web analytics
You are here
comman ගවේෂණ 

ඔහු සැබෑ ආදර්ශමත් නායකයෙක් විය.

නෙල්සන් මැන්ඩෙලා  1918 ජූලි 18 වන දින දකුණු අප‍්‍රිකාවේ ඊස්ටන් කේප් ප‍්‍රදේශයේ උම්ටුටාහි මාවේසෝ ගම්මානයේ දී උපත ලබා ඇත. ගොපලූ කොලූ ගැටයකු ලෙස හැදී වැඩුණ මැන්ඩෙලා මුල්ම අධ්‍යාපනය ලබන්නේ මොතෝදිස්ත ක‍්‍රිස්තියානි පාසලෙන්ය. එයට හේතුව වන්නේ මැන්ඩෙලාගේ මවුපියන් ක‍්‍රිස්තු භක්තිකයන් වීමයි. එහෙත් මැන්ඩෙලාගේ පියා මිය යෑමෙන් පසු ඔහුගේ මව තෙම්බු රජ පවුලට මැන්ඩෙලා බාර කරන්නේ ඔහුගේ අනාගතය ගැන හීන දකිමින්ය. මැන්ඩෙලා ද මෙහිදී ඉංග‍්‍රීසි භාෂාව ඉතිහාසය භූගෝල විද්‍යාව ආදී විෂයන් රාශියක දැනුම තම දැනුමට එක් කර ගැනීමට සමත් විය.. මෙතැනින් නොනැවතුන මැන්ඩෙලා තම ද්විත‍්‍රීයික අධ්‍යාපනය සම්පූර්ණ කරගනු ලබන්නේ් ක්ලාන්බරි බෝටරින් විද්‍යාලයෙනි….

Read More
අයාලේ ගිය සිතුවිලි 

කිරි කවන්නට සැරසෙමු….

කපා හෙලූ ක`ද පලා සිව් අතකට නේක කැටයම් කළ නිසාවෙන් මතු දවසක පෙරළා, ජාල පිටු සොයන්නට වේ ‘ගහක්’ මේක ඉස්සර ගහක් පුතේ අතු ගොඩක් තුබූ අතු මොන වගේද අම්මේ? හරියට අපේ අත් වගේ.. (කැටයම් කළ කළුවර ක`දක් මත හි`ද) නලිනිකා ලක්ෂාණි       

Read More
comman තෙවැනි ඇස 

මිනිසත්කම මගහැරුණු විනිශ්චය

ජේන් තරුණ කාන්තාවක්. ඇය ගුවන්තොටුපලේ සොෆාවක වාඩිවෙලා බලාගෙන ඉන්නේ තමන්ගේ ගුවන්යානය එනතෙක්. නමුත් ඇයට තවත් බොහෝ වෙලාවක් ගුවන් තොටුපලේ රැඳී ඉන්න වෙනවා. මොකද ඇයගේ ගුවන්යානය අද සාමාන්‍ය වෙලාවට වඩා ටිකක් පරක්කු නිසා. ජේන් තීරණය කරනවා පොතක් මිළදීගෙන ගුවන් යානය එනතුරු එය කියවන්න. ගුවන් තොටුපලේ පොත් සාප්පුවකින් පොතක් මිල දී ගන්න ඇය ඒත් එක්කම බිස්කට් පැකට්ටුවක් මිල දී ගන්නත් අමතක කරන්නේ නැහැ. ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ පුටුවක වාඩිවෙලා නිදහසේ පොත කියවන බලාපොරොත්තුවෙන් ඇය මගී පර්යන්තයට ඇතුළ් වෙනවා. ශාලාවේ කෙලවර තියෙන නැමි හාන්සි පුටුවක අසුන්ගන්න පොත කියවන්න සූදානම්වන ඇයගේ එහා පැත්තේ අසුනේ…

Read More
comman කාලීන 

බලශක්ති අර්බුදය හා අනාගතය

නූතනය වන විට සමස්ත ලෝක ප‍්‍රජාවම ඉන්ධන හා බලශක්ති අර්බුදයට මුහුණ දී සිටින බව රහසක් නොවේ. වර්තමාන ලෝකය කාර්මීකරණයේ උපරිම තලයකට පැමිණ ඇති නිසා ම පාරිභෝගික අවශ්‍යතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මෙවැනි පරිසරයක බලශක්ති අර්බුදය අනාගතයේ දී විශ්වය පුරාම පැතිරිය හැකි ගැටලුවකි. එහිදී ලොව නොයෙක් රටවල් බලශක්ති අර්බුදයට විසදුම් වශයෙන් ඒ රටවලට ආවේණික වූ වෙනස් වූ පියවර ගෙන ඇත. තාක්ෂණික වශයෙන් දියුණු සංවර්ධිත රටවල් බලශක්ති අර්බුදයේ දී ඒ සඳහා ප‍්‍රධාන විකල්පය වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ පරමානු ශක්තියයි. නමුත් තුන්වන ලෝකයේ රටවල් ජල විදුලි බලය ගැන විශ්වාසයෙන් කටයුතු කරන ආකාරයක් දැකිය…

Read More
comman සංවාද 

Slug තරඟාවලියේ ශූරතාවය ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විදෙස් තරඟාවලි සඳහා විශ්වවිද්‍යාලය මගින් අරමුදල් සම්පාදනය කරනවා…පීඨයේ පර්යේෂණ සේවා අයතනය් සහ ක‍්‍රීඩා උපදේශන සභාවේ සභාපති භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. ආර්. ඞී කාලිංග මුදලි මහතා

