web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා චෙස් කණ්ඩායම තෙවන ස්ථානයට

දොළොස් වන අන්තර් විශ්වවිද්‍යාලයීය චෙස් ශූරතාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට කැලණිය කණ්ඩායමට හැකි විය. කැලණිය විශ්වවිද්‍යාල කණ්ඩායම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 5-1 ලෙස ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 3 1/2 – 2 1/2 ලෙස ද සබරගමුව විශ්වවිද්‍යාලය 3 1/2 – 2 1/2 ලෙස ද පරාජයට පත් කිරීමට සමත් විය. අනතුරුව වයඹ කණ්ඩායම සමග පැවති තරගයෙන් 3-3 ලෙස සම ලකුණු ලබාගත් අතර කොළඹ කණ්ඩායම සමග පැවති තරගයේ දී 2-4 ලෙස පරාජයට පත් විය. ඒ අනුව සමස්ත තරගාවලියේ දී කැලණිය විශ්වවිද්‍යාලය තෙවන ස්ථානය හිමි කරගන්නා විට ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයත් අනුශූරතාව පේරාදෙණිය විශ්වවිද්‍යායත් හිමි කර ගැනීමට…

Read More
comman NEWS 

සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරය විවෘත කිරීම

HETC-IDAS ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කරන ලද සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරය 2016 සැප්තැම්බර් මස 26 දින පෙ.ව. 9.33 විවෘත කෙරේ. සමාජීය විද්‍යා  පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ආරාධනයෙන්, උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා විසින් මෙම ශ්‍රවණාගාරය විවෘත කිරීමට නියමිත ය.

Read More
කාලීන 

නොකර දිවි තොර, රැක ගනිමු එය නිතර කර ආදර

අද්‍යතන ශ‍්‍රී ලංකාවේ සමාජ ගැටලු අතරට එකතු වන්නක් ලෙස සිය දිවි නසා ගැනීම කැපී පෙනේ. තමාගේ කැමැත්තෙන් තමාගේම ප‍්‍රාණය නැති කර ගැනීම මෙනමින් හැදින්වේ. තමාගේ නොදැනුවත්කම නිසා රටක සිදුවන මෙවැනි අකල් මරණ, එරට සංවර්ධනය කරා යන ගමනේ බාධකයකි. සිය දිවි නසා ගැනීමෙන් ඇතිවන සමාජ පීඩනය රටේ කවුරුත් නිහඩ කරන්නක් බදුය. එනම් ජීවත්ව සිටින්නන්ටද එය දරා ගත නොහැකි අසහනයකි. අනෙක් රටවල් හා සසඳන කල ශ‍්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම සඳහා බලපාන ප‍්‍රධානතම හේතුව වන්නේ පේ‍්‍රම සබඳතා ඛණ්ඩනය වීමයි. පසුගිය දිනක දුංහිඳ ඇල්ලෙන් පැන සිය දිවි හානි කරගත් ආදරවන්තයින් දෙපළගේ අවාසනාවන්ත…

Read More
අයාලේ ගිය සිතුවිලි 

මදුරාපුර වැසියෙකුගේ හදගැස්ම

මෑණියනී පත්තිනී.. මගේ දුක අසාපන්.. නුඹෙ කෝප ගින්නෙන්ම මා ගතත් දවාපන්.. සැමියා මියගිය දුකට අපෙ වරද   කියාපන්.. මගේ පත්තිනිය නෑ කොහෙද ඈ සොයාපන් .. කුලී වැඩ කළේ මා අප දිවිය රැකගන්න.. සෙවනැල්ල මෙන් නිතර ඇය සිටියා සවි දෙන්න.. හිග වුවත් මිල මුදල් ජීවිතය ගෙනයන්න.. සතුට සැනසුම අපිට තිබුණා නිති ඇතිවෙන්න.. කිසිවිටත් ඈ වෙනත් පිරිමියෙකු පැතුවෙ නෑ.. මගෙ තිබුණු අඩු පාඩු ගැන දොසක් කීවේ නෑ වදනකින් පවා මට වැරැද්දක් වුණේ නෑ.. දිළිදුකම පතිදමට හානියක් කළේ නෑ.. දෙවියනී ඔබ මෙන්ම ඇයද විය ගැහැණියක්.. පතිනිදම් ඔප්පු කළ ඔබ වුණා දේවියක්.. ලෝකයට නැතිවුනත්…

Read More
NEWS 

අනගාරික ධර්මපාල ජන්ම සාංවත්සරික ජාතික මහා සමුළුව 2016

කැලණිය විශ්වවිද්‍යාලය, ජනාධිපති කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ‘අනාගතය සදහා ශ්‍රීමත් අනගාරික ධර්මපාල දැක්ම’ මැයෙන් 152 වන අනගාරික ධර්මපාල ජන්ම සාංවත්සරික ජාතික මහා සමුළුව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව. 9.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  දී පැවැත්වේ. 2016 සැප්තැම්බර් මස 25 සහ 26 දෙ දින පැවැත්වෙන මෙම සමුළුවේ දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සහ ජාතික ව්‍යාපාරය, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හා ජාත්‍යන්තර සම්බන්ධතා, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සහ අමද්‍යප ව්‍යාපාරය, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පිළිබඳ වර්තමාන කියවීම මැයෙන් දේශන සැසිවාර තුනක් පැවැත්වේ.  

