web analytics
You are here
NEWS 

Evolving Traditions of the Buddhist Image House පර්යේෂණ ග්‍රන්ථයේ පළමු කොටස එළිදැක්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ සංකථන පර්යේෂණ ආයතනය හා HETC ව්‍යෘපෘතිය යටතේ ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලාංකේය චිත්‍ර, මූර්ති කලා ඉතිහාසයේ විකාශනය පිළිබඳව සමාජීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් අංශ එකොළහක් යටතේ අධ්‍යයනය කිරිම මගින් නිමකරන ලද Evolving Traditions of the Buddhist Image House පර්යේෂණ ග්‍රන්ථයේ පළමු කොටස ජනගත කිරීම පසුගිය දා (දෙසැම්බර් 05) පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතන ශ්‍රවනාගාරයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනායක හිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත නායක හිමි, පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති හිමි, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති නියෝජනය කරමින්…

Read More
comman NEWS 

2016 ක්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය මගින් විවිධ ක‍්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වර්ණ ප‍්‍රදානෝත්සවය දෙසැම්බර් මස 23 වන දින ජාඇල Ramrich හෝටලයේදී පසුගියදා පවත්වනු ලැබීය. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300ට පමණ වර්ණ හිමි වූ අතර සෑම ක‍්‍රීඩාවක් සඳහාම විශේෂ දක්ෂතා දක්වන ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ද ඇගයීමට ලක්විය. මෙහිදී වසරේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස බර ඉසිලීමේ ක‍්‍රීඩාව සහ හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩාව සඳහා විශේෂ දක්ෂතා දක්වන ලද සුමුදු කසුන් රාජපක්ෂ ක‍්‍රීඩකයාට හිමි වූ අතර වසරේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස බැඞ්මින්ටන් ක‍්‍රීඩාව සඳහා විශේෂ දක්ෂතා දක්වන ලද…

Read More
comman NEWS 

“අක්කරෙයිපත්තු අක්ෂර” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කැලණි සරසවියේ දී

කැලණිය විශ්වවිද්‍යාලයේ චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් ලියූ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම දෙසැම්බර් 30 වැනි දින පස්වරු 3.00 ට K2 002 ශාලාවේ දී එළි දැක්වේ. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හදාරන තෙවැනි වසර විද්‍යාර්ථියෙකු සේ ම පුවත්පත්කලාවේදියෙකු ද වන චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් ලියූ පළමු කාව්‍ය නිර්මාණ එකතුව එළිදැක්වෙන මෙම අවස්ථාවට සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා, සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා හා කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා සහභාගී වේ.  

Read More
comman NEWS 

හසලක කලාපයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් ස`දහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉතිහාසය විෂය පිළිබ`ද දැනුම ඉහළ නැංවීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද අධ්‍යාපන සම්මන්ත‍්‍රණයක් පසුගිය නොවැම්බර් මස 28 වනදා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ දී පැවැත්විණි. ඉතිහාස අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එම්. සුධර්මාවතී මහත්මිය ඇතු`ඵ ආචාර්ය මණ්ඩලයේ උපදේශකත්වය යටතේ සංවිධානය කරන ලද මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවීම කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මිකා මනතුංග මහත්මිය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නදීෂා ගුණවර්ධන මහත්මිය විසින් සිදු කරන ලදී. හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ විදුහල්පතිනිය එම්.ටී.අයි.පී. පෙරේරා මහත්මිය…

Read More
comman NEWS 

කැලණියේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයට වසර 25යි

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ රජත ජයන්ති සැමරුම් උත්සවය පසුගිය දා (දෙසැම්බර් 05) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වු මෙම අවස්ථාවේ මුඛ්‍ය දේශනය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජී.ඩබ්.ඩී.එන් සිසිර කුමාර මහතා ඇතුළු වෙනත් අධ්‍යයන අංශයන්හි අංශාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීහූ සහභාගි වූහ.

