web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

දිනන්නට ලොව

වෛරය තරහව ක්‍රෝධය පිරීගිය ලොවක සොයනු හැකිවෙයිද සැනසීමක් අනුන් පරයා නැගී සිටින්නට වෙර දරන සද දෙපා වාරු ඇත මට නැගී සිටින්නට හෙළීමට වෙර දරන හැම පරදා දිනන්නට ලොවම   දිනුෂිකා ආරියරත්න

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

හුස්ම

සුළගකී ආගන්තුක….. නුඹ හුස්මක්ව ලෙන්ගතු හද මැදුර වෙත ඉද හිට වඩ්න ඇට මිදුළු තුළ හිද යලි නොඑන්නට ගිය…… නමුදු වඩිනු මැන යලි වරක් රැගෙන යන්නට මා.. සෙව්වන්දි විතාන

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

ආදරණීය වස්සානය

  ඔබ නැතුව මේ පාලූ මහපොළව ඉරි තළලා හතරවට මට ඇහුණා අප්පච්චි හොර රහසේ හඬන හඬ බලන් සුසුම්ළන කුඹුරු දෙස ආදරණීය වස්සානය හැකිනේ නුඹට එක ම එක දවසකට මේ පැත්තේ ඇවිත් යන්න   සුපුන් පි ජයසිංහ

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

ආදරණීය චේ

විප්ලවයෙ මතකයන් ලොවෙන් සමුගෙන යද්දි ගැලූ ලේ උණු කඳුලු මතකයෙන් වෙන් වෙද්දි කුරිරු ලොව ධනපතින් නුඹව විකුණන් කද්දි කිම මෙසේ නිහඬ වී චේ නාමේ සුන් වෙද්දී   දිනුෂිකා ආරියරත්න

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

අනාගතය

උපාධිය සහතිකය පිළිගත් රැකියාවක් සල්ලි පිරුණු ජීවිතයක් අනුන් අභියස අන් අයගේ සිනහව සතුට වෙනුවෙන් උකසට තැබූ ජීවිතයක් අවසාන උරුමය මගේ සිනහව මගේ සතුට මගේ පැතුමන් බොදව ගිය මට මා ද අහිමි වූ ජීවිතයක්………   සානිකා ප්‍රියංජලී දිසානායක

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

පිය සුවඳ

අනියත කදුළු කැට සඟවා සිනාසුන තනි නොතනියට වැල් ඇඳ දුක නිවාලන සිත තනියට සිටි සඳ දැන් අමාවක තනිකම දැනේ තරු නොමැතිව හිස් අහසට සුවඳ ඔබේ ගෙපිලේ සිට අතවනනා නුඹ නොමැති දුකින් ගෙපිල ඳ හඩ නඟනා සිහිනෙන් අත වනයි කවුදෝ නිතර මා දුටුවේ එසැනින් සිහිනේ අදුර මගේ ලොවට හිරු ද අදුරු වී පුතුනි ඒ ඔබ ලොව තනන්නයි නිතිනි අමාවක ද ඇත අහසේ පසළොස්වක සඟවා ඇඹුල් ගසෙන් සැමදා කපුටෙක් හැඬුවා සෙනෙහස දෝතින් ගෙන එන්ට ඔබ පැලදු රන් ඔටුණු ත් බර වැඩි ද ඔබ ගිය දුරවත් නොපෙනේ පුතුනි මට ගමේ සුවඳ තාමත් මතකයේ…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

තුරු පත් පවත

අහස හඬනා දවසක සික්ස් පැක් අහිමි තුරු පත් සතුටු කඳුළෙන් තෙත් විණි දිදුල නගමින් හිනැහිණි හිරු චණ්ඩ වූ දවසක ඒ අහිංසක තුරු පත් පැහැය අහිමි ව වියැලිණි ගසෙන් ගැලැවී විසි විණි නිදහසේ ආ සුළඟක් දුබල තුරු පත් කැන්දන් අයාලේ මඟ ඉගිළිණි දිනෙක සුළඟත් නැවැතිණි අහස දන්නේ නැතිවැති හිරුට මේ ගැන වග නැති සුළඟටත් වෙන මං ඇති තවත් තුරු පත් ඇති නිසා ගසට කිසි ගාණක් නැති කඳුළු වියැළී හුදෙකලා වී තුරු පතක් මියැදෙන්නැති   චලක ප්‍රමුදිත ලුණුවිලගේ  

Read More