web analytics
You are here
comman NEWS 

මනුසත් දෙරණ පැළ දස ලක්ෂයක් සිටුවීමේ තුන්වන අදියර කැලණිය විශ්වවිද්‍යාලයේදී

කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ ආදිවිද්‍යාර්ථීන්ගේ සංවිධානය හා මනුසත් දෙරණ සොබාදම් බලකායේ ප්‍රධානත්වයෙන් තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් පැළ දස ලක්ෂයක් සිටුවීමේ තුන්වන අධියර  2017 මාර්තු මස 27 වන දින උද්‍යාන අංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ  මහතා අලෙවි කළමනාකරණ  අංශ ප්‍රධාන අජිත් මේදිස්  මහතා, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්යය පැට්‍රික් රත්නායක මහතා සහ මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු විද්‍යාර්ථීන් පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය .එම් සේමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලීය අලෙවි කළමනාකරණ අංශය සෑම විටම නවතාවයෙන් යුතු…

Read More
comman NEWS 

ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ සමාරම්භක උළෙල

කැලණිය විශ්වවිද්‍යාලීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන අංශය විසින් පවත්වා ගෙන යන ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ සමාරම්භක උළෙල පසුගිය දා (අප්‍රේල් 02) වාණිජ හා කළමනාකරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට වාණිජ හා කළමනාකරණ පිඨයේ වැඩ බලන පීඨාධිපති ආචාර්යය අජන්ත සමරකෝන් මහතා, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන සමීක්ෂණ මණ්ඩලයේ තාක්ෂණික කළමනාකරු මොනිටා බණ්ඩාර  මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න ජයමහ මහතා  ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.   සානිකා ප්‍රියංජලී දිසානායක

Read More
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ 92 වන උපාධි ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ 92 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා (අප්‍රේල් 04) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් ව්‍යාපාර පරිපාලන උපාධිය, ශාස්ත්‍රපති උපාධිය, දර්ශනපති උපාධිය, විද්‍යාපති උපාධිය, සමාජ විද්‍යාපති උපාධිය ලබාගත් දහසකට ආසන්න උපාධිධාරින් සංඛ්‍යාවක් වෙත මෙදින උපාධි පිරිනැමිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය, පූජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා, පීඨාධිපතිවරු, ලේඛකාධිකාරී, අංශාධිපතිවරු සහ ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ. දිනුෂිකා ආරියරත්න  

Read More
comman NEWS 

පේ‍්‍රමවන්ත කුමාරයෝ – William Shakespeare Drama – Mid Summer Night’s dream

මහාකවි විලියම් ශේක්ස්පියර්ගේ Mid Summer Night’s dream  නාට්‍යය ප‍්‍රියංකර රත්නායකගේ අධ්‍යක්‍ෂණයෙන් ‘‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’’ නමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය හා Academic Players සමාජයේ විවිධ පංති අතර මනුෂ්‍ය ජීවිතය කෙරෙහි පේ‍්‍රමයේ බලපෑම කවරාකාර ද? විශේෂයෙන් ම තාරුණ්‍යයේ පේ‍්‍රමය කෙරෙහි වැඩිහිටි සමාජයේ විරෝධතා හා ඊට එරෙහි ව යෞවන පේ‍්‍රමය කරන අරගලය මෙම නාට්‍යයේ තේමාවයි. ශේක්ස්පියර්ගේ ප‍්‍රබලත ම සුඛාන්ත නාට්‍යයක් වන Mid Summer Night’s dream  විවිධ අර්ථකථන සහිත ව ලොව විවිධ රටවල නාට්‍යයට, සිනමාවට නැගී ඇත. සමාජයේ ඉහළ ම පංතිය මෙන් ම පහළ ම පංතියේ යෞවන පේ‍්‍රමය ශෘංගාරාත්මක හා හාස්‍ය රසයෙන් අනූන ව…

Read More
comman NEWS 

‘සුරූපිය සහ මෘග’නිදහස් වෘත්තාන්ත රංගය

ඉගැන්වීම් සහ ඉගෙනුම් ව්‍යාපෘතියක් වශයෙන් (Teaching and learning Project) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් ඉදිරිපත්කරන ලද සුරූපිය සහ මෘග (Beauty and the beast) වෘතාන්ත රංගය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරි, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න මහතා ඇතුළු අංශාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආරාධිතයන් හා විද්‍යාර්ථීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා (ජනවාරි 04) කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී රංගගත කෙරිණි. අසුන්දරත්වය සහ සුන්දරත්වය තුළ පවතින සැබෑ වටිනාකම හඳුනා ගැනීමට මෙම නිර්මාණය තුළින් උත්සහගෙන තිබුණි. එහිදී නිර්මාණාත්මක සන්නිවේදන විෂය…

