web analytics
You are here
comman පාට පාට කවි 

2015 වසරේදී කැමරා ඇස හසුකරගත්, ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප – 2

චිලී රාජ්‍යයේ කැල්බුකෝ ගිනිකන්ද පසුගිය අප්‍රේල් මාසයේදී පුපුරා ගියා. ඒ අවස්ථාවේ සැතපුම් හයක් ඉහළට අලු සහ විසි වී ගිය අතර, ගිනිකන්දේ බලපෑමෙන් ඒ අවට අකුණු කුණාටුවක් හටගත් ආකාරය කැමරාවක සටහන් වූ ආකාරයයි මේ.

Read More
NEWS 

‘‘නවක වධය හා ආකල්ප වෙනස් වීම ” පිළිබඳ විශේෂ සංවාදය

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී (විශේෂ) දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ ‘‘නවකවධය හා ආකල්ප වෙනස්වීම ” පිළිබඳ  විශේෂ සංවාදය පසුගිය දා (ජූනි 08)  සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ දී පැවැත්විණ. කණ්ඩායම් සම්මන්ත්‍රණ මගින් ගුරු සිසු සබඳතා වර්ධනය මෙහි අරමුණ වූ අතර නවකවධය තුළින් දැනුම සහිත නිර්මාණශීලී භාවයෙන් තොර පිරිසක් බිහිවන බවත් එසේ ඇතිවන ඍණාත්මක තත්ත්වය රටේ ජාතික සංවර්ධනයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ද  මෙහිදි සංවාදයට ලක්කෙරිණ. මෙම අවස්ථාවට නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය අධ්‍යයනාංශයේ  ඇත්කඳවක සද්ධාජීව හිමි , ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය හා දෙවන වසර විද්‍යාර්ථීන් සහභාගි වූහ.  

Read More
comman සංවාද 

‘පේ‍්‍රමාවන්ත කුමාරයෝ’

විලියම් ෂේක්ස්පියර්ගේ හාරසියවන අනුස්මරණය නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිමිබ කලා අධ්‍යයන ඒකකය සහ Academic Players A Midsummer Night’s ඉදිරිපත් කරනු ලබන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ පසුගිය දා රංගගත කෙරිණි. පේ‍්‍රමවන්ත කුමාරයෝ නාට්‍ය මහා කවි විලියම්  ෂේක්ස්පියර්ගේ Dream නාට්‍යයේ ජයවතී ජයසිංහගේ සිංහල පරිවර්තනය ඇසුරින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ලාල් හ`දපාන්ගොඩ මහතාගේ නිෂ්පාදනයක් වන මෙහි සංගීතය ප‍්‍රමිත් දහනායකගෙනි. ‘පේ‍්‍රමාවන්ත කුමාරයෝ’ නාට්‍යයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා සම`ග සිදුකළ සාකච්ඡාව මෙසේ ගොනු කරමු. ඔබේ නාට්‍ය ජිවිතයේ ආරම්භය ගැන ස`දහන් කළොත්…. මම නාට්‍යට සම්බන්ධ වුණේ…

Read More
comman NEWS 

බැම්ම දෙදරයිද ?

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත්පත ලෙස “බැම්ම” ප්‍රකාශයට පත්වීම සම්බන්ධයෙන් සතුටු වෙමි. ඒ සඳහා මුලින්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස මම දැනට පවතින තත්ත්වය පිළිබඳ නොවළහා අදහස් දැක්වූයෙමි. පුවත්පතේ පිටු අංක 13 සිට 15 දක්වා වන මාගේ ලිපිය තුළ මා දක්වන ලද අදහස් පුවත්පත් කතුවරයා  විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සකස්කොට තිබේ. එනම් එම ලිපියෙහි ප්‍රකාශනය තුළ මා මතු කරන ලද මූලික තර්කාපනය බැහැරකොට ඇත. ඒ විශ්වවිද්‍යාලයේ “සීසීටීවි කැමරා සවිකිරීම නින්දිතයි“ යනුවෙන් මා ප්‍රකාශ කළ අදහසට ප්‍රතිවිරුද්ධ නිග්‍රාත්මක අදහසක් ශීර්ෂපාඨය ලෙස දැක්වීමෙන් අවධාරණය කිරීමෙනි. සීසීටීවි කැමරා සවිකරන්නේ  විශ්වවිද්‍යාලය තුළ ක්‍රමිකව …

Read More
comman සංවාද 

කැලණිය විශ්වවිද්‍යාලයට නව පරිගණක හා තාක්ෂණ පීඨයක්

කැලණිය විශ්වවිද්‍යලය නව පරිගණක අධ්‍යයන පීඨයක් ආරම්භ කරමින් පරිගණක අධ්‍යාපනයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට මේවන විට සමත්ව සිටී. මෙම සුවිශේෂී කටයුත්ත පිළිබඳව සාකච්ඡ කිරීමට එහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටින විද්‍යා පීඨයේ කර්මාන්ත හා පරිපාලන අධ්‍යයන අංශයේ ආචාර්ය ගාමිණී විජයරත්න මහතාව අප සම්බන්ධ කර ගත්තා. පරිගණක හා තාක්ෂණ පීඨයක් අලූතින් පිහිටුවන්නේ ඇයි? මෙය පරිගණක හා තාක්ෂණ පීඨය ලෙසයි අප හඳුන්වන්නේ. මෙය පිහිටුවීමට ප‍රධාන අරමුණු කිහිපයක් බලපෑවා’ ඉන් පළමුවැන්න වන්නේ 2015 වසරේ උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණ විෂය ධාරාව හැදෑරූ සිසුන් වෙනුවෙන් අවශ්‍ය පාඨමාලාවන් ක්‍රියාත්මක කිරීමයි. දෙවැන්න වන්නේ මෙතෙක් විද්‍යා පීඨයේ…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

