web analytics
You are here
comman ගවේෂණ 

පොසොන් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ හයවන මාසය වන ජුනි මාසය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ පොසොන් මස යනුවෙනි. පොසොන් මස ඇති සුවිශේෂීත්වය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම යි. දෙවන පෑතීස් නිරිඳු ඇතුළු හතළිස් දහසක් පිරිසකට චුල්ලහස්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම හා භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදු වූයේ ද පොසොන් පුන් පොහෝ දිනයක දීය. නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ඨ සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ පොසොන් පොහොය දින සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය. පොසොන් මස ඇති තවත්…

Read More
comman ගවේෂණ 

මානව භාෂාව

මානවයා සතු  වූ ඉන්ද්‍රිය ශක්තිය මෙන්ම  බුද්ධි ශක්තියේ මහිමයෙන් අනෙක් සතුන්ට නොමැති වූ  විශේෂ හැකියාවක් ලබා ගැනීමට මානවයා සමත් විය.එනම් භාෂා හැකියාවයි.පුද්ගලයෙක් සතු භාෂා හැකියාව මිනිසා අනෙක් සත්වයින්ගෙන් වෙන් කරනු ලැබූ ප්‍රධානතම සාධකය වුවා පමණක් නොව මානව සමාජයේ ඇති සන්නිවේදන ක්‍රම අතරින් ප්‍රබලම සන්නිවේදන උපකරණය බවට ද පත් විය.කිසියම් ජන සමාජයක් තම සන්නිවේදන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව නිර්මාණය කර ගත්  ශබ්ද , සංකේත සමුදය වන්නේ  භාෂාව  යි. මුලික වශයෙන්ම ඉන්ද්‍රිය සමුහයක් ක්‍රමානුකූලව චලනය කරමින් නිපදවන ශබ්දයන් ගෙන් සමන්විත වුවකි. මුඛ වාතය, පෝෂණ තන්තු, කණ්ඨක,දිව, තොල් ආදී…

Read More
comman ගවේෂණ 

මේ ආදරයයි මේ තරමට හිට් වුනේ ඇයි ?

මේ ආදරයයි නිසා ඉෂි අම්මයි රමන් බල්හායි ලංකාවේ ප්‍රේක්ෂකයෝ අතරේ කොයි තරම් ජනප්‍රිය වුනාද කියනවා නං, ඉෂිතා ලංකාවට ආපු වෙලාවේ මඟ දෙපස හිටපු සෙනඟෙන් ඒක ඔප්පු වෙනවා. මේ ආදරයයි කියන්නේ ඉන්දියාවේ “ස්ටාර් ප්ලස්” චැනල් එකේ යන පවුලේ කට්ටියටම හදපු රූපවාහිනී මාලා නාටකයක්. අපි මේ ආදරයයි කියලා බැලුවට මේකේ නම Yeh Hai Mohabbatein මේ වෙනකොට ඒක සෑහෙන්න සම්මාන ගාණක් අරන්, සෑහෙන නොමිනේෂන් එහෙමත් ලබාගෙන තියෙන්නේ. ඊටත් වඩා මිනිස්සු අතරේ මේක පුදුම ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඇත්තටම මේකේ ඉන්න අයත් කියනවා Yeh Hai Mohabbatein මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවෙ නැහැ කියලා. මේකේ රමන් බල්හා පන්ජාබි….

Read More
comman ගවේෂණ 

ශ‍්‍රී ලාංකේය සංවර්ධන රටාව හා හෙළ කලාව

කලාව යැයි මෙයයි කියා විවිධ නිර්වචන ඉදිරිපත් කළත් කලාව යනු කුමක්දැයි යන්න විග‍්‍රහ කිරීම නිර්වචනයකට සීමා කළ නොහැකිය. සංවේදී මනසකට කතා කළ හැකි හොඳම මාධ්‍යක් ලෙස කලාව ඇගයුම් කල හැකිය. මීට සියවසකට පෙර සිටම දියුණු වෙමින් පවතින රටක් ලෙස නම් කල ශ‍්‍රී ලංකාව 21 වන සියවස තුළද එනම් අදත් හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසමය. තවමත් දියුණු වෙමින් පවතින අනාගතය තුළද දියුණු වෙමින් පවතින රටක් වන ශ‍්‍රී ලංකාව නම් කෘතීම මන්දිරය තුළ එදා මෙදා තුර තිබූ හෙළයේ කලාවට අත්වන්නේ කුමන ඉරණමක්ද යන්න සිතා ගත නොහැකිය. කලාව කෙලෙස පෝෂණය වෙයිද? කලාවට…

Read More
comman ගවේෂණ 

ජනමාධ්‍ය සහ කාන්තාව

“වසන්තය කඳුළකි අකුරු නොදත් ඇයට” යන හයිකු කවියකින් මෙම ලිපිය ආරම්භ කරන්නට මා සිතා ගත්තේ මනාව ඔප්පුවන හෙයිනි. කාන්තාවට අත්ව තිබූ තත්වය ඉන් මනාව ඔප්පුවන හෙයිනි. කාන්තාවට අධ්‍යාපන අයිතිය පවා තහනම් වූ එවන් කාලයක සිට පැමිණි වර්තමානය තෙක් ආ දිගු ගමනේදී කාන්තාව අද වන විට ලොව ඉදිරියෙන්ම සිටින පාර්ශ්වයක් බවට පත් වී අවසන්. ඒ සඳහා වඩාත් පිටිවහලක් සපයනු ලැබුවේ ජනමාධ්‍යශ වයූහය තුළින් යැයි කිවහොත් නිවැරදියි. නමුත් අඩු වැඩි වශයෙන් ජනමාධ්‍ය ඒ සඳහා දායක වුවත් වර්තමානය වන විට කාන්තාව පිළිබඳ ජනමාධ්‍ය තුළින් මවන්නාවූ පරිසරය කාන්තාවගේ ප්‍රතිරූපය කෙරෙහි විවිධාකාරයෙන් බලපානු ලබයි. කාන්තාව,…

