web analytics
You are here
NEWS 

වාග් විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද වාග් විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පසුගිය දා (අ‌ගෝස්තු 25) වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. භාෂා ගැටලු, දෙවන භාෂාවකින් මව් භාෂාවට වන බලපෑම, වාග් විද්‍යාවේ ඉතිහාසය හා විදේශ භාෂා ඉගැන්වීම හා ඉගනීමේදී මුහුණපාන ගැටලු යනාදී වූ තේමාවන් ඔස්සේ සිදුකරන ලද පර්යේෂණ වල ඉදිරිපත් කිරීම් මෙහිදී සිදුකෙරුණු අතර මෙහි මුඛ්‍ය දේශනය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඇලෙක්සැන්ඩර් අඩෙලාර් මහතා පැවැත්වීය. මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය එම්.ජේ.එස් විජයරත්න මහතා, වාග් විද්‍යා අධ්‍යයන අංශයේ…

Read More
comman NEWS 

පර්යේෂකයින් සදහා සනාතන සභා සම්මාන ප්‍රදානය

කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ඇගයීම සඳහා ක්‍රියාත්මක වන සනාතන සභා සම්මාන හා මූල්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් 2016 අගෝස්තු මස 25 වන දින සනාතන සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණ. 2015 – 2016 වර්ෂය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත පර්යේෂණ ලේඛනවල නව පර්යේෂණ පත්‍රිකා පළ කළ පර්යේෂකයන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර සම්මාන හා මුදල් ප්‍රදානයක්ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා , සියලු පීඨ වල පීඨාධිපතිවරු, සම්මානලාභී ආචාර්යවරු මෙන් ම මහාචාර්යවරු, ආචාර්යවරු හා කථිකාචාර්යවරු ඇතුළු සනාතන සභා සාමාජිකයින් සහභාගී වූහ. වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය…

Read More
comman NEWS 

චීන භාෂාව හැදෑරීමට විද්‍යාර්ථීන් පනස් අටකට ශිෂ්‍යත්ව

කැලණිය විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයෙන් චීන භාෂාව හැදෑරීම සඳහා චීනය බලා යෑමට ශිෂ්‍යත්ව හිමිකරගත් විද්‍යාර්ථීන් 58 දෙනා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා හමුවීමේ අවස්ථාවක් පසුගිය දා (අ‌ගෝස්තු 25) සනාතන සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ. මාස 6 සිට අවුරුද්දක හා අවුරුදු පහක කාලයක් සඳහා මෙම ශිෂ්‍යත්වලාභීන් චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත චීන භාෂා හැදෑරීමට නියමිතය. මෙම අවස්ථාවට කොම්ෆියුසියස් ආයතනයේ ලංකා පාර්ශවයේ අධ්‍යක්ෂ නූතන භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදුම්ගමුවේ ධම්මදින්න හිමි, කොම්ෆියුසියස් ආයතනයේ චීන භාෂාව පිළිබඳ ආචාර්ය චන් මහතා, ආචාර්ය කුමාරී ජයසූරිය මහත්මිය ඇතුළු ශිෂ්‍යත්වලාභි විද්‍යාර්ථීන් සහභාගි වූහ.  

Read More
NEWS 

ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ වාර්ෂික මහසභා රැස්වීම

කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ වාර්ෂික මහසභා රැස්වීම උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ අනුශාසක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ හා සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නායක ස්වාමින්ද්‍රයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පසුගිය දා (අගෝස්තු 21) කඩවත ඉන්ද්‍රා හෝටලයේ දී පැවැත්විණ. වර්ෂ 1986 ඔක්තෝම්බර් මස ආරම්භ කරන ලද ආදි විද්‍යාර්ථී සංසදය 2016 වසරේදී තම සිව්වන දශකයට පා තබමින් තම විශ්වවිද්‍යාලය වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට සැදී පැහැදී සිටී. විශ්‍රාමික ආචාර්යභවතුන්ගේ සේවා ඇගයීම, අධ්‍යයන කටයුතු වලදී දක්ෂතා දැක්වූ විද්‍යාර්ථීන් වෙත ස්වර්ණ මුද්‍රිකා සහ…

Read More
comman සංවාද 

ප‍්‍රශ්න පත‍්‍රය සාර්ථකව ලිවිය යුත්තේ කෙසේ ද?

මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න බහුතර විද්‍යාර්ථින්ගෙන් ඔබ අකමැතිම වචනය කුමක්ද යැයි ප‍්‍රශ්නයක් ඇසුවහොත් ඊට නිතැතින් ලැබෙන පිළිතුර ලෙස ” Exam” යන්න පෙන්වා දෙන්න පුළුවන්. විභාගයට අකමැති වුවත් එයට නොවරදවාම සහභාගී විය යුතුයි. අප විභාගයට ඇති අකැමැත්ත කැමැත්ත බවට පත්කරගෙන විභාගයේ දී පිළිතුරු ලිවීමට පෙර ‘ප්‍රශ්නය’ තේරුම් ගන්නා ආකාරය පිළිබඳ පසුගිය දා ඔබට පෙන්වා දුන්නා. කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඒ. ජී අමරසිංහ මහතා සමග සිදු කළ එම සංවාදයේ දෙවන කොටස මෙසේ දක්වමු. ප‍්‍රශ්න පත‍්‍රය සාර්ථකව ලිවිය යුත්තේ කෙසේ ද? ප‍්‍රශ්න පත‍්‍රය මගින් අසන ප‍්‍රශ්න වෙනුවෙනු පිළිතුරු…

