web analytics
You are here
comman කතුවැකිය 

තාරුණ්‍යයේ අපි

‘යොවුන් විය එසේත් නැත්නම් තාරුණ්‍ය ජීවිතයේ සුන්දර ම අවදිය කියලා බොහෝදෙනා පවසනවා. ශරීර ශක්තිය, ජවය රැදුණු මේ කාලය මහ දිග පළලක් තිබෙන කාලයක් නෙවෙයි කියා තවත් සමහරු පවසනවා. ළමා වියේ හා මැදි වියෙන් වට වී ඇති මේ කාලය ජීවිතයේ කෙටිම අවදිය ද වෙනවා. යොවුන් විය පිළිබද කියැවෙන විද්‍යාත්මක මිනුම් දඩු අනුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එය විවිධ අයුරින් අර්ථකථනය කර තිබෙනවා. දිගාසිරි විදින හැම අයෙකුම පසු කරන මේ කාලය සමාජයේ විවිධ බලවේග, ඔවුන්ගේ විවිධ අරමුණු සාධනය කරගැනීමට යොදා ගැනෙනවා. තාරුණ්‍ය යනු අලෙවි කිරීමට හැකි තේමාවක් නිසා අද අලෙවිකරණයේ තාරුණ්‍යයට ලබාදෙන්නේ…

Read More
comman කතුවැකිය 

සාර කෙතේ මල් පූදින සුයාමය

විද්‍යර්ථීන්ගේ ශාස්ත්‍රීය මෙන් ම නිර්මාණශීලී ලේඛන කුසලතා වර්ධනය කිරීමත් විචාරශීලී ග‍්‍රාහක සම්ප‍්‍රදායක් ගොඩනැංවීම මෙන් ම  නොක් ඊ පුවත්පතේ මූලික පරමාර්ථය යි. නිර්මාණශීලීත්වයෙන් හා විචාරශීලීත්වයෙන් තොරව ග‍්‍රාහක සමාජයකට දේශීයව හා ගෝලීයව පැන න`ගින සමාජ සංස්කෘතික අභියෝගවලට මුහුණු දීමට නොහැකි බව අපගේ විශ්වාසය යි. නූතන ලංකාවේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරකම් ඔස්සේ ග‍්‍රාහකයාට සිදුවන හිතකර අහිතකර බලපෑම වටහා දීමටත් අහිතකර බලපෑමෙන් ග‍්‍රාහකයා මුදවා ගැනීමටත් දැනට පවතින සමාජ සංවාදය ප‍්‍රමාණවත් නොවන බව අපගේ හැ`ගීමයි. ඒ අනුව මෙයින් දෘශ්‍යමාන වන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන් ම පොදු සමාජයේ ක‍්‍රියාත්මක ග‍්‍රාහක අධ්‍යාපන ව්‍යාපෘතිවල නොයෙකුත් කඩතොලූ පවත්නා බවයි. ග‍්‍රාහක අධ්‍යාපනයෙහි…

Read More
comman කතුවැකිය 

ඉගෙන ගන්න, වැඩ කරන්න. වැඩ කරන්න, ඉගෙන ගන්න.

කැලණිය විශ්වවිද්‍යාලය මේ දිනවල උත්සවශ්‍රීයෙන් නෙක විසිතුරු පාන්නී ය. බැලූ බැලූ හැම තැන විවිධ  ශිෂ්‍යයින්ගේ බාහිර  ක්‍රියාකාරකම් පිළිබඳ කියැවෙන පෝසටර් ය. කටවුට් ය. සවනත වැකෙන්නේ ද විද්‍යාර්ථීන් සංවිධානය කරන එවැනි වැඩසටහන් ගැන ය. කලු සුදු ඇදුමින් සැරසුණු විද්‍යාර්ථීන් Proposal අතැතිව නගරයෙන් නගරය, කඩදොරින් කඩදොර ඇවිද යන්නේ තමන් සංවිධානය කරන උත්සවයට  Sponsorship එකක් ලබාගැනීමේ අටියෙනි. තෙල් බැම්මේ ටිකට් පතේ සිට මඤ්ඤොක්කා ගොටුව දක්වා වූ අනේකවිද දෑ විකුණන හැම විද්‍යාර්ථියෙකු තම වැඩසටහන වෙනුවෙන් අරමුදල් තර කර ගැනීමට වෑයම් කරමින් සිටියි. විශ්වවිද්‍යාලයේ  සංවිධානය වන හැම බාහිර වැඩසටහනකට ම මුඛ්‍ය පරමාර්ථය වන්නේ විද්‍යාර්ථීන්ගේ විෂය…

Read More
comman කතුවැකිය 

මල් වවා, මල් නෙළමු.

