web analytics
You are here
අයාලේ ගිය සිතුවිලි 

පමා වූ වසන්තය

දෑස අයා සිටින්නෙමි බලාපොරොත්තුව ද කැටිකරගත් සිතින්, කිම්ද මෙතරම් පමා පැමිණෙන්න මා වෙත පෙනෙන මානයටවත් අඩගසමි ස්නේහයෙන්, අයැදිමි හදවතින්, දැනෙනවාද ඔබට…… හදවත ගැහෙන රාවය ඉතින්, ඉක්මණින් පැමිණෙන්න බලාසිටින්නෙමි පමා වී හෝ පැමිණෙයි කියා වසන්තය ඔබ………..   ඉෂානි හංසිකා ප්‍රථම වසර

Read More
comman කාලීන 

සමාජීය විද්‍යාඥයින්ගේ තෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016

‘සංවර්ධනයේ ගෝලීය අභියෝග: සමාජීය විද්‍යා පර්යාලෝකනය’ තේමා කර ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ, සමාජීය විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන, සමාජීය විද්‍යාඥයින්ගේ තෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016 සැප්තැම්බර් මස 30  සහ ඔක්තෝබර් 01 දෙදින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ දී පැවැත් වේ. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක උළෙල ජනාධිපති ලේකම්, පී.බී. අබේකොන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය මොහාන් ද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් ආචාර්යවරුන්, පර්යේෂකයින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 30 දින…

Read More
comman සංවාද 

මම පේ‍්‍රක්‍ෂකාගාරය වෙනුවෙන් මගේ වගකීම ඉටුකළා. දැන් තියෙන්නේ පේ‍්‍රක්‍ෂකාගාරයේ යුතුකම ඉටුකරන කාලයයි. -සමීර නා ඔටුන්න-

මේ දිනවල අපේ රටේ සිනමාව ප්‍රබෝධමත් ගතියක් පෙන්නුම් කරනවා. බලන බලන හැම පැත්තෙන්ම කුමක් හෝ විශේෂත්වයක් තියෙන චිත්‍රපට තිරගත වෙනවා. ඒ අතර ගොඩක් අය කතා වෙන ෆිල්ම් එකක් ලෙස ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය පෙන්වා දිය හැකි ය. ඇත්තටම මොකක්ද මේ මෝටර් බයිසිකල් කියන්නෙ. දෙස් විදෙස් සම්මාන උළෙලවල් රැසක දී සම්මානයට පාත‍්‍ර වුණු ‘මෝටර් බයිසිකල්’ ටිකක් වෙනස් විදිහෙ සිනමා කෘතියක් කියල තමයි ගොඩක් අයගෙ අදහස. සමනලී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා එක්ක දසුන් පතිරණ ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ සමීර නාඔටුන්න මහතා විසින්. මේ සිනමාවට අලුත් අධ්‍යක්‍ෂකවරයෙකු වූ ඔහුගේ පළමු සිනමා කෘතිය…

Read More
NEWS 

‘‘ඔඩිසි” නර්තන ප්‍රසංගයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා ඒකකයේ විද්‍යාර්ථීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ඉන්දීය නර්තන ශිල්පිනී පවුලමී ගුහා විසින් ඉදිරිපත් කල ‘‘ඔඩිසි” නර්තන ප්‍රසංගය 2016 පසුගිය දා (සැප්. 16) දින සේනක බණ්ඩාරනායක ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ. ඉන්දීය සංස්කෘතික කටයුතු පිලිබඳ ශ්‍රී ලංකා ආයතනය , ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය – නවදිල්ලිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා ඒකකය හා එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා,…

Read More
තෙවැනි ඇස 

කියව කියවා සිටීම වෙනුවට ‘කියවීම’

ඕනෑවට වඩා කියවන එක ඒ තරම් හොඳ දෙයක්  නෙ‍වේ. වල්පල්, කේලාම්, හිස් වචන කියවන එක බුදුදහමෙත් අනුමත කරන්නේ නෑ. ‍ඒත් මේ කතා කරන්න හදන්නෙ ඒ කියවිල්ල ගැන නෙවෙයි. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” පොත් පත් ආදිය කියවීම ගැනයි මේ වැකියෙන් කියා දෙන්නෙ. ඒ ගැන කතා කරන එක අද ගොඩක් වැදගත්. මොකද අද පරපුර කියවීමෙන් ගොඩක් ඈත් වෙලා නිසා. අතීතයේ උගත් පඬිවරු,ලේඛකයෝ බිහි වුණේ පොත් පත් ඇසුරු කිරීමෙන්. තම ලේඛණ ශෛලිය දියුණු කර ගෙන දැනුමින් පෝෂණය වන්නට පොත් පත් කියවීම කෙතරම් ඔවුනට ඉවහල් වන්නට ඇත්ද? මහගම සේකර, මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, ගුණදාස අමරසේකර,…

