web analytics
You are here
comman ගවේෂණ 

පෙම්වතුන්ගේ මුනිවරයා

සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ පාලන කාලයේ රෝමයේ කතෝලික දෙව් මැදුරක ජීවත් වූ අයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වුයේ ය. එහෙත් මෙකළ රෝම අධිරාජ්‍යය පුරා මිත්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිරී ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොය තිබුණි. කිතු දහම ඇදහීම සරගත කිරීම, පිටුවහල් කිරීම, වහල් මෙහෙවරට පත් කිරීම, දේපළ රාජ සන්තක කිරීම හා වධ බන්ධනවලට ලක් කර මරණයට පති කිරීම යන දඩුවම්වලට හේතු සාධකයක් විය….

Read More
comman ගවේෂණ 

පිහිනීමට උපන් හපන් යුස්රා මර්දිනී ….

“සරණාගතයින් සාමාන්‍ය මිනිසුන්ය”’  -යුස්රා මර්දිනි- දේශ සීමා නොමැතිව තරඟ බිමට පැමිණි ඇය යුස්රා මර්දිනී (Yusra Mardini) ය. මැය ගැන හැමෝම කතා කරන්න පටන් ගන්නේ 2016 රියෝ ඔලිම්පික් තරඟ බිමට ආ ගමනත් සමඟයි. ඒත් ඒ වන විටත් ඇය සිය ජීවිතය නම් දිනා අවසන්. මුහුදු රළ සමඟ තරඟ වදිමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගත් යුස්රා මර්දිනි සැබැවින් ම තාරුණ්‍යයට ආදර්ශයක් වූ චරිතයක්. කාලයක් පුරා සිරියානු යුo ගැටුම් වලින් පීඩා විඳින සිය දහස් ගණනක් මිනිසුන් යුරෝපයට එන්න පටන් ගන්නවා. බෝම්බ ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වූ යුස්රා සහ ඇගේ නැගණිය සාරා, 2015 අගෝස්තු මාසයේ…

Read More
comman ගවේෂණ 

තෛයි-පොන්ගල්

තෛයි පොන්ගල් යන්න සෑම වර්ෂයක ම දුරුතු මස 14 හෝ 15 යන දෙදිනවලින් එක් දිනක තවත් අලුත් වර්ෂයක් සදහා සූර්ය භ‍්‍රමණය ආරම්භ වීමේ අවස්ථාව, අස්වැන්න සරු කිරීම උදෙසා සූර්ය දෙවියන්ට හා වර්ෂාවට, ගොවිතැන් කටයුතුවලට උපකාර කරන සතුන්ට ස්තූති කිරීම සදහා  සමරන උත්සවයයි. ‘තෛයි’ යනු දෙමළ භාෂාවෙන් දුරුතු මාසය හ`¥න්වන නමයි. ‘පොන්ගල්’ යන්න උත්සවය යන තේරුම ගෙන දෙයි.‘ග්රෙපගෝරියන්’ කැලැන්ඩරයට අනුව (Gregorian calendar) ජනවාරි මාසයේ 14 සිට 16  දක්වා යන දිනයන්හි ‘මාර්ගලි’ මාසය (දෙසැම්බර්) නිමවී තුන්වනුවට යෙදෙන සුබ දිනයේ සිට දින 4 ක් පුරාවට ඉන්දියානුවන්, මලයාසියානු ඉන්දියානුවන්, ඉන්දියානු ඇමරිකානුවන්, ශ‍්‍රී ලාංකීය දාවිඩයන්,…

Read More
comman ගවේෂණ 

දුරුතු මහේ වගතුග

ජනවාරි අවුරුදු උළෙලක් කරගත් පළමු ජාතිය රෝමවරුන්ය. ජනවාරි උළෙල අපේ ජන ජීවිතයට වැදගත් වන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටත් කර ගත්තාට පසුවය. ලංදේසි හා ඉංග්‍රීසි පාලන කාල වලදී එය සිංහල ජන ජීවිතයට වඩාත් නැඹුරු විය. දින දර්ශනයේ පළමු පෝය වන්නේ ජනවාරි මස යෙදෙන දුරුතු පෝයයි. බෞද්ධයන්ට දුරුතු පෝය ඉතා වැදගත් දිනයකි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ දුරුතු පෝයක වීම ඊට හේතුවයි. බුදුන් වහන්සේ ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිණිපේ නම් සරුසාර ගම් පියසේ මහා නාග වන නම් වූ උයනට වැඩ සවණක් බුදුරැස් විහිදුවමින් වැඩ සිටි බව සදහන් වේ. උන්වහන්සේගෙන්…

