web analytics
You are here
comman තෙවැනි ඇස 

මනුෂ්‍යත්වයට ගරහන්න එපා

දැන්වීම් යනු මාධ්‍ය සංස්කෘතිය තුළ ඉතා වැදගත් අංගයකි. එමෙන්ම එය ඉතා බලපෑම් සහිත සමාජ සංදේශයන් නිකුත් කරයි. විශේෂයෙන් ම පාරිභෝගික සමාජයේ දැන්වීම් යනු මිනිසුන් සහ බඩු භාණ්ඩ පිළිබඳ අරුත් කියා දෙන හෝ පෙන්වා දෙන ඉතා ප‍්‍රබල මාදිලියකි. ”ජාලි” නම් චින්තකයා පෙන්වා දෙන ආකාරයට ලිංග භේදය යනු දැන්වීම්කරුවන් විසින් ඉතා බහුල ලෙස භාවිතයට ගන්නා සමාජ මූලාශ‍්‍රයන්ගෙන් එකකි. මෙම අදහස සනාථ වන ප‍්‍රධාන කරුණ නම් දැන්වීම් තුළ දක්නට ලැබෙන ප‍්‍රධාන තේමාවන් ලිංග භේදය හා ලිංගිකත්වය මත පදනම් වන නිසාය. දැන්වීම් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඒවා ස්ථීර ලෙසම කාන්තාව පුරුෂයාට…

Read More
comman සංවාද 

හරිත සංකල්පයේ සාර්ථකත්වයට උද්‍යාන අංශයෙන් ලබා දෙන්නේ මහත් සහයෝගයක්. උද්‍යාන සංරක්ෂක එන්. එම් අරුණ ශාන්ත මහතා

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධති අතරින් පළමු වන හරිත විශ්වවිද්‍යාලය වශයෙන් ගෞරවයට පාත‍්‍ර වී තිබෙන කැලණිය විශ්වවිද්‍යාලයේ පරිසර හිතකාමී වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන්  උද්‍යාන පාලන අංශයට මහත් කාර්යය භාරයක් පැවැරී තිබේ. විශ්වවිද්‍යාලයේ පවතින ස්වභාවික වටපිටාව නඩත්තු කරමින් හරිත සංකල්පය කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙන උද්‍යාන පාලන සහ උද්‍යාන අලංකරණ අංශය වර්තමානයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. මෙම සටහන කැලණිය විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාලන අංශයේ උද්‍යාන සංරක්ෂක එන්. එම් අරුණ ශාන්ත මහතා සමඟ කළ සංවාදයකි. ඇත්තටම උද්‍යාන අලංකරණ අංශයෙන් සිදු කරනු ලබන කාර්යභාරය මොකක්ද? උද්‍යාන පාලන අංශයෙන් සිදු කරනු ලබන මූලිකම කාර්යභාරය වන්නේ…

Read More
comman ගවේෂණ 

‘අයියෝ’ ට ගිය කල…

ශ්‍රී ලංකාවෙ හා දකුණු ඉන්දියානු දෙමළ ජාතිකයන් විසින් බහුලව හාවිතා කරන වාක්‍ය ඛණ්ඩයක් වන ‘අයියෝ’, පසුගිය මාසයෙ මුද්‍රණය වූ ඔක්ස්පර්ඩ් ශබ්දකොෂයෙ නව ප්‍රකාශය තුළින් නිළ වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙ වාක්‍ය ඛණ්ඩයක් බවට ද පත් විය. සාමාන්‍යයෙන් ‘අයියෝ’ යන්න අප භාවිතා කරන්නෙ යම් කිසි දෙයක් පිළිබද අප්‍රසාදය, කනගාටුව, පසුතැවීම ප්‍රකාශ කිරීමටයි. ඉංග්‍රීසි භාෂාවෙ ද එවැනි අවස්ථාවල දී භාවිතා කිරීමට විවිධ වචන තිබුන ද ඊට වඩා ‘අයියෝ’ යන වාක්‍ය ඛණ්ඩය මගින් පසුතැවීම, කනගාටුව වඩාත් ත්‍රීව ව ප්‍රකාශ වන බව ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව ලෙස භාවිත කරන පුද්ගලයකු සදහන් කල බව ‘ඉන්දියා ටුඩෙ’ නම්…

Read More
comman කාලීන 

අධික ශබ්දයන් සීමා කරමු..

