැපෙන මහජනයාට සේවය කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින ආයතනයකි”. විශේෂයෙන්ම පරිපාලන අංශයේ ආයතන සෘජු ලෙසම රාජ්‍ය…

Read More
comman කාලීන 

සමරමු පොසොන්

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අනුරාධපුරය හා මිහින්තලය ප්‍රධාන කොට ගෙන සමරනු ලබයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත් වූ ලක්දිවට අනුබුදු මිහිඳු හිමියන්ගේ වැඩමකිරීම මෙම පොහෝ දිනයේ විශේෂත්වය වේ. එය ලක්වාසී බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ විශේෂ වූ හේතුවක් නිසාවෙනි. එනම්, අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳගත් පසු තම අසල්වැසි රාජ්‍යයන්ට එම ධර්මය ව්‍යාප්ත කිරීම අරඹන ලදී. ක්‍රි.පු 250 දී පමණ පවත්වනු ලබන තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමයි. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ බැතිමතුන්ට අති උතුම් දිනයකි. මෙරටට ධර්ම ප්‍රදීපය දැල්වුන මොහොත සිහිපත්…

Read More
comman කාලීන 

යුද්ධයේ සෙවණැලි තවමත් අප අතර සැරිසරයි ද?

සුන්දර දුපතක් ලෙසින් ප්‍රකට ශ්‍රී ලංකාව කාගේත් සිත් දිනා ගත්තේ සුන්දරත්වයම නිසා නොවේ. සුන්දරත්වයට එහා ගිය වාණිජ වටිනාකම් හේතුවෙනි. මෙකී පදනම මත විදේශීය ආක්‍රමණවලින් අඩුපාඩුවක් නොවීය. වසර ගණනාවක් පුරා විදේශීය සූරාකෑම්වලින් පීඩනයට පත් වූ ජනතාව 1948 න් පසු නිදහස උරුම කර ගනියි. කෙමෙන් දේශජ තත්ත්වයට පත්වන බොහෝ කරුණු කාරණා අතරට ජාති බේදයකින් තොරව ජනතාව සම්මාදන් විය. ගත වූයේ කෙටි කාලෙකි. මහා බ්‍රිතාන්‍යයෙන් ගිලිහුණු මේ කුඩා භුමියේ හිමිකාරිත්වයේ ගැටලු මතු විය. ඊට විසදුම් සෙවීමේ වගකීම පාලකයන් සතුය. සියලු සාකච්ඡාවලින් අනතුරුව යුද්ධය සියල්ලටම විසදුම ලෙස තෝරා ගැනිණි. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් LTTE සංවිධානය යුද…

Read More
comman කාලීන 

විජයග්‍රහණයේ සැමරුම

විජයග්‍රහණයේ සතුට, සැමරුම බෙදා ගන්නා මෙවන් මොහොතක ඔබේ හද තුල රුව් දෙන්නේ සතුටද දුකද නැතහොත් කම්පාවද කනස්සල්ල ද කියා මා හට  හරියාකාරව නිගමනයකට ඒමට හැකියාවක් නොමැත. මන්ද මේ රංගනයේ ඔබේ භූමිකාව කුමක්ද යන්න මා නිශ්චිතව නොදන්නා හෙයිනි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇත. ඔබට අහිමි වුයේ ඔබේ පියා විය හැකිය. නැත්නම් ඔබේ සැමියා, ඔබේ පෙම්වතා ,ඔබේ පුතා ,ඔබේ සහෝදරයා ද විය හැකිය. නැත්නම් ඔබේ හොඳම මිතුරා ළඟම හිතවතා වීමටද පුළුවනි. ඔවුන් තම ජීවිතය කැප කලේ ඔබේ, මගේ,රටේ  ආරක්ෂාව වෙනුවෙන් නොවේද? අප රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඔබට, මට යහපත් අනාගතයක්…

Read More
comman කාලීන 

වෙස් පෙරළූ වෙසක්….?

අවුරුදු ඇවිත් ගිය ද තවමත් සම්පූර්ණයෙන් ම අවුරුදු සිරිය අප අතරින් නික්ම ගොස් නැති බවක් ඉඳහිට හෝ ඇසෙන කොහාගේ දුප්පත් ස්වරය අපට කියයි. අවුරුදුවලින් අනතුරු ව අප කවුරුත් සූදානම් වන්නේ වෙසක් සඳට අහසෙහි ඉඩකඩ සදන්නට ය. අවුරුදු පමණක් නොව  දැන් දැන් වෙසක් ද අමුතු ම ආකාරයක් ගෙන ඇති බව මේ දිනවල මගතොට ඇහෙන දකින දේ නිසා පැහැදිලි වන කරුණකි. එය ඇතැම් විටෙක කාලයේ හැටි වන්නට ද පුළුවන. කාලය වෙනස් නොකළේ  කුමක්දැයි අපි නොදනිමු. කවරක් නමුත් දැන් දැන් අමුතු අමුතු දේවල් හරි වේගයෙන් අප අතරට පැමිණ ඇත. මෙයට කලකට ඉහත දී…

Read More
comman කාලීන 

ආදරය කියන්නේ දකින දේම ද?