Read More
NEWS 

ජාත්‍යන්තර චීන අධ්‍යයන පරිසංවාදය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර පීඨයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ චීන පර්යේෂණ ආයතනය සහ කොන්ෆියුසියස් ආයතනය ඒකාබද්ධව ‘ශී‍්‍ර ලංකා චීන සාමාජික ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම’ යන මැයෙන් ප‍්‍රථම වරට පවත්වනු ලබන ජාත්‍යන්තර චීන අධ්‍යයන පරිසංවාදය සැප්තැම්බර් මස 22 වැනි දින පෙ.ව. 09.00 සිට දෙස් විදෙස් පර්යේෂකයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් විශ්වවිද්‍යාලයීය ශී‍්‍ර‍්‍ර ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කැලණිය විශ්වවවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මැතිතුමාගේ මගපෙන්වීම මත පැවැත්වෙන මෙම ජාත්‍යන්තර පරිසංවාදයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ඉ ෂියන් ලියන්ග් මැතිතුමා සහභාගී වීමට නියමිතය. සිංහල,…

Read More
අයාලේ ගිය සිතුවිලි 

අවර්ණ ය වර්ණ

හිස් තැනක් පුරවන්න මළගමක් සරසන්න අහස් ගඟ කලඹලා වලාකුළකින් ගෙනා සිත්තරා මග හැරපු ශ්වේත වර්ණය නුඹ.. හැඳින්නෙමි , වැහි අතර හිරු එබුණු අරුමැසි ම හැන්දෑවෙ නුඹ විසිරිලා ගිහින් අවර්ණ ම නුඹ සතුව වර්ණ බෝ තිබුණු බව ඉඳු දුන්න දැකීමෙන්…   මරියා

Read More
ගවේෂණ 

‘ප්‍රිස්මා’… සෝමාලියාවට පාන් දැම්මා වගේ

ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්‍රිස්මා ඇප් එක බොහෝදෙනා අතරෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්‍රිය වුනා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින් සහ පහසුවෙන් සිතුවමක් ලෙසට හරවගන්න පුලුවන්. කාලෙන් කාලෙට එන රැල්ල අතරේ පසුගිය දවස් ටිකේ අන්තර්ජාලය පුරා ම කතා වුණේ පොකෙමොන් ගෝ සහ ප්‍රිස්මා ගැන යි. පොකෙමොන් ගෝ කියන්නේ AR හෙවත් වර්ධිත සත්‍යතාවයෙන් යුත් නවතම ආකාරයේ ක්‍රීඩාවක්. ඒත් මෙය තවම ආසියානු රටවලට ලබා දී නැත.මේ ප්‍රිස්මා කියන්නේ නැණවත් දුරකතන සඳහා වූ ඡායාරූප සංස්කරණ යෙදුමක්. මෙය ඇලෙක්සි මොයිසීන්කොව් නම් මෘදුකාංග සංවර්ධකයා අතින් ජුනි මාසයේදී ඇපල් iOS දුරකතන සඳහා නොමිලේ මුදා හැරි යෙදුමක්….

Read More
NEWS 

කුහුඹුවන්ගේ නියැඳි ගැනීම සහ හඳුනා ගැනීම පිළිබඳ අන්තර්ජාතික පුහුණු පාඨමාලාවේ සහතිකපත් පිරිනැමේ.

ආසියාවේ කුහුඹු විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින් ආසියාතික කුහුඹු විශේෂ පිළිබඳ පර්යේෂණ සිදුකරනු ලබන කුහුඹු විද්‍යාඥයින් බිහි කිරීම සඳහා කුහුඹුවන්ගේ නියැඳි ගැනීම සහ හඳුනා ගැනීම පිළිබඳ අන්තර්ජාතික පුහුණු පාඨමාලාවක් පසුගිය දා (සැප්.15-16) පැවැත්විණ. සත්ත්ව විද්‍යා සහ පරිසර කළමනාකරණ අධ්‍යයනාංශයේ Regional center for Ant Research මගින් සංවිධානය කළ එම වැඩමුළුව සඳහා සහභාගී වූවන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සත්ත්ව විද්‍යා සහ පරිසර කළමනාකරණ අධ්‍යයනාංශයේ E1 203 විද්‍යාගාරයේදී සිදුකෙරිණ. මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයමින් ජපානයේ කගොෂිමා විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සෙයිකි යමානෝ…

Read More
NEWS 

සංගීත භාණ්ඩ පිරිනැමීමක්

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා ඒකකය වෙත පිරිනමනු ලබන සංගීත භාණ්ඩ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා වෙත නිල වශයෙන් පිරිනැමීම පසුගිය දා (සැප්.19) උපකුලපති කාර්යාලයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත, කලා සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ ඉන්දීය කාර්යාලයේ (ICCR) අධ්‍යක්ෂ රාජේශ්‍රී බෙහෙරා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, මහාචාර්ය බී.ඩී නන්දදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකා ද සිල්වා , ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි වූහ.  

Read More