web analytics
comman කතුවැකිය 

විශ්වවිද්‍යාලයක පරමාර්ථ

‘‘අනගාරික ධර්මපාලතුමන් පැවසූ පරිදි රටක අධ්‍යාපනය නිදහස් විය යුතු ය. කාර්මික හා තාක්‍ෂණික මූලධර්ම මත අධ්‍යාපනය සකස් විය යුතු ය. රටට අවශ්‍ය නායකයින් බිහි කරගැනීමට එම අධ්‍යාපන ක‍්‍රමවේදය ඔස්සේ හැකිවිය යුතු ය.’’ ධර්මපාලතුමාගේ මෙම දර්ශනය පදනම් කරගෙන සී.ඩබ්.ඩබ්. කන්නගර මැතිඳුන් මෙරට නිදහස් අධ්‍යාපන සංකල්පය ක‍්‍රියාවට නැංවීය. කන්නන්ගර මැතිතුමාගේ ද දර්ශනය වූයේ, නිදහස් අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යාපන නිදහස ආරක්‍ෂා කරගැනීම අප සැමගේ යුතුකමකි. වගකීමකි. විශ්වවිද්‍යාලයක පරමාර්ථ පිළිබඳ වරක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී කර්තෘ වැලිවිටියේ ශ‍්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ පෙන්වාදුන්නේ මෙසේ ය. ‘‘විශ්වවිද්‍යාලයක් මහා සමුද්‍රයකට සමාන කළ හැකිය. එයට නොයෙක්…

Read More
කතුවැකිය 

මඳක් සිතන්න. නුවණින් මෙනෙහි කරන්න.

ගොරෙව්වත් වහින්නේ නැති වලාකුළු වහිනවා එහෙත් ගොරවන්නේ නැති වලාකුළු ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු (අංගුත්තර නිකාය – වලාහක සූත්‍රය) බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව පදනම් කරගෙන සමාජයෙහි වෙසෙන පුද්ගලයින් වර්ග හතරක් පිළිබඳ විවරණය කළහ. මිනිසාගේ විවිධ චර්යාවලට අදාළව මෙම විග්‍රහය වෙන් වෙන් වශයෙන් ආදේශ කරගැනීමට පිළිවන. නිදසුනක් වශයෙන් තමා වෙත පැවරෙන කාර්යය ඉටු කිරීමට යාමේදී වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයා විෂයෙහි මෙම දේශනාව ආදේශ කර ගත හැකිය. ඇතැම්හු කතා කරමින්, විවේචනය කරමින්, න්‍යාය සංකල්ප ඉදිරිපත් කරමින් සිටිති. ඔවුහු තමාවෙත කිසිදු කාර්යයක්…

Read More