web analytics
You are here
comman තෙවැනි ඇස 

බියට හැර අන් කිසිවකට බිය නොවන්න. -ප‍්‍රැන්සිස් බේකන්-

තටු ඇත්නම් ඉගිලෙන්න…. මිනිසා පොළෝ තලයේ ජීවත්වන මහා පුදුමාකාර සත්ත්ව ප‍්‍රභේදයකි. විටෙක සිනාසෙන මිනිසා තවත් විටෙක කදුළු සලයි. විටෙක මනා පෞරුෂයක් මවා ගෙන හැසිරෙන්නා තවත් විටෙක අත් පා ගුලි කර වකුටු වී බියෙන් වෙව්ලයි. බිය, පුද්ගලයා නිෂ්ක‍්‍රිය කිරීමට සමත් වේ. අදෘශ්‍යමාන බලවේග හමුවේ පුද්ගල සිත නොසන්සුන් වන අතරම ඇතැම් විට පුද්ගලයා පාලනය කරන්නේ ද එකී අදෘශ්‍යමාන බලවේගය බව ඇතැම්හු විශ්වාස කරති. එහෙත් පුද්ගලයා තමා බිය වන්නේ කුමකටද? එලෙස බිය වීමට හේතුව කුමක්දැයි දැන දැනම බියවන අවස්ථා ඇත. ඒවා පුද්ගලයා නිෂ්ක‍්‍රීය කිරීමට සමත්වන බව How to stand up your self නම්…

Read More
comman ගවේෂණ 

ඇමෙරිකානු භූගත හමුදා සංකීර්ණය

රටක ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම අනුගමනය කරනු ලැබේ.ලොව විවිධ රටවල ආරක්ෂක හමුදා සංකිර්ණ කි‍්‍රයාත්මක වේ. නමුත් භූගත හමුදා සංකීර්ණයක් පිළිබඳව ඔබ අසා ඇත්ද? භූගත හමුදා සංකීර්ණයක දිවි ගෙවීම සැබවින්ම කෙබදුද? අප ඔබට කියන්නට යන්නේ එවැනි භූගත හමුදා සංකීර්ණයක් පිළිබඳවයි. මෙම හමුදා සංකීර්ණය භූගත(උමං) හමුදා සංකීර්ණයක් වන අතර Cheyenne mountain නම් වන එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප‍්‍රාන්තයේය. මෙය ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 142.4 ක් වැය කර ඇති අතර එය විවෘත කෙරුණේ 1967 පෙබරවාරි මස 06 වැනිදාය. මෙතරම් විශාල මුදලක් වැය කර මෙවැනි සංකීර්ණයක් නිර්මාණය කිරීමට…

Read More
comman සංවාද 

අවංක කැපවීම” උත්සහය” පරිත්‍යාගය මෙන් ම අවශ්‍යතාව කලාකරුවෙකුගේ විශිෂ්ටත්වයේ ලක්ෂණයි. රාජිත දිසානායක

වේදනාව ශීත සෘතුවක් සේ දක්නා කලා කරුවා ශීත සෘතුවේදී තම නිවසේ දොර`ගුළුලා තම වේදනාව ගෙත්තමට සිතුවමට න`ගයි. කඩුවට” හෙල්ලයට මෙල්ල නොවූ දෑත් සමකාලීන සමාජය විවිරණය කිරීමට නාට්‍ය කලාව තෝරා ගනී. එම ර`ග මඩලට ආගන්තුකයින් නැත. විටෙක ඔබද මාද එහි අ`ග දක්වනු ඇත.එක් මොහොතකින් ඇරඹීලා විවිධ දේවල් සිදුවෙලා එක් මොහොතකින් නිමාවට පත්වෙන ජීවිතේ එක් මොහොතකින් ඇරඹිලා විවිධදේවල් සිදුවෙලා එක් මොහොතකින් නිමාවට පත්වන ජීවිතේ එක් නිමේෂයකදී ඔබ අපිට අපිවම දක්නට අවකාශය උදා කර දෙයි. සක්වාදාවලින් ඇරඹී ස්වකීය ප‍්‍රතිභා ප‍්‍රර්ණ නාට්‍යකරණය හංසයින්ටත් මං ආසයි” වීරයා මැරිලා” මට වෙඩි තියන්නේ නැද්ද යනාදී නාට්‍ය නිර්මාණ…

Read More
comman ගවේෂණ 

කවුද මේ කැමරන් ?