අපේ ජීවිතවලට වගේ ම විශ්වවිද්‍යාලයටත් වසන්තය එළඹෙන කාලසීමාවක් ළග ළග ම එනවා. කෙනෙක්ට ඒක විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි මේ උදාවෙලා තියෙන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා වසන්තය. එහෙමත් නැතිනම් අපේ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො දිවා ? නොබලා දරන මහන්සියේ මල් නෙලන කාලය. අපි මේ කතා කරන්නෙ ශ්‍රී ලංකා යුනිවර්සිටි ගේම් Slug ගැන. අධ්‍යන වර්ෂය අවසානයේ විභාග කටයුතුත් එක්ක සිසුන් මොනතරම් කාර්යබහුල වුනත් මේ තරඟාවලිය තුළ සුවිශේෂී ජයග‍්‍රහණ රැසක්ම ලබාගන්න කැලණියේ ක‍්‍රිඩා වීරයන්ට හැකියාව ලැබුණා. ඒ පිළිබද විද්‍යා පීඨයේ පර්යේෂණ සේවා අයතනය් සහ ක‍්‍රීඩා උපදේශන සභාවේ සභාපති  භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය…

Read More
comman තෙවැනි ඇස 

ඉන්දීය සිනමා අධ්‍යක්ෂිකා මීරා නායර්

මීරා නායර් 1957 ඔක්තෝම්බර් 27 ඉන්දියාවේදී උපත ලැබීය. ඇය වෘත්තීයෙන් සිනමා අධ්‍යක්ෂකවරියකි. නිෂ්පාදකවරයකි. නිලියකි. තිර පිටපත් ලේඛිකාවකි. වර්තමානයේදී ඇය ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි වාසය කරන අතර කොලොම්බියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කලා පාසලේ චිත්‍රපට අංශයේ මහාචාර්යවරියක ලෙස සේවය කරයි. ඉන්දීය සිනමාව වෙනුවෙන් මීරාගෙන් ඉටු වූ මෙහෙයෙ අතිමහත් ය. දිල්ලි විශ්වවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඇය එහිදී සමාජ විද්‍යාව පිළිබද උපාධියක් හිමි කරන්නට සමත් විය. අනතුරුව 1976 දී හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් ව උසස් අධ්‍යාපනය හදාරන්නට විය. මීරා සිනමා කලාවට පළමුවෙන්ම පිවිසියේ සිනමා නිලියක වශයෙනි. Mississippi Masala, The Perez  Family, My Own Country, Monsoon Wedding, Bollywood…

Read More
comman ගවේෂණ 

ඔලිම්පික් යටගියාව හා රියෝ ඔලිම්පික් රසකතා

2016 වර්ෂයෝ රියොද ජැනේරෝ නගරයේ පැවැති 31 වෙනි ඔලිම්පික් නිමා වූයේ අපූරු පුවත් රාශියක් මවමිනි. කි‍්‍රඩාවේ රසබර තැන් සේම කි‍්‍රඩාව නිසා ඇතිවූ අසම්මත ආදරයන් විවාහ යෝජනා ද දැක ගැනීමට මෙහිදී හැකිවුණා. පිරිසක් මෙම කරුණු කාරණා සාධාරණීය කොට සනාසී සතුටු වෙද්දී තවත් පිරිසක් අශෝභන කි‍්‍රයා ලෙස ඉවතලමින් විවේචනයන් කිරීමටද අමතක කළේ නෑ. කොහොම වුවත් දැං රියෝ ඔලිමිපික් නිමාව සනිටුහන් වී අවසන්. පුරා දින පහළවක් උත්සවශී‍්‍රයෙන් පැවැත්තුණු මේ ඔලිම්පික් උළෙලට තිබූ තර්ජනද අතිවිශාලයි. කෙසේවුවත් දකුණු ඇමරිකානුවන් සාර්ථක ලෙස තම රටෙහි පැවති ඔලිම්පික් වසන්තය නිමා කොට තිබේ. අපට නැවතත් ඔලිම්පික් දැකිය හැක්කේ 2020…

Read More
comman කාලීන 

පදික වේදිකාවේ සැබෑ හිමිකරුවන් මගී ජනතාව ද ?

බෙන්ස්, අවුඩි, මරුටි, බජාජ් ආදී රෝද තුනේ, හතරේ වාහන කාහටත් නොමැති වුව ද මහපාරක අයිතිය සමස්ථ ජනතාවටම හිමි බව අමුතුවෙන් කිවයුතු නැත. ලොකු කුඩා සෑම වාහනයක ම ගමනාගමන පහසුකම් හිමිවන විට පයින් ඇවිද යන දෙනොදාහක් ජනතාවට පදික වේදිකාවක නිදහසේ ඇවිදගෙන යාම නිදහසක් නොමැත. මහපාර මෙන්ම පදික වේදිකාවද වාහන ඇති සියල්ලෝ බදු අරගෙන ඇත. උදේ හවස දස දසහස් ගණනක මගී ජනතාව අසීරුතාවයට පත්වන ගැටලූවක් බවට මෙය පත්ව ඇත. පදිකයන්ට ගමන් කිරිමට තීරුවක් මාර්ගයේ වෙන්කර තිබුණද පදික වේදිකාවද අද වාහන මංතීරුවක් බවට රියැදුරන් පත්කරගෙන තිබේ. පදිකයන්ට පාර මාරවීමට ඇති කහඉර මතද හාන්කවිස්සියක්…

Read More