Read More
comman ගවේෂණ 

වෙසක් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ පස්වන මාසය වන මැයි මාසය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ වෙසක් මස යනුවෙනි. වෙසක් මස ඇති සුවිශේෂීත්වය වන්නේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත් වීම හා පිරිණිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය මෙම මාසයේ සිදුවීමයි. එසේම ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව සිටියදී දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේද වෙසක් පොහොය දිනයකදී ය. බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩමකොට කැලණිය ශ්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝදාය. සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශ්‍රී පාද ලාංජනය පිහිටුවීම, සොළොස්මස්ථාන නමින්…

Read More
comman ගවේෂණ 

Theories on Child Language Acquisition

Child language acquisition is both a creative and innate strategy which reveals the Psychological background of the Language. Innate hypothesis is the pre Knowledge of the language. Human beings have born with this ability of internalizing the first Language with the help of the Language Acquisition Device (LAD) children acquire the structural regularities of their mother  tongue (Li) from the environment. This happens in the critical period of the Language development which is identified as six months to three years.   Chomsky, The great linguist in the 21st century explained…

Read More
comman ගවේෂණ 

නුහුරු දේශයක නොසිතූ හමුවීම

ස්වර්ණභූමි ගුවන් තොටුපලට ගොඩ බෑම සඳහා සංඥා ලැබෙන තුරු තායිලන්ත ගුවනේ රවුමක් කැරකැවුනු අප ගමන් ගත් ගුවන් යානය අවසානයේ ගුවන් තොටුපලට ගොඩ බසින විට දහවල් 12 පමණ විය. මාත් මගේ යෙහෙළියත් ගමන් මළුත් රැගෙන ගුවන් තොටුපළේ විමසීම් කවුළුවක් අසල නතර වුයේ අප ගමනාන්තය වූ ‘පටායා’ නගරය බලා ගමන් ගන්නා බස් රථ නවත්වන ස්ථානය දැන ගැනීමටයි. අපට ලැබුනු උපදෙස් අනුව ගුවන් තොටුපලේ බිම් මහල වෙත ගිය අපට ටිකට් පත් මිල දී ගන්නා ස්ථානය පහසුවෙන් සොයාගත හැකිවිය. ටිකට් පත් දෙකක් මිළ දී ගත් අප දෙදෙනාට ඊළඟ බස් රථය පැමිණෙන තුරු පැය දෙකක…

Read More
comman ගවේෂණ 

ජයග්‍රහණයේ මාවත

අරමුණක් යනු ජීවිතයේ තවත් එක් අධිෂ්ඨානයකි. ඔබ අප සියලු දෙනා අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී ඇති කරගත් අරමුණු පෙරදැරිව ක්‍රියා කරයි. නමුත් බොහෝ පුද්ගලයන් එම අරමුණ කරා ළඟා  වීමට නොහැකිව පසුතැවෙයි. අරමුණ කරා ළඟා වීමට හැකි වූ සුළුතරයක් පිරිස ජයග්‍රාහකයින් ලෙසත්, අරමුණ කරා ඉක්මණින් ළඟා වීමට නොහැකි වූවන් පරාජිතයන් ලෙසත් හැඳින්වීමට සමාජය පෙළඹී සිටිති. නමුත් ස්ව අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම හා එම අරමුණ කරා සෙමෙන් ළංවීම ජයග්‍රහණයක් කොට සලකන්නේ ඉතා සුළු පිරිසක් පමණි. පෞරුෂත්වය පිරිපුන් පුද්ගලයෙකු ලෙස අප අපගේ අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම ම අප ලබන ජයග්‍රහණයකි. අරමුණ කරා යන ගමනේ…

Read More
comman ගවේෂණ 

ප්‍රශ්න එන්නේ ම ජීවිතය දිනවන්න…

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කියන්නේ කට කහනවාට නෙවෙයි. අපිට එකපාරටම පේනෙන්නෙ නැති දේවල් ගොඩක් හොඳට ඇස් ඇරලා බැලූවොත් හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්ත අයත් ජීවත්ව ඉන්නවා වගේම නොනවතින ගමනක ගිහින් ජීවිතය දිනපු අයත් මේ ලෝකේ ඉන්නවා. සරලවම කිවුවොත් ජීවිතය අපි හිතන තරම් ලේසියෙන් දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි උත්සහවන්ත බව වගේම වාසනා ගුණ මහිමය කියන දෙකටම පුළුවන් අපිව ඉහළටම අරන් යන්න. නිහඬ සිනමා යුගය අවදි කළ ඒ වගේ පුද්ගලයෙක් අපට හමුවෙනවා. අපි කතා කරමු ඔහු ගැන. දුප්පත්කම දෝතට අරගෙන ඉපදුණු චාලිගේ කුඩා කාලය අති දුෂ්කර විදිහට තමයි ගෙවෙන්නේ….

Read More