Read More
comman NEWS 

උපනෙත – 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංගකලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය මගින් සංවිධානය කරන ලද උපනෙත – 2017 ජනවාරි 18 හා 19 දෙදින ලයනල් වෙන්ට්ඞ් කලාගාරයේ දී පැවැත්වේ. දහ නවවන වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ප‍්‍රතිබිම්බ කලා ශාස්ත්‍රවේදී විශේෂ 2011/2012 වසර විද්‍යාර්ථින් විසින් සිදු කරනු ලබයි.    

Read More
NEWS 

‘රිදී සර 2016’

දේශීය සිනමාවේ 60 – 70 දශකයන්හී භාවිත සංගීත ස්වර රටා සහ ගායන ශෛලීන් හඳුනාගැනීම, චිත්‍රපට තේමා ගීතයෙහි අනන්‍යතාව හඳුනාගැනීමට සංගීතයෙහි දායකත්වය හදුනාගැනීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රාසාංගික කලා විෂය හදාරනු ලබන විද්‍යාර්ථීන් ඉදිරිපත් කරන ලද ‘’ රිදී සර ‘’ගී මියැසිය පසුගිය දා (දෙසැ.15) වැනි දින සේනක බණ්ඩාරනායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, කැලිෆෝනියාවේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ පරිසර නිර්මාණ සැලසුම් අධ්‍යයන අංශයේ මහාචාර්ය පීටර් බොසෙල්මාන් මහතා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා…

Read More
NEWS 

ප්‍රඥාසාර ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලාපය එළිදැක්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ‘’ප්‍රඥාසාර ශාස්ත්‍රීය සංග්‍රහයේ ‘’ දෙවන කලාපය එළිදැක්වීම පසුගිය දා (දෙසැම්බර් 29) මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ. මෙහි මුඛ්‍ය දේශනය වාග් විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වී.මු විජේරත්න මහතා පැවැත්වූ අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා , ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය ඒ.එම්.එන්. චාමින්ද මහතා, පුස්තකාලයාධිකාරී, අධ්‍යයන කාර්ය මණ්ඩලය, භික්ෂු සංගමයේ සභාපති, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහභාගි විය.  

Read More
comman NEWS 

දීර්ඝ කාලීන සේවා තිළිණ සහ උපකුලපති සම්මාන ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 2016 වසර තුළ සිදුකළ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ‘’ දීර්ඝ කාලීන සේවා තිළිණ සහ උපකුලපති සම්මාන ප්‍රදානෝත්සවය 2016” පසුගිය දා (ජනවාරි 02) විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ. මෙහිදී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා විසින් දීර්ඝ කාලීන සේවා තිළිණ, විශිෂ්ටතම ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රවර්ධක සඳහා වූ සම්මාන, එක් එක් පීඨයේ විශිෂ්ටතම තරුණ පර්යේෂක සඳහා වූ සම්මාන, එක් එක් පීඨයේ විශිෂ්ටතම පර්යේෂක සඳහා වූ සම්මාන, ජාතික හා ජාත්‍යන්තර සම්මාන උදෙසා වූ පදක්කම්, වැඩිම පර්යේෂණ සම්මන්ත්‍රණ/ පරිසංවාද ගණනක් පවත්වා ඇති පීඨය වෙනුවෙන්…

Read More
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හා විද්‍යාර්ථීන්ට පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි මෙන් ම වෙනත් වෙනත් අධ්‍යයන සඳහා සීමා රහිතව පූර්ණ ශිෂ්‍යත්ව

චීන සංචාරයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හා විද්‍යාර්ථීන්ට පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි මෙන් ම වෙනත් වෙනත් අධ්‍යයන සඳහා සීමා රහිතව පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමට ෂිචුවාන් උපකුලපතිතුමන්ගේ අනුමැතිය හිමි වුණා. -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පල මහතා-   චීන ලංකා සහයෝගිතාව ඉදිරියටත් පවත්වා ගෙන යාමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා පීඨ පීඨාධිපතිතුමන්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයෙකු හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යෙකු යන සිව් දෙනෙක් පසුගිය වසරේ දෙසැම්බර් 22 දින චීනය බලා පිටත් වූහ. මෙම සංචාරයෙන් විශ්වවිද්‍යාලයට ලැබීමට නියමිත වරප්‍රසාද පිළිබඳ එම සංචාරය සහභාගී වූ පුරාවිද්‍යා…

Read More