Read More
comman NEWS 

ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානෝත්සවය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් පවත්වාගෙන යනු ලබන ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ 6 වන කණ්ඩායමේ ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්සවය පසුගිය දා (දෙසැ. 10 ) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේ මුඛ්‍ය දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එම්. පී. කුලසේකර මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ලේඛකාධිකාරී ඩබ්. එම් කරුණාරත්න මහතා, ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එම්. සුධර්මාවතී මහත්මිය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, ඩිප්ලෝමාධාරීහු සහභාගි වූහ.

Read More
comman NEWS 

නත්තල් උත්සවය

ලෝක ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි ජනතාවක් අදහනු ලබන ආගම කතෝලික ධර්මයයි. ඒ අනුව ලෝ ජනගහනයෙන් වැඩිම පිරිසක් එකවර සමරනු ලබන ආගමික උත්සවය වන්නේ නත්තල් මංගල්‍යයයි. පාස්කු මංගල්‍යය ද කිතුනු බැතිමතුන් සියල්ලෝම සමරනු ලැබූව ද නත්තල් මංගල්‍ය තරම් උත්කර්ෂවත් ලෙස පාස්කු මංගල්‍ය නොසැමරීමට හේතු කොටගෙන නත්තල් උත්සවය සදහ ප්‍රමුඛස්ථානයක් හිමි වේ. නත්තල් මංගල්‍යය යනු හුදු සැරසිලි, ප්‍රිය සම්භාෂණ, අලංකාරවත් දේව මෙහෙයන්, ප්‍රදර්ශනාත්මක බෙදා හදා ගැනීම් ඉක්මවා ගිය අධ්‍යාත්මික නැඹුරුවක අවශ්‍යතාව පෙරදැරි කොටගත් මහා මංගල්‍යයකි. මේ මිහිමත මැවුම්කරුවාණන් වන දෙවි මහෝත්තමයාණන්ගේ එකම පුත්‍රයා මිනිස් වෙස් ගනිමින් මිනිසාගේ පව් දුරු කරලනු සදහා…

Read More
comman NEWS 

සමාජ විද්‍යා කනිෂ්ඨ පර්යේෂණ පරිසංවාදය 2016

‘’ Contemporary Social Issues ; Challenges And Development ’’ යන තේමාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය සංවිධානය කළ සමාජ විද්‍යා කනිෂ්ඨ පර්යේෂණ පරිසංවාදය (JRSS 2016) පසුගිය දා (දෙසැම්බර් 02) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පරිසංවාදයේ මුඛ්‍ය දේශනය සමාජීය විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. ජී. කුලරත්න මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා , සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජී.ඩබ්.ඩී.එන් සිසිර කුමාර මහතා ඇතුළු වෙනත් අධ්‍යයන අංශයන්හි අංශාධිපතිවරුන්, අධ්‍යයන…

Read More
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ 88 වන උපාධි ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ 88 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා (දෙසැම්බර් 01) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා යන පීඨයන්හී ශාස්ත්‍රවේදී (බාහිර) උපාධිය හා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙහි දර්ශන විශාරද උපාධිය, දර්ශනපති උපාධිය, සමාජීය විද්‍යාපති උපාධිය සහ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයෙහි දර්ශන විශාරද උපාධිය, දර්ශනපති උපාධිය, ශාස්ත්‍රපති උපාධිය, බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව, බෞද්ධායුර්වේද උපදේශන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව, ශාස්ත්‍රපති උපාධිය (බාහිර), බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව (බාහිර) යන උපාධි ලබාගත් උපාධිධාරින් වෙත මෙදින උපාධි පිරිනැමිණ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය, පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන…

Read More
comman NEWS 

ව්‍යවහාරික සමාජ සංඛ්‍යානය පිළිබඳ දෙවන ජාතික සම්මන්ත්‍රණය 2016

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ එළිදැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාව සලසා දීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ සමාජ සංඛ්‍යානය විෂය ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ව්‍යවහාරික සමාජ සංඛ්‍යානය පිළිබඳ දෙවන ජාතික සම්මන්ත්‍රණ 2016 – ශාස්ත්‍රීය සංග්‍රහය සහ එහි විද්‍යුත් ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම පසුගියා දා (නොවැ.30) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි මහතා ඇතුළු අංශාධිපතිවරුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩලය ,විද්‍යාර්ථීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී සංක්ෂේප 107 ක් පමණ ඉදිරිපත්…

Read More