‘‘මල් වෙනුවට වල් වපුරා මල් ම පැතූ උන් හැමදාමත් ඇවිද ගියේ අපේ මල් මතින්.” මේ මීට දශක එක හමාරකට පෙර නවක සිසුන් පිළිගැනීමේ අවස්ථාවක දී කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපස ප‍්‍රදර්ශනය කර තිබූ පුවරුවක සටහන් වූ වැකියකි. එවක දේශපාලනයේ නියැලුණු ශිෂ්‍ය ක‍්‍රියාකාරකයින් විසින් මේ පුවරුව ප‍්‍රදර්ශනය කර තිබුණි. වපුරන දේ අනුව අස්වැන්න ලැබීම ලෝක ධර්මතාවයකි. බුදුන් වහන්සේ මෙම ධර්මතාව මෙසේ පැහැදිලි කළ හ. ‘‘යා දිසං වපතේ බීජං-තාදිසං හරතේ ඵලං” මින් කියැවෙන්නේ ද තමා වගා කරන දේට අනුව අස්වැන්න ලැබෙන බවයි. ඒ අනුව කිසිවෙක් වී වැපුරුව හොත් ඔහුට වී අස්වැන්නක් නෙළගත හැකි ය….

Read More
comman කතුවැකිය 

භූමිකාව

යම් පුද්ගලයෙක් විවිධ අවස්ථාවලට අනුකූලව සැකසෙන ආකාරය භූමිකාව වශයෙන් හැදින්වේ. සමාජය යනු, භූමිකා රාශියක එකතුවකි. සමාජ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමෙහි ලා සමාජයක වෙසෙන ඒ ඒ පාර්ශවකරුවන්ගේ භූමිකාව මහෝපකාරී වේ. යම් සමාජ ආයතනයක් ස්වකීය භූමිකාව නිසි පරිදි ඉටු නො කිරීමෙන් සමාජ සමබරතාව බිඳවැටීමට පිළිවන. එහෙයින් අප නියෝජනය කරන සමාජ ස්ථර අනුව අපි අපේ භූමිකාව නිශ්චිතව සහ නිවැරදිව හඳුනා ගෙන ක්‍රියා කළ යුතු වෙමු. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද වැනි සූත්‍ර දේශනාවන්හි සමාජයේ වෙසෙන ඒ ඒ පුද්ගලයාගේ භූමිකාවන්හි ස්වභාවය පිළිබඳව විවරණය කළහ. එමෙන් ම චක්‍රවර්ති සීහනාද වැනි සූත්‍ර දේශනාවන්හි රටේ පාලකයන්ගේ භූමිකාව පිළිබඳව අවධාරණය කළහ….

Read More
comman කතුවැකිය 

මහා ප්‍රාඥයෙකුගේ නික්මයාම වෙනුවෙනි.

‘‘යං සදාචාර ශික්ෂණපූර්වකං ඡාත්‍රෙෂු  ජිතෙන්ද්‍රීයත්වං පොෂයති, ස ආචාර්යඃ’’ සදාචාරය සහ ශික්ෂණය සහිතව සිසුන් තුළ ඉදුරන් දිනීමේ හැකියාව යමෙක් පෝෂණය කරයි නම් ඔහු ‘ගුරුවරයා’ වේ. ඉහත පාඨය මාතෘකා කර ගනු ලැබුවේ මෙරට බිහි වූ සුවිශේෂී පර්යේෂකයෙක්, චින්තකයෙක්, ගුරුවරයෙක් ගැන යමක් ලියා තැබීමට යි. ඔහු නමින් ‘ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ’ නම් විය. මෙම ලියමන සැකසෙන විට පියදාස රණසිංහයන් අප හැර බොහෝ දුර ගොසිනි. සෑම ගුරුවරයෙක් ම සිසුවාගේ  ජීවිතය තුළ කුමක් හෝ ඉතිරි කර තැබීමට සමත් වේ. නමුත් රණසිංහ සර් අපගේ ජීවිත තුළ බොහෝ දේ ඉතුරු කිරීමට සමත් විය. ඒවා හැ`ගීම්” සිතුවිලි” දිරිගැන්වීම්”…

Read More
comman කතුවැකිය 

ඔබත් පිරුණු කළයක් ද?