මිනිසාගේ ශ්‍රවනේන්ද්‍රිය උපතින් ම ශබ්ද ධාරිතාවන්ගේ සීමාසහිතව පිහිටා ඇත. අධික ශබ්දය හේතුවෙන් සහ අවම ශබ්දය හේතුවෙන් යන දෙයාකාරයෙන් ම ශ්‍රවනේන්ද්‍රිය නොඇසී යා හැකිය. ශබ්දය මනිනු ලබන්නේ ඩෙසිබල් (db) වලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඩෙසිබල් 85 කට වැඩි ශබ්ධයන් කනට හානිකර බවයි. යුරෝපා සංගමය සිදු කළ පරීක්ෂණයකට අනුව ඉයර්ෆෝන් එකක හඬෙහි ශබ්දය 120 db වේ. පුද්ගලිකව ශබ්දයෙන් සිදුවන සෞඛ්‍ය හානිය අවම කරගන්නා සේ ම පොදු සමාජයේ  වගකීම වන්නේ ද  ශබ්දය නිසා ඇතිවන හානිය අවම කිරීමට දායක වීමයි. අතීතයේ දී අපට පරිසර දූෂණය ගැන හෝ ශබ්ද දූෂණය ගැන අසන්නට නොලැබුණි. කාර්මික විප්ලවයෙන් පසු…

Read More
comman NEWS 

විදෙස් භාෂා ඉගෙනුම් හා ඉගැන්වීම් පිළිබඳ ජාත්‍යන්තර පරිසංවාදය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශය සහ කොරියන් භාෂා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ විදෙස් භාෂා ඉගෙනුම් හා ඉගැන්වීම් පිළිබඳ ජාත්‍යන්තර පරිසංවාදය පසුගිය දා (ඔක්. 21,22) මානව ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේදී පැවැත්විණ. ලංකාවේ වැඩිම විදේශ භාෂා ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා හැදෑරිය හැකි විද්‍යස්ථානය ලෙස කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රමුඛ වේ. උසස් අධ්‍යාපනය මෙන්ම විදේශ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී අවශ්‍ය ප්‍රංශ,ජර්මන් ,රුසියන්, චීන ,කොරියන් ,ජපන් යන විදේශ භාෂා හැදෑරීම සඳහා වැඩිම විද්‍යාර්ථීන් ප්‍රමාණයකට කැලණිය විශ්වවිද්‍යාලය තුළ පහසුකම් තිබේ. මෙම පරිසංවාදය තුළ “ විදේශීය භාෂා ඉගැන්වීම හා ඉගෙනීම ”යන තේමාව යටතේ සිදුකරන ලද පර්යේෂණයන් ඉදිරිපත්…

Read More
comman NEWS 

“ලොව දිනූ චරිත – 1 ” සඟරාව එළිදැක්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර අධ්‍යයන විෂය ශිෂ්‍ය සංසදය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන “ලොව දිනූ චරිත – 1 ” සඟරාවේ පළමු වෙළුම එළිදැක්වීමේ උත්සවය පසුගිය දා (ඔක්. 21) සමාජීය විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්විණ. ජාත්‍යන්තර දේශපාලනයෙහි කීර්තිමත් මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය ක්ෂේත්‍ර තුළ ගුණාත්මක හා ධනාත්මක පරිවර්තන සිදු කිරීමට පුරෝගාමී වූ ප්‍රකට චරිත පිළිබඳ විග්‍රහයන්ගෙන් මෙම කෘතිය සමන්විත වේ. මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය…

Read More
comman කාලීන 

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව

ලෝක සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ විය. වර්ෂ 1943 දී ආරම්භ කළ ඇමරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට්, සෝවියට් සමූහාණ්ඩුවේ ජනපති ජෝසප් සිටාලින් හා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්ච්ල් යන නායකයන්ගේ සාකච්ඡාවක ප්‍රතිපලය වූයේ 1945 ඔක්තෝබර් 24 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීමයි. එහි ප්‍රධාන සංවිධාන මූලස්ථානය වර්තමානය වන විට ඇමාරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇත. ජාත්‍යන්තර රටවල් අතර ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම, දුප්පත් රටවල ආර්ථික සංවර්ධනය හා මහජන සුබසිද්ධිය ද මූලාරම්භයේ අරමුණු වූ අතර, සාමාජිකත්වය ඇති රටවල් අතර මිතුරු සබඳතා වර්ධනය කර ගැනීම, මානව අයිතිවාසිකම් මෙන් ම මූලික නිදහස…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

හද මල

හරි සියුම් ඇගිලිවල සීරුවට පටලැවි වේදනාවක සුවය පුදසනක දරද්දී සිසිල් පැන් දොවාලා මියෙන මල් මත ඉසිමි මලානික රුව මකමි… හරි සියුම් වචනවල සිත හිමින් පටලැවී කඳුළුවල සිසිල ගෙන.. හද මලක් දොවාලා පුදසුනක තබන්නෙමි හෙට පරව යනු දැනන් රැඳෙන්නට නො ඉල්ලා.. මරියා  

Read More