ගස් කොළන් චංචල ය. අලංකාර ය. වසත්සමය ළං වූ පසු ඒවායෙහි සුන්දරත්වය අතිශය චමත්කාර ය. මනනන්දනීය ය. හිරු එළයෙහි රුවගුණ ගසට වැලට උරාගෙන එතුළින් නව යොවුන් විය ලබා යොවුන් වියෙහිදී ඒවායෙහි සුගන්ධවත් බව මල් මකරන්දයන් ඔස්සේ දසන්තය ම සුවදවත් කරනුයේ අහංකාරකමකින් බිඳකුදු එයට මුසු නොකොට ය. ඒ සුවද මකරන්දයන්ගේ පහස ලබන්නට දසත විහිදුණු මල් බඹරුන් ආදරයෙන් ළං වනුයේ එහි වු වටිනා ම සම්පත වන පැණි උරා බී තම කුස පුරවාගෙන ආපසු නික්ම යාමට යි. රොන්සුණින් තැවරුණු මල්හි පැණිබිඳු සිඳී ගිය කල්හි එහි වටිනාකම අඩුවන බැව් නොරහසකි. සොබාදහම තුළ එවන් වූ…

Read More
comman කාලීන 

මව්වරුන්ගේ දිනය වෙනුවෙන්

    මැයි 14 කියන්නේ මව්වරුන් වෙනුවෙන් ජාත්‍යන්තරව වෙන් කර තිබෙන දිනයයි.මව්වරුන්  වෙනුවෙන් දිනයක් වෙන් කිරීමට අවශ්‍ය ද ? යන පැනය ඔබගෙන් ඇසුවොත් විවිධ ප්‍රතිචාර බලාපොරොත්තු වීමට පුළුවනි. දසමාසයක් කුස තුළ දරාගෙන බොහෝ කම්කටළු වේදනාවන් ඔස්සේ අපව මෙලොවට බිහිකරන්නට ඇය ගන්නා උත්සාහය සමාන කිරීමට ලොව මෙතෙක් කිසිදු දෙයක් බිහිවී නොමැත.එය එතරම් උත්තරීතර වූ කාර්යක් වීම ඊට හේතුවයි. කතාවට කියන්නේද “ අම්මා කියන්නේ කවුද  කියලා දැන ගන්නනම් අම්මා කෙනෙක් විය යුතුමයි” කියලයි. මන්ද  ඒ උත්තරීතර පදවියේ වටිනාකම බාහිරින් මැන බැලීමට නොහැකි නිසයි. දරුවෙකු මෙලොවට බිහි කලායින් පසුව තම දරුවන් කෙරෙහි ඇය…

Read More
comman කාලීන 

ජාත්‍යන්තර කම්කරු දිනය

මැයි පළමුවැනිදා එය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. මීට සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි.මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස‍්‍රයේදීය. ඒ වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලමිනි. කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය.හාම්පුතුන්ගේ දරදඬු පාලනයට විරුද්ධ වූ කම්කරු ජනතාව පෙළපාලි දැක් වූ නිසා ඔවුන්ගෙන් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූහ. මේ නිසා ආවේගයට පත්…

Read More
comman කාලීන 

මැයි දිනයේ අද කතාව

කම්කරු ජනතාව මැයි පළමුදා ඉතා උත්කර්ෂවත් අන්දමින් මැයි දිනය සමරනු ලැබේ. මැයි දිනය හෙවත් වැඩ කරන ජනතාවගේ දිනය ලෙස ද මෙය හඳුන්වයි. අද කම්කරුවන් වරප්‍රසාද විඳින්නේ අතීතයේ කම්කරුවන් හෙලූ ලේ දහඩිය කඳුළු වගුරුවමින් දිවි පරදුවට තබා අත් කර දුන් ජයග්‍රහණ නිසාවෙනි. ලෝක කම්කරු දිනයට වසර ගණනාවකට පෙර ලංකාවේ එය ආරම්භ කරන ලදී. ලොව  බොහෝ රටවල  කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. 1890 දී ඇමරිකාවේ චිලී රටේ හා කියුබාවේත් විශාල කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් පළමුවරට ලෝකයේ මැයි දිනය සමරනු ලැබේ. පැය අටක සේවා මුරය සඳහා අරගල කරමින් සිටියදි පොලිස් වෙඩි…

Read More
comman කාලීන 

බක් මහේ වගතුග

අප්‍රේල් මාසය හෙවක් බක් මාසය යනු සෞභාග්‍යයේ මාසයයි. එය ශ්‍රී ලංකාවාසී සියලු ජනයාගේ සතුට හා ප්‍රීතිය ගොඩනැගෙන සමයයි. කෘෂිකර්මාන්තය මුල් කරගෙන දිවි ගෙවන ගොවියෝ මහ කන්නයේ අස්වනු කපා, පාගා, ගෙට ගෙන යළි කුඹුරු වැපිරීම ආරම්භ කරන්නේ මේ කාලයේදීය. පරිසරය ගහකොළ, මල් ඵලවලින් බර වන්නේද, සිවුපා සතුන් හා විහඟුන් ඵල රස අරා බොමින් ප්‍රීති වන්නේද මේ සමයේදීය. කලක් නිහඬව සිටි කොවුලෝ අවුරුදු ප්‍රීතිය හඬ නගා පරිසරය පුරාවටම සන්නිවේදනය කරමින් අව්‍යාජ කෘෂි ජනතාව සමඟින් එක්ව බක් මස අස්වනු ලැබීමේ ප්‍රීතිය භුක්ති විඳීමට මුලපුරති. ඒ සමඟින් ලංකාවාසීහු නව අවුරුදු චාරිත්‍රවලට ද ඉඩහසර ලබා…

Read More