අර්ධං ඝටං ඝොෂණ යෙච්ච ශබ්දං සම්පූර්ණ කුම්භං න කරොති ශබ්දං ප්‍රහීන විද්‍යා ප්‍රකරොති ගර්වං සම්පූර්ණ විද්‍යා න කරොති ගර්වම් අඩු කළයෙහි දිය චංචල වේ. පිරුණු කළයෙහි දිය චංචල නොවේ. එමෙන් ම හීන විද්‍යා (දැනුමෙන් පරිපූර්ණ නොවූ) සහිත ඇතැම්හු බොහෝ ගර්වයෙන්, මානයෙන් ක්‍රියා කරති. නමුත්, නුවණැති පණ්ඩිතයා ගර්ව රහිතව, මාන රහිතව කටයුතු කරයි. මේ ශ්ලෝකය මාතෘකා කොට ගත්තේ පූර්ණ දැනුමක් සහිත නුවණැති ඥානවන්ත පුද්ගලයා සහ අසම්පූර්ණ දැනුමක් සහිත අඥාන තැනැත්තා අතර පවත්නා වෙනස පිළිබදව පහදා දීමට යි. කිසි විටෙක හීන විද්‍යා සහිත අඥාන පුරුෂයා සමග සම නොවන පණ්ඩිතයා මානයෙන් ගර්වයෙන් උඩගු…

Read More
comman කතුවැකිය 

අං අල්ලා කිරි දෙවීම

අ`ග අල්ලා කිරි දොවන්න හැදුවත් නෑ කිරි ඉනුවේ තන අල්ලා අන්නවන්න හැදුවත් නෑ ඉන් දිනුවේ අනින්න අං දොවන්න තං මහබඹු වෙනම ලූ තැනුවේ කිමද සබ`ද අ`ග අල්ලා නොලැබෙන කිරකට හැ`ඩුවේ? මෙය මහාචාර්ය දර්ශන රත්නායකගේ කවි සංකල්පනාවකි. ඔබ සිටිනා තැන සිට නොසෙල්වි මේ කවිය කියවන්න. මෙහි මතුපිට අර්ථය ගැන නොව කවියා මතු කරන දාර්ශනික වූ විග්‍රහය හදුනාගැනීමට උත්සහ ගන්න. අප අං අල්ලා කිරි දෙවීමට යාම අද ඊයේ සිට සිදුකරන්නක් නොවේ. මෙය ලාංකිකයන් වන අපට නුහුරු නුපුරුදු දෙයක් ද නොවේ. රටේ පාලකයෝ අං අල්ලා කිරි දෙවීමට උත්සාහ ගනිති. ඔවුනට අං සහ තන්වල…

Read More
comman කතුවැකිය 

විශ්වවිද්‍යාලයක පරමාර්ථ

‘‘අනගාරික ධර්මපාලතුමන් පැවසූ පරිදි රටක අධ්‍යාපනය නිදහස් විය යුතු ය. කාර්මික හා තාක්‍ෂණික මූලධර්ම මත අධ්‍යාපනය සකස් විය යුතු ය. රටට අවශ්‍ය නායකයින් බිහි කරගැනීමට එම අධ්‍යාපන ක‍්‍රමවේදය ඔස්සේ හැකිවිය යුතු ය.’’ ධර්මපාලතුමාගේ මෙම දර්ශනය පදනම් කරගෙන සී.ඩබ්.ඩබ්. කන්නගර මැතිඳුන් මෙරට නිදහස් අධ්‍යාපන සංකල්පය ක‍්‍රියාවට නැංවීය. කන්නන්ගර මැතිතුමාගේ ද දර්ශනය වූයේ, නිදහස් අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යාපන නිදහස ආරක්‍ෂා කරගැනීම අප සැමගේ යුතුකමකි. වගකීමකි. විශ්වවිද්‍යාලයක පරමාර්ථ පිළිබඳ වරක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී කර්තෘ වැලිවිටියේ ශ‍්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ පෙන්වාදුන්නේ මෙසේ ය. ‘‘විශ්වවිද්‍යාලයක් මහා සමුද්‍රයකට සමාන කළ හැකිය. එයට නොයෙක්…

Read More
කතුවැකිය 

මඳක් සිතන්න. නුවණින් මෙනෙහි කරන්න.

ගොරෙව්වත් වහින්නේ නැති වලාකුළු වහිනවා එහෙත් ගොරවන්නේ නැති වලාකුළු ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු (අංගුත්තර නිකාය – වලාහක සූත්‍රය) බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව පදනම් කරගෙන සමාජයෙහි වෙසෙන පුද්ගලයින් වර්ග හතරක් පිළිබඳ විවරණය කළහ. මිනිසාගේ විවිධ චර්යාවලට අදාළව මෙම විග්‍රහය වෙන් වෙන් වශයෙන් ආදේශ කරගැනීමට පිළිවන. නිදසුනක් වශයෙන් තමා වෙත පැවරෙන කාර්යය ඉටු කිරීමට යාමේදී වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයා විෂයෙහි මෙම දේශනාව ආදේශ කර ගත හැකිය. ඇතැම්හු කතා කරමින්, විවේචනය කරමින්, න්‍යාය සංකල්ප ඉදිරිපත් කරමින් සිටිති. ඔවුහු තමාවෙත කිසිදු කාර්යයක්…

Read More