Read More
NEWS 

”සොදුරු ගාන්ධර්වයා” ග්‍රන්ථය එළිදැක්වීම

අචිරවති යාලගම විසින් රචිත ඔස්ටින් මුණසිංහ ජීවිතාවලෝකන ‘සොදුරු ගාන්ධර්වයා’ ග්‍රන්ථය එළිදැක්වීම සැප්තැම්බර් මස 24 දින සවස 3.30 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංකථන මණ්ඩපයේදී පැවැත්වේ. සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩ මහතා විසින් මෙහෙය වන මෙම අවස්ථාවේදී ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත් සිංහල මහතා හා ආචාර්ය ජයලත් මනෝරත්න මහතා මෙහි මුඛ්‍ය දේශන පැවැත්වීමට නියමිත ය. සේනානායක වේරලියද්ද, නිරෝෂා විරාජිනි, අනුලා බුලත්සිංහල, රොඩ්නි වර්ණකුල, රත්නා ලාලානි ජයකොඩි, ඉන්දීවරී ආරියසිංහ, ත්‍යාගා එන්. එඩ්වඩ්, විජේරත්න වරකාගොඩ, ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ ඇතුළු ශිල්පීන් රැසක්ගේ ගැයුම් මෙහිදී ඉදිරිපත් කෙරේ.

Read More
තෙවැනි ඇස 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කවි බසින් පැවසූ කතාවක්.

මා ආදරණීය දරුවනි, නොඅසන්න ඔබ ඉගෙන ගන්නේ කොතැනද? එය පළිඟුවෙන් කළ මාලිගයක් ද නැතහොත් මඩින් තනන ලද නිවහනක් ද අසන්න එක් ප්‍රශ්නයක්, මා ඉගෙන ගන්නවාද?   නොඅසන්න දරුවනි, ඔබේ ගුරුවරයා කවුරුන්ද? අසන්න එක් ප්‍රශ්නයක් ඔහු හෝ ඇය අපට උගන්වනවාද?   නොඅසන්න දරුවනි, මා ඉගෙන ගන්නවා ද කියා මා ආදරණීය දරුවනි අසන්න එක් ප්‍රශ්නයක් මා ජීවත් වන තැන එයින් වෙනස් කළ හැකි ද කියි?   සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර බුදුබස සහ කවිබස සමග ඉසිවරු පහළ වෙති කෘතිය  

Read More
comman NEWS 

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය වොලිබෝල් තරගාවලියේ පිරිමි – ශූරතාව කැලණිය විශ්වවිද්‍යාලයට

දොළොස් වන  ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය වොලිබෝල් තරගාවලියේ පිරිමි- ශූරතාව සහ කාන්තා- අනුශූරතාව කැලණිය විශ්වවිද්‍යාලය දිනා ගැනීමට සමත් විය. සැප්තැම්බර් මස 9, 10 සහ 11 යන තෙදින වයඹ විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල දාහතරක් නියෝජනය කරමින් කාන්තා, පිරිමි වශයෙන් කණ්ඩායම් විසි අටක් සහභාගි විය. ඒ, බි, සී සහ ඩි යන කණ්ඩායම් යටතේ සමස්ත තරග පැවැත්වුණු අතර අවසන් පූර්ව තරගයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම 3-1 ක් වශයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ඒ අනුව අවසන් තරගය කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර පැවති…

Read More
comman NEWS 

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය සංග්‍රහය කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශන රත්නායකගෙන්.

2016 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානය යන ද්විත්වය “නැණ සිළුමිණ නම් උමන්දානන්දය” කාව්‍ය කෘතියට හිමිවිය. එය කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශන රත්නායකගේ නිර්මාණයකි. දූත ගීතය, කල්ප ලතා , මහනුවර චිත්‍ර සම්ප්‍රදාය හා සමාජය, වැනි කෘතින් ද බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, කව්සිළුමිණ යනාදී කෘතීන් සඳහා විවරණ ග්‍රන්ථ ද රචනා කර ඇති ඔහු භාෂාව හා සාහිත්‍යය, නාට්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු වන අතර මීට පෙර ද කාව්‍ය නිර්මාණ ගණනාවකට සාහිත්‍ය සම්මාන හා ජනාධිපති සම්මාන ලබා ඇත.    

Read More