Read More
comman තෙවැනි ඇස 

අවලස්සන වූ ඇය මිනිසුන්ට ලස්සන බෙදමින් ලෝකය ජය ගත් ආකාරය

ඇය ලීසි වැලස්ක්වෙස්ට  නම් විය. ඇය උපත ලබන්නේ රීටා හා වැලස්ක්වෙස්ට නම් යුවළට දාව 1989 මාර්තු 13 වන දිනය. අඩු මාසකින් මෙන්ම අවම උපත් බරකින් යුත් ඇය උපතින්ම රූපයෙන් අවලස්සන බිළි`දියක වූවාය. වෛද්‍යවරුන් අය පිළිබ`ද මව්පියන්ට දැන්වූයේ සිත් දෙගෙඩියාවෙන් වූවද ඇයගේ මව්පියන් ඇයව ආදරයෙන් වැළදගත්තේය. ඒ අපිරිමිත දරු සෙනෙහස නිසාවෙනි. උරූලැවට ඌගේ පැටියා මැණිකකි. ඒ අපිරිමිත මව්සෙනෙහස නිසාවෙනි. රීටා හා වැලස්ක්වෙස්ට නම් යුවළටද තම කැදැල්ලට ආ ප‍්‍රථම අමුත්තිය කුමන රූපයකින් සිටියද ඇයව සුරගනක් විය. ලීසි කෙමෙන් කෙමෙන් වැඩිවියට පත්වන විට ඇයට දැනුම්තේරුම් ඇති අවධිය වෙන විට ඇය තම රූපය කෙරෙහි…

Read More
comman කාලීන 

රංජිත් ප්‍රසන්න ජයවර්ධන විද්‍යාර්ථීයාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය

කැලණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ  එච්.එම්. රංජිත් ප්‍රසන්න ජයවර්ධන විද්‍යාර්ථීයාගේ අභාවය පිළිබඳ නොක් ඊ පුවත්පතේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

Read More
comman කතුවැකිය 

භූමිකාව

යම් පුද්ගලයෙක් විවිධ අවස්ථාවලට අනුකූලව සැකසෙන ආකාරය භූමිකාව වශයෙන් හැදින්වේ. සමාජය යනු, භූමිකා රාශියක එකතුවකි. සමාජ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමෙහි ලා සමාජයක වෙසෙන ඒ ඒ පාර්ශවකරුවන්ගේ භූමිකාව මහෝපකාරී වේ. යම් සමාජ ආයතනයක් ස්වකීය භූමිකාව නිසි පරිදි ඉටු නො කිරීමෙන් සමාජ සමබරතාව බිඳවැටීමට පිළිවන. එහෙයින් අප නියෝජනය කරන සමාජ ස්ථර අනුව අපි අපේ භූමිකාව නිශ්චිතව සහ නිවැරදිව හඳුනා ගෙන ක්‍රියා කළ යුතු වෙමු. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද වැනි සූත්‍ර දේශනාවන්හි සමාජයේ වෙසෙන ඒ ඒ පුද්ගලයාගේ භූමිකාවන්හි ස්වභාවය පිළිබඳව විවරණය කළහ. එමෙන් ම චක්‍රවර්ති සීහනාද වැනි සූත්‍ර දේශනාවන්හි රටේ පාලකයන්ගේ භූමිකාව පිළිබඳව අවධාරණය කළහ….

Read More
comman තෙවැනි ඇස 

‘ටයිටැනික්’ පිළිබද තිරය පිටුපස ඇති කතා

තවමත් සිනමා ලෝලින් ආදරයෙන් වැළදගන්නා සිනමා පටය ටයිටැනික්. අපේ කාලයේ ආදර අන්දරය ඒ ටයිටනික්. ජැක් රෝස් ආදර අන්දරය තවමත් පෙම්වතුන් දකින සැබෑ සිහිනයක්. ආදරය ත‍්‍රාසය මෙන්ම වෛරය එක්ව දැවෙන මේ අපූරු සිනමාපටය ලෝක වාර්තා රාශියකට හිමිකම් කියන්නක්. මේ ඒ ටයිටැනික් ගැන නැවත විමසුමක්. විසිවන සියවස යනු යුරෝපය සාගරය පිළිබදව මෙන්ම නෞකා පිළිබදව දැඩි විමසිල්ලෙන් පසු වූ කාල වකවානුවකි. මේ නිසාම යුරෝපය තුළ අද්වීතීය නිර්මාණයක් ලෙස ටයිටැනික් නෞකාව නිර්මාණය වෙනු ලබයි. මෙය අති සුඛෝපභෝගී අයුරින් නිර්මාණය වූවක් නිසාම මෙහි යාත‍්‍රා කිරීමේ පූර්ණ අයිතිය හිමිවූයේ ඉහළ ධනපති පංතියට පමණි. මේ නිසා ප‍්‍රභූවරු…

Read More