Read More
comman ගවේෂණ 

සිංහල ගීතයේ පුනරාගමනය

ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයකි. ගීතයක නාද මාධූර්ය කනට ඇසෙන මොහොතේ සිට ගීතයේ විචිත්‍රවත් බව රසිකයාගේ මනෝභාවයන් ප්‍රබෝධයට පත් කරයි. ඒ අයුරින් රසිකයා පිනවීමට හැකි ගීතය නිර්මාණකරණයෙහි අපූර්වතම වූ කලාංගයකි. සිංහල භාෂාවට අනුව ගී පද, ගේය පද, ලෙස හඳුන්වනු ලබන ගීත සාහිත්‍යය පද්‍ය රචකයන් විසින් ගීත බවට පත් කර සංගීතඥයන් විසින් ස්වර හසුරුවා තනුවක් නිර්මාණය කරනු ලබයි. කවියෙහි හා සංගීතයෙහි මුණ ගැසීම ඔස්සේ ගීතය නිර්මාණය වීමේ දී එහි කාව්‍ය රසය සැඟව යන අවස්ථා තිබුණද එදා ගීත රචකයන් කාව්‍ය රසයට වඩා අර්ථ රසයට මුල් තැන දෙන ලදී. සැබෑ කාව්‍ය රචකයාගේ වගකීම…

Read More
comman ගවේෂණ 

මිනිසා විසින් මිනිසා ගිලගැනීම….

සංස්කෘතිය වනාහි අත්‍යන්තයෙන්ම මිනිසා සමග බැඳී පවතින්නකි. මේ පිළිබඳ  එක් එක් සමාජයෙන් සමාජයට ලබාදෙන අර්ථකථනය වෙනස් වේ. මන්ද සංස්කෘතිය යනු එය බිහිකරගත් සමාජයට සාපේක්ෂ වුවකි.සංස්කෘතිය බිහි කරගන්නා ලද්දේ ද මිනිසා විසිනි.එය නෛතිකමය රාමුවෙන් බැහැරව  සමාජය  වඩාත් හොඳින් පාලනය කළ හැකි එකම ප‍්‍රපංචය වේ.සංස්කෘතිය යන විෂය පිළිබඳව ඇති පෞරාණික නිර්වචනය ඉදිරිපත් කළේ ඊ.බී.ටයිලර් නම් සමාජ මානව විද්‍යාඥයා ය .ඔහු විසින් වර්ෂ 1871 දී  රචනා කරන ලද කෘතියේදී  සංස්කෘතිය යනු දැනුම ,ඇදහිලි ,කලා,නීති,සදාචාර ,සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත්තා වු පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි ලෙස…

Read More
comman ගවේෂණ 

භාෂණය හා ලේඛනය අතර අද්විතීය ස්ථානය භාෂණයට හිමිවන්නේ කෙසේද?

භාෂාව වනාහි සන්නිවේදනය උදෙසා භාවිත වන  මෙවලම ලෙස හ`දුන්වා දිය හැක. භාෂාව ඉදිරිපත් කිරීම ස`දහා භාෂා සංඥා ^Language Signals& මූලික වේ. මානව භාෂාව සලකන කල භාෂා සංඥා ප‍්‍රධාන මාධ්‍ය දෙකක් ඔස්සේ ඉදිරිපත් කෙරේ. එම මාධ්‍ය ද්විත්වය භාෂණය ^Speech& සහ ලේඛනය ^Writing& යනුවෙන් හ`දුනාගත හැකි ය. භාෂණය හෙවත් කථනය ඉදිරිපත් කිරීමේදි භාෂණ ශබ්ද (Stich Sounds& මුල් වන අතර ලේඛනය ඉදිරිපත් වන්නේ අක්‍ෂර ^Letters& මාර්ගයෙනි. ලොව පවතින කිසිදු භාෂාවක භාෂණය හා ලේඛනය සියයට සියයක් සමාන නොවේ. එහෙත් සිංහල, දෙමළ, හින්දි වැනි ඇතැම් භාෂාවල  භාෂණය හා ලේඛනය අතර පවතින පරතරය ඉතා විශාල බව…

Read More
comman ගවේෂණ 

ඔබත් දියවැඩියාව ගැන දැනුවත් ද?

