web analytics
comman NEWS 

සියලු පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු නොපැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ  2016  පළමු අර්ධ වාර්ෂිකයට අදාළ අගෝස්තු මස 01 වැනි දින සිට ආරම්භ වීමට තිබූ සියලු පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව සියලු විද්‍යාර්ථීන් වෙත දන්වා සිටියි.  

Read More
comman තෙවැනි ඇස 

‘මෝහිණි’….

    නම ඇසූ පමණින් ඈ යකින්නකි.  පුරුෂ පාර්ශවයට ම පමණක් දෘෂ්‍ය මානවන ඈ සාම්ප්‍රදාය විසින්ම කාටත් මුණගස්වා ඇත. ඇය “මෝහිණි” නම් විය- ගීතය විසින් ඇය වෙනස් මානයකට ගෙන ගොස් ඇත. ලාංකික සමාජයේ යකින්නක් වූ මෝහිණිය ගීතයට මගින් සමාජය විසින්   පීඩාවට පත් වූ කාන්තාව නිරූපණය කරයි. ලෝකයේ උත්තරීතර මානුෂීය සංවේදනාව  දරු සෙනෙහසය. මව නම් වූ රූපය අසමාජයේ විවිධ අයුරින් ප්‍රතිරූපණය වෙයි. එසේ නිමවූ ප්‍රතිරූ සුනු විසුණු වන්යෙන් ද මහ සමාජයේ ඛේදවාචකය යහමුවේ ය. මවු ගුණ, කවි ගීත බවට පත්වූ අවස්ථා අප්‍රමාණය. තම අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන කලාකරුවෝ “කාන්තාව” තම අනූභූතිය  කර…

Read More
NEWS 

කැලණි ක්‍රීඩකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අංශය සහ ශාරීරික අධ්‍යාපන අංශය එක්ව සංවිධානය කළ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලීන්ගේ විවිධත්වය සහ ඒ හා සබැඳි යහපත් හා අයහපත් පුරුදු  පිළිබඳ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කරලීමේ විශේෂ ආරාධිත දේශනයක් පසුගිය දා (ජූලි 21) වැනි දින සමාජීය විද්‍යා පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විණ. මෙහිදී Hawaii manoa විශ්වවිද්‍යාලයේ Aquatic research laboratory හි අධ්‍යක්ෂ     මහාචාර්ය Jan prins මහතා  දේශන පැවැත්වූ අතර මෙම අවස්ථාවට ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අංශයේ සහ ශාරීරික අධ්‍යාපන අංශයේ  අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීන්  සහභාගි වූහ.  

Read More
NEWS 

නැවත දැනුම් දෙනතුරු විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා නොපැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු සති අන්ත පාඨමාලා නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත දන්වා සිටියි.

Read More
NEWS Uncategorized 

අනධ්‍යයන සේවක වර්ජනය

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. ඒ අනුව සියලු අනධ්‍යයන සේවකයෝ අද (ජූලි 27) පෙරවරු 8 සිට සිය රාජකාරීවලින් ඉවත් වී සිටිති.

Read More
comman ගවේෂණ 

කලාවේ දර්ශනය

දවස පුරා රැකියාවේ යෙදෙන බොහෝ දෙනා සවස් වරැවේ රෑපවාහිනිය අබියසට පැමිණ ටෙලි නාට්‍ය රස විදීමට පුරැදු වී සිටිති.එසේ නැතිනම් සති අන්ත නිවාඩු දිනයක දී චිත්‍රපටයක් නරඹන්නට සිනමා ශාලාවට යති.ඒකාකාරි ජීවන රටාවක් තුළ ජීවත් වන ජනතාව සිය විඩාබර දිවියට මද අස්වැසිලිලක් ලබා ගන්නේ කලා රස වින්දනයෙනි.නමුත් කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ.මිනිස් හදවත නිවා සුවපත් කරන්නට සමත් ප්‍රබල මාධ්‍යයකි.  කලා නිර්මාණ මිනිසාගේ හදවත සෞම්‍ය කරයි.මිනිසාට සිය ජීවිතය පිළිබද යථාවබෝධය ලබා දෙන්නේ කලාවයි.කලාකරැවාගේ හදවත සංවේදීය.කලාව මිනිස් හදවතේ කරැණාව,දයාව නිර්මාණය කරයි.වර්තමානයේ දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධානම හේතුව වන්නේ මිනිසා කලාවෙන් ඈත්…