පුස්නොකන කවි

පුස් කාපු පාන් පෙත්තක දිලීරය අරගෙන හෙමි හෙමින් දවටමි පිරිසිදු ම කඩදහියක…. දැන් ඒ කඩදහිය කිලිටි යි, පුස් කාවි ඒ කඩදහියත්… සුරතින් රැගෙන පෑනක් අකුරු අමුණමි හෙමිහිට දුර්වරණ කඩදහිය මත… දැන් ඒ කඩදහිය හරි අලුත් පුස් නො කන කවියක් නිසා…. උන්මන්තක

Read More
comman තෙවැනි ඇස 

ඉදිරියෙන් සිට ඉක්මනින් ගිය මිනිසා

ශ්‍රීපාලි මණ්ඩපයෙ ප්‍රවේශ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වීමට ගියෙමි. මා ශාලාවෙන් පිටත රැඳී සිටිද්දී ත්‍රීරෝද රථයකින් අමුතු ම මිනිසෙක් බැස ගත්තේ ය. ඔහු පුංචි මිනිසෙකි. ඔහුටත් වඩා විශාල කමිසයක් ඇඳගෙන බෙල්ල ද හිර වන තරමට බොත්තම් පැළඳ සිටියේ ය. ත්‍රීරෝද රථයෙන් බැස දත් පෙන්නා සිනාසුණ ඔහු සැහැල්ලුවෙන් ශාලාවට ඇතුළු වූයේය. “මේ මොන ජාතියෙ හාදයෙක් ද?” මම කල්පනා කළෙමි. මේ අපූර්ව මිනිසා මා ඉදිරිපිට සම්මුඛ සාකච්ඡා මණ්ඩපයේ ද ඉඳගෙන නිර්ව්‍යාජ ලෙස සිනාසුණේ ය. ඒ මා පසන් කොඩිකාරයන් සම්මුඛ වූ පළමු නිමේය යි. විශ්ව සාහිත්‍යයේ සිංහල නෞකාවක් වූ පසන්ගේ පරිවර්තන කාර්යය ගැන අදහස්…

Read More
comman ගවේෂණ 

SMS බස වෙනස් කළ වගයි

මානවයා බිහිවීමට මොහොතකට පෙර මානව සන්නිවේදනය බිහි විය. දරුවා මව් කුස පිළිසිදුනේ යම් දිනයකද, යම් මොහොතකද එතැන් පටන් දරුවා තම සන්නිවේදනය මව සමග සිදු කරයි. මානව සන්නිවේදනයේ ආරම්භය ද මානවය සංහතියේ ආරම්භය දක්වාම දිව යයි. භාෂාව බිහිවීම මානව ඉතිහාසයේ විශිෂ්ට සංසිද්ධියකි. එතෙක් සංඥා, සංඛේත හා ශබ්ද මගින් අදහස් හුවමාරු කර ගත් මානවයාට වඩාත් පළුුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට මේ නිසා හැකි විය. භාෂාව බිහිවීම කිසියම් කාල සීමාවක් තුළ සිදු වුවක් නොවේ. ඒ සදහා අවුරුදු සිය දහස් ගණනක් ගත විය. ලෝකයේ ඓතිහාසික දියුණු ශිෂ්ටාචාර වල භාෂා භාවිතයේ විවිධතා සහිතය. එකම…

Read More
comman කාලීන 

නවක වදයට තිත තැබීමට නවකයින්ගෙන් පියවරක්…

විශ්වවිද්‍යාලය කියූ සැණින් එහි දොරටුව පා තබන නවක විද්‍යාර්ථීන්ට සිහියට නැගෙන්නේ, ‘නවක වදය’ යි. ස්වකීය ජීවිතයේ ආරම්භ කරන නවමු ගමන මග පිළිබද හැඩය සොයමින් පසුවන නවක විද්‍යාර්ථීන් මුහුණදෙන අමිහිරි අත්දැකීම් අතර ප්‍රධාන වන්නේ මේ නවක වදයයි. ආර්ථික අපහසුතා හා ජීවන දුක් ගැහැට ඉදිරිය තවදුරටත් දිරියෙන් ශක්තියෙන් අධ්‍යාපන කටයුතු කිරීමට පැමිණෙන විද්‍යාර්ථියාට මෙම නවක වදය ඉතා බලවත් මානසික පීඩාවකි. එක් අතකින් නවක වදය ලක්කරන්නන් වන්නේ, නවක විද්‍යාර්ථීන් ලෙස අවුරුද්දක් විශ්වවිද්‍යාලයේ ගත කළ පිරිසයි. අවාසනාව වන්නේ ඔවුන්ට දෙවන වසරට ආ පසු පළමු වසරෙහි තමන් සිතූ පැතූ හැටි අමතක වීමයි. මෙම නවක වදය…

Read More