දියවැඩියාව බෝ නොවන රෝග අතරින් එකක් වන අතර වර්තමානය වන විට බහුලව දැකිය හැකි රෝගී තත්වයක්. දියවැඩියාව ඇති වෙන්නේ ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවීම අඩු වුණාම සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩු වුණාමයි. සාමාන්‍ය අයකුගේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේ දී 100mg අඩුවෙන් තිබිය යුතුය. එය 126mg ට වඩා වැඩි නම් දියවැඩියාව ලෙස හඳුනා ගන්නවා. අඩු වයස් සීමාවන්හි දියාවැඩියා රෝගීන් හඳුනාගැනීම අවම අතර වැඩිපුර ම දැකිය හැක්කේ වයස අවුරුදු 40ට වැඩි පිරිස්ය. බොහෝ දෙනෙක් දියවැඩියා රෝගය තමන්ට ඇති බව හඳුනාගන්නේ වෙනත් රෝග පරීක්ෂාවකදී ය. නිතර මූත්‍රා පිටවීම, අධික පිපාසය, මූත්‍රා ආසාදන, මූත්‍රා දැවිල්ල, ශරීරය…

Read More
comman ගවේෂණ 

ආකර්ෂණයෙන් ප්‍රචණ්ඩත්වය කරා..

නූතන මාධ්‍ය තුළ ග්‍රාහකයා ආකර්ෂණය කර ගැනීමට යොදාගනු ලබන ප්‍රබලම උපක්‍රමය වන්නේ  ලිංගිකත්වයයි. මෙම තත්ත්වය ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම් මෙන්ම නිවේදන නිවේදිකාවන්ගේ ඇඳුම් පැළඳුම් නිර්මාණයන් තුළින් ද දැකිය හැකිය. ජන සමාජයට හැඟීම් සංවර කරගෙන ජීවත් වීමට වඩා හැඟීම් උසිගැන්වීමට මාධ්‍ය විශාල මැදිහත්වීමක් කරයි. අනියම් ලිංගික සම්බන්ධතා සහ සරාගී ප්‍රේම ජවනිකා ජනමාධ්‍ය තුළ ඉදිරිපත් කරනු ලබන්නේ සැලසුම් සහගත ලෙසය. විලි වැසෙන ශ්‍රී ලාංකික ඇඳුම් වෙනුවට ශරීරයේ සියලු කොටස් වෙන් වෙන්ව හුවා දක්වන ඇඟට තදවුණු අඩනිරුවත් බටහිර කාන්තා ඇඳුම සංකීර්ණ සමාජය තුළ පතුරුවා හරින්නට රූපවාහිනි මාධ්‍ය ඉටුකළේ සුලුපටු මෙහෙවරක් නොවේ. එවන් ඇඳුම්…

Read More
comman ගවේෂණ 

දැන්වීම්කරුවාගේ සමාජ වගකීම

ජනසන්නිවේදන ක්‍රියාවලිය තුළ දැන්වීම්කරණය ප්‍රධාන අංගයක් වී තිබේ. ජනමාධ්‍යයන්හි පැවැත්ම වෙළෙඳ අනුග්‍රාහකත්වය මත රඳා පවතින බව යථාර්ථයකි. පුද්ගලික මාධ්‍ය මෙන්ම රාජ්‍ය මාධ්‍යයේද යථාර්ථය එයයි. ජනමාධ්‍යකරණයේ දී ග්‍රාහකයා තුළින් ආදායම් උපයන්නේ පුවත්පත් මාධ්‍ය පමණි. එයත් ඉතා සුළු වශයෙනි. ගුවන්විදුලිය හා රූපවාහිනිය මුළුමනින්ම නඩත්තු වන්නේ දැන්වීම් ආදායම් තුළිනි. නූතන මාධ්‍ය ක්‍රියාවලිය තුළ දැන්වීම් සන්නිවේදනය ප්‍රබල සන්නිවේදන භූමිකාවක් ඉටු කරන්නකි. සෙසු සංදේශ සම්පාදනයට වඩා දැන්වීම් සන්නිවේදකයා ඉහළ ආදායම් උපයන වෘත්තිකයෙකු බවට පත් වී තිබේ. රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් බලන විට විනාඩි 30 ක් පුරා විකාශනය වන ටෙලිනාට්‍ය කොටසක් සඳහා දරණ වියදමට වඩා කිහිප ගුණයක වියදමක් තත්ත්පර…

Read More