Box Office වාර්තා පිට වාර්තා තබන ලද සම්භාවනීය සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස ජේම්ස් කැමරන් හැඳින්විය හැකිය. කුඩා කල සිටම විද්‍යා ප‍්‍රබන්ධයන්ට දැඩි ඇල්මක් දැක්වූ ඔහු Terminator, Aliens, Avatar යන චිත‍්‍රපට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලදී එපමණක් නොව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද මහා පරිමාණ චිත‍්‍රපට බොහොමයක් සඳහා ඇකඩමි සම්මානයන් හිමි විය.1997 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ සිවිශේෂීම චිත‍්‍රපටය වූ Titanic චිත‍්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් ප‍්‍රථම වරට ඩොලර් බිලියනයක් වාර්තා කළ චිත‍්‍රපටය බවට පත්විය තවද Titanic චිත‍්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නිර්දේශ වූ අතර එයින් හොඳම අධ්‍යක්ෂණය හොඳම සංස්කරණය හා හොඳම චිත‍්‍රපටයට හිමි ඔස්කාර් සිනමා සම්මාන ත‍්‍රිත්වය තමා සන්තක කර ගැනීමට කැමරන්…

Read More
comman කාලීන 

යාපනය සරසවියේ දොරටු යළි විවෘත විය යුතුයි

‘‘උතුර ගිනිගෙන ඇත’’. ඒ මේ දිනවල ප‍්‍රධාන පාඨයක් බවට පත් වී ඇත. සැබෑවටම උතුර ගිනි ගෙනද? යාපනය සරසවියේ පහරදීම සම්බන්ධයෙන් මේ ලියවෙන කියවෙන දේ අතර සත්‍යක් තිබේද? එසේ නැතිනම් පාහර දේසපාලූවන්ගේ උවමනා වලට උතුරු දකුණු ජාතිභේදය නැවත ඇති කිරීමට උල්පන්දම් දීමක්ද? ඇත්තටම යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමක් සිදුවිය. ඒ සිංහල සහ දෙමළ කොල්ලන් අතරය. සිංහල සහ දෙමළ කොල්ලන් කියු සැනින් ජාතිවාදය කියන ලේබලය අලවන්නට බොහෝ පිරිස් බලාගෙන ඇත. ඒ තවමත් මිනිසුන් ගෝත‍්‍රික මානසිකත්වයෙන් මිදී නොමැති නිසාය. කොල්ලො කොල්ලො අතර ගැටුමක් සිදු විය නොහැකිද? සරසවියක් තුළ කොතෙකුත් ගැටුම් හට ගන්නවාද? එවැනි දෙයක්…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

විභාගය

……………?..?…? අකුරු අමතක නගරය අවදි කරවනු වස් හදවත අවුලන කවි පවා වලලන ගැටලු වැඩි ලොවට පිළිතුරු නොලියාම අනවැසි ගැටලු අරගෙන වනපොත් පිළිතුරින් ඉරණමක් විසඳන…… ඔබ වෙනුවෙන් ලියවුණු මගේ නම කියවුණු මානව හිමිකම් පවා නොතකන සිවුවන සිල් පදය කෙලෙසන හිතුවක්කාර ලියමන —මරියා—

Read More
comman සංවාද 

ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ශිෂ්‍යයින්ගේ සහයෝගය අත්‍යාවශ්‍යයි…

මහාචාර්ය එස්. ආර්. ඞී කාලිංග මුදලි මහතා සභාපති, ක්‍රීඩා උපදේශන මණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලය තුළ මෑත කාලීනව සිදු කරන ලද කඩිනම් සංවර්ධන සැලසුම් යටතේ සාකච්ජාවට ලක්වූ සුවිශේෂී කටයුත්තක් ලෙස ශිෂ්‍ය මධ්‍යස්ථානය නවීකරණය කිරීම සහ නවතම ක‍්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදි කිරීම හඳුන්වා දිය හැකිය. එය කඩිනමින් සිසු අයිතියට පැවරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද මෙම ඉදිකිරීම් කටයුත්ත සුළු පිරිසකගේ බාධා කිරීම් හමුවේ වැඩ ඇරඹීම කල් දමා තිබූ නමුත් දෙපාර්ශවය අතර සිදු කළ සුහද සාකච්ජාවකින් අනතුරුව නැවත එහි වැඩ ඇරඹීමට කටයුතු යොදා ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවට අතිශය වැදගත් යෝජනාවක් වන මෙම ගෘහස්ථ ක‍්‍රීඩාගාරය ඉදිකිරීම…

Read More