web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

8 සපිරි වැරදුමක්

අක්ෂරය අත්හැර පලා ගිය පිල්ලමක් හෝඩියෙන් විසි වෙලා යන්නැති ඒ හෝඩියෙන් හැදුණු සර හතරේ වචනය ට හේතුවක් මග හැරුණා වෙන්නැති ඉසිප්‍රියා, මේ…., හෝඩියෙන් පටන්ගෙන වියරණෙන් විතැන් වුණ හැඩි වෙච්ච දූපතක් වෙන්නැති ලියැවෙද්දි වැරදිච්ච කියවන්න බැරි වෙච්ච ඉතිහාස පොත් ගොඩක් වෙන්නැති නිර්වස්ත්‍ර වෙලාවක පටාචාරාවකට බුදු බණත් පිහිටකට ඉන්නැති කිසා ගෝතමිය උඹ පින් අහිමි පින් බිමක කවුරුත් ම අබ මිටක් දුන්නැති තාරිකා තත්සරිණි  

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

වෙසක් උදානයෙන් පසු විපරම

සැමරුවෙමු අපි තිලෝගුරු බුදුපියාණන්ගේ තෙමගුල දුන්නෙමු දන් රැස් කළෙමු පින් නමුදු ලැබුවේද අප සැනසීම තෙමගුල් දිනය සැණකෙළියක් විය අපට.. නළා ශබ්දය  … වෙස් මුහුණු විනෝදයක් විය අපට සැබවින්ම අපි බෞද්ධයෝද? තෙමගුල් දිනය සැණකෙළියක් කරගත් සිතන්නට කාලය නොවේද අන්තර්ජාතික වෙසක් උත්සවය සැමරු ධර්ම දිවයින…. සැණකෙළි පුරයක්ද?…   යොමා බුදුනෙත කුලුනින් බුදුසමිදු වැඩම කරාවිද ලෝකයෙන් උතුම් රටට …   සබද.. හිතන්නට කාලයයි මේ…..   ටිෂානි කුමාරි  

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

මල් දන්සැල

මහා දන්සැල් ඉදිවන වෙසක් පුන් පොහෝ දින දුටුවෙමි දන්සැලක් මහා දන්සැල් පරදන   පුංචි හිත් එකමුතුව නෙළාගෙන මල් මිටක් දන් දෙති සැමදෙනට කුසල් සිත් පෙරදැරිව   දිනුෂිකා ආරියරත්න

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

රෝබෝවරුන්ටයි මේ..

මිනිස්සු හැමෝම කාර්මික වෙලා කතාවට වෙලාවක් නැහැ හිනාවට වෙලාවක් නැහැ සමහර වෙලාවට කන්න බොන්නවත් වෙලාවක් නැහැ ඉතින්.. රොබෝලා වගේ ඉන්න හැමෝම තවතවත් බැදීම්වලින් දුරස්වෙන මෙවන් සමයක තනිකමට නම් කුමන බෙහෙතක්ද තනිකම ඇරෙන්නට….   සානිකා ප්‍රියංජලී දිසානායක  

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

ගයන ප්‍රේමය…

ඇහි පියන් යට මතක තවරා නිද්‍රාව ගෙන පළා ගිය නුඹ හෘදයේ දොර කවුළු අබියස ඉන්ද්‍රජාලය මකාලනු මැන වරෙක එපිටින් වරෙක මෙපිටින් අවුත් බිඳලන මේ නිසොල්මන කාලයේ මාත්‍රාව අහපන් ප්‍රේමයම ගායනාවක් මට….   නලිනිකා ලක්ෂාණි  

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

සංශෝධන

එක් ටැම් ගෙවල් සුණු කොට ගාමිණී පැමිණි විලසට… නො ආවත් නුඹ, සටනින් ම ඇරඹුණ ප්‍රේමය ගෝත්‍රය පවා නොතැකුව සියල්ලන්ට ම ජය පතන අන්ත ලෙස පරාජය වුණ විජය.. දුටු සැණින් නුඹ වසඟ නොවුණ ද ආදරණීය යක්ෂණිය වූ කුවේණිය අභිෂේකයට නුසුදුසු හින්දා ම හිස මුඩු කරන් නැව් නගිනු ඇත පිරිවරත් අහිමිව… විජයට පතා සුජය…!!!   මරියා

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

මාතෘකාව අහිමිව

මතකයක් ඉතිරි කර මගක් නැති ගමනක් ය හැරයාම සැනසුමත් නැසුන තැන වැනසුමක් දැන දැන ම ළතැවීම නළුකමක් නොමැති තැන රඟහලක් තිබුනේලු අඳුරේ ම අවසරක් නැතිව ආ අවසනක් පවතී ද නුඹ ගාව…. —………— මරියා

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

හදවතට කියන වග නම්

මහද කම්පනය වනු මුදු සියුම් ස්වර රිද්මයෙන් ඉපිලී නොයනු නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන්   සියුම් ගැස්මක් වුවද ගිලිහෙනා ග්‍රහණයක් විඳි නොවිඳි ස්පර්ශ අග රිදුම් දෙන කටු තුඩක් සීතලක්.. දැඩි සීතලක් ලෙයත් මිදෙනා සීතලක්   මහද චංචල නොවෙනු ජීවිතය අනියත තැනක් දිනුෂිකා ආරියරත්න

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

Anniversary

නිළ නැතිව ගෙවී ගිය මතකවල දින ගණන් කැලැන්ඩර් හීනෙකින් ගණින්නද?. හිත්වලම හිර කරන් නෙත්වලම පැටලැවුම් හැඟුම්වල රිදුමකින් මනින්නද? සීමාව රැකගත්ත ආලයක සැනසිල්ල සිරුවට සීල් කර ලිහන්නද? කාලයත් මුලාවෙ ද ආලයත් අයාලෙ ද ප්‍රේමෙටත් ඇනිවසරි තියෙන්නෙද?????     මරියා

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

-සැලලිහිණි සංදේශය- නිව් වර්ෂන්.

එන විට කැලණි නගරය වෙත පියා සලා දුම් රොටු ගෑස් ඇත පවනට මුදා හෙළා නාසය වසාගෙන තටුවෙන් පමා වෙලා සැලලිහිණියා පැමිණුණි කළු පාට වෙලා මේ බර හසුන ගෙන හිස පිරි මදින්නට නැත ඇඹණියක් එනතුරු මග බලන්නට හැමගෙම සුන්දරිය අඳුරෙහි විටින් විට සැරසෙයි පැයක් ඔහු හට තනි රකින්නට ඉගිලෙන අතර සුවිසල් නුග සෙවණ වෙත හමුවුණ මිතුරු කැල විගසින් වනා අත පෙන්වා තමන් ලද මාසික වැටුප් පත අමතන ලදී සැනහෙන්නට සුරා විත ටෙලි නාටකය සාලය මැද රැව් දෙන්නා සැලලිහිණියා ඒ හඬ අහගෙන උන්නා අඹ මාළුව ඉදී ලිප උඩ රොස් වෙන්නා කියමින් පුතෙකු…

Read More