Read More
comman කාලීන 

අට්ටාල කූඩාරම් සහ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා…

විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු, විද්‍යාර්ථියෙකි. විද්‍යාර්ථියා යනු, ගවේශනාත්මක බුද්ධිය සොයා යන සිසුවෙක් ලෙස අපට හඳුනාගත හැකිය. C.W.W. කන්නංගර මහතා ආරම්භ කළ නිදහස් අධ්‍යාපනයේ විශිෂ්ටම වූ හිනිපෙත්තෙහි සිටින අයකු ලෙස විශ්ව විද්‍යාල සිසුවා අර්ථ දැක්විය හැක. ඔවුන් ප‍්‍රජාවක් ලෙස ගත් කල උගත් බුද්ධිමත් පිරිසක් ලෙස හඳුන්වා දිය හැකි අතර, ඔවුනට සමාජය දෙස විවෘත මනසකින් බැල’මේ හැකියාව පවත’. දේශපාලන හා සමාජ විද්‍යාඥයකු වන හැරල්ඞ් ඞී ලැස්වෙල් විශ්ව විද්‍යාල විද්‍යාර්ථියා අර්ථකථනය කොට ඇත්තේ මෙලෙසිනි. ඔහු ප‍්‍රකාශ කරන ආකාරයට විශ්ව විද්‍යාල විද්‍යාර්ථියා වනාහි අරගල කළ යුතු, විප්ලව කළ යුතු, සමාජය වෙනස් කළ යුතු අයෙකු…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

like වලට comments වලට share වෙලා යන්න කලින්…

ඉස්සර වගෙ නෙවෙයි අම්මේ ලෝකය දැන් හරි දියුණුයි ඈත රටක එවුන් පවා මූණු පොතේ පටස් ගාලා එකතු වෙන්නේ  hi කියල…   අම්මට ආදරේ එවුන්  like   කරල අප්පච්චිට ආදරේ නම් comment  කරල පෙන්නන්නලු ඔක්කෝට ම  share කරල   අම්ම දැක්කෙ නැති වුණාට සක්වල ගලෙනුත් එහාට පෙන්නුව මං share කරල   ඔක්කෝට ම like කරල comments ගොඩක් එකතු කරල පරිස්සමට තියල තිව්ව එන දවසක අරන් එන්න   අම්මා ළඟ දැනෙන සුවඳ like  වලට  comments වලට share වෙලා යන්න කලින් නිවාඩුවක් ලැබුණ ගමන් හිතන් ඉන්නෙ ගෙදර එන්න.   රිදීවිට

Read More
comman සංවාද 

පසුගියදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තාවකාලිකව ශිෂ්‍යභාවය අහෝසි වුන ශිෂ්‍යයින් පහළොස් දෙනෙකුට විභාගය සදහා පෙනී සිටීමට අවසරය ලැබුණා. නන්දන සුදේශ් – කැලණිය ශිෂ්‍ය මහා සංගමයේ සභාපති

තාවකාලිකව ශිෂ්‍යභාවය අහෝසිවුණ ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යභාවය නැවත ලබාගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් පසුගිය දින කිහිපයක සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අට්ටාලයක් ස්ථාපිත කරගනිමින් විරෝධතාව දැක්වූහ. මෙම විරෝධතාව දින කිහිපයක් පුරා පැවති අතර ඒ පිළිබද සිදු කළ විමසීමකදී මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දන සුදේශ් මහතා දැක් වූ අදහස් මෙසේ සටහන් කරමු. “වසර ගණනාවක් තිස්සේ අපි ඉල්ලීම් කරමින් ඉන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අද වෙනකම් ඒ ප්‍රශ්න වලට සාධනීය මට්ටමේ පිළිතුරු ලැබිලා නෑ. නේවාසිකාගාර වල ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න‚ නේවාසිකාගාර පාලිකාවන්ගෙන් ශිෂ්‍යාවන්ට සිදුවන අඩත්තේට්ටම් තර්ජන හා බලපෑම් ආදී ප්‍රශ්න‚ සුබසාධන ගැටලු හා…

Read More