web analytics
You are here
comman ගවේෂණ 

විවේකය අවශ්‍ය ඇයි?

ළමා අවධිය  පරිපූර්ණ භාවයෙන් වර්ධනය වෙත්ම තාරුණ තරුණියන් සමාජය තුළ තම අනන්‍යතාවය ගොඩනගා  ගනි. මානව සමාජයේ සිටින්නා වූ එක් ප්‍රවර්ගයක් ලෙස තාරුණ්‍යය හැඳින්වූවද තාරුණ්‍යය යන්නට නිශ්චිත අර්ථයන් නොමැත.අවබෝධය පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුරුදු 15-24 ත් අතර වයස් තත්ත්වයේ සිටින අය තාරුණ්‍යයයට අයත් බව පෙන්වාදී ඇත. ජීවන මගේ එක් අවස්ථාවක් වන යොවුන් අවධිය පුද්ගලයාගේ තවත් පරාරෝපණ අවධියක් වේ. තාරුණ්‍ය අවංකය, එඩිතරය,සාධාරණය වෙනුවෙන් සටන් කරයි,ආදරණීය මෙන්ම ඇතැම් අවස්ථාවන්හී කළහාකාරී මෙන්ම රැඩිකල්ය. නමුත් වත්මන් තාරුණ්‍යයට පවත්නා ප්‍රබල ප්‍රශ්නයයක් නම් විවේකයේ මද බවයි. විවේකය යනු ප්‍රාථමික හා ද්විතීක ක්‍රියාවන්ගේ පසුව ඉතිරිවන වැඩිපුර කාලය වේ.මෙහිදි…

Read More
comman NEWS 

මංජුසාව – 2016

“නැවුම් ලොවකට නැවුම් අරුණළු සොයා” යන තේමා පාඨය රැගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය ඒකාබද්ධව සංවිධානය කරන “මංජුසාව” – 2016 කලා උළෙලේ අවසාන මහා තරඟාවලිය සහ ප්‍රසංගය 2016 නොවැම්බර් මස 01 වන දින ප.ව. 6.00 ට කැලණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. වාර්ෂිකව පැවැත්වෙන මංජුසාව කලා උළෙලේ මෙවර විශේෂත්වය රුහුණු විශ්විද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයත් තරඟ අංශ සඳහා සහභාගී වීමයි. ප්‍රථම වසර සිසුන්ගේ කලා කුසලතා සංවර්ධනය කිරීම සහ ඔප් නැංවීම මෙහි අරමුණයි.  මෙවරත් තරඟ අංශ වශයෙන් ගායනය, නර්තනය, නිවේදනය, වාදනය, නාට්‍ය නිශ්පාදනය, පද්‍ය රචනා හා…

Read More
comman NEWS 

ආලම්බන ඡායාරූප ප්‍රදර්ශනය-2016

“හරිත ලොවකට ආලෝක සිත්තම්” යන තේමා පාඨය රැගත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විශේෂවේදී ප්‍රථම වසර සිසුන් විසින් සංවිධානය කරන “ආලම්බන”- 2016 ඡායාරූප ප්‍රදර්ශනය දෙවන වරටත් ඔක්තෝම්බර් මස 27, 28 දෙදින පුරා සමාජ විද්‍යා පීඨයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. හරිත සංකල්පය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජාව සහ පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ මූලික අරමුණයි. පාසල් ශිෂ්‍යයින් සඳහා ඡායාරූප කලාව සම්බන්ධයෙන් වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය. මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ බුද්ධි කීර්තිසේන යන මහත්වරුන් මෙම වැඩමුළුවේ උපෙද්ශකත්වය දරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ පවත්වන ආකර්ශනීය ම ඡායාරූප ප්‍රදර්ශනයක් වන “ආලම්බන” ඡායාරූප ප්‍රදර්ශනය…

Read More
comman ගවේෂණ 

දන්නා සහ නොදන්නා දේ

මිහිමත උපත ලද සෑම මිනිසෙකුම කිසියම් ඡවි වර්ණයකට උරුමකම් කියයි. එය කළු සුදු තලෙළු ආදියෙන් වූ වර්ණභේදයන් දක්වා දිව යයි.සුදු පැහැය යනු තාරුණ්‍ය දක්නා ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් වූ වර්ණීය අලංකාරත්වයයි.ඔවුන්ගේම බසින් කියනවනම් පට්ට ලස්සනයි. මේ නිසාවෙන්ම තලෙලු හා කළු යන සම්මතය ගොඩනගාගත් පිරිස් තමන් උපතින් ලත් සමේ පැහැයට වඩා වැඩි සුදක් ලබා ගැනීමේ උන්මාදයෙන් පෙළෙයි.එදා වේළ කෑමට අත මිට මුඳල්  නැති පුද්ගලයාගේ පටන් අතමිට සරුවූවන් දක්වාම කොපමණ මුදලක් වුවත් වැය කිරීමට කැමත්තෙන් මේ පසුපස යති.නමුත් ඒ තුළින් ඇතිවන අතුරු ප්‍රතිඵල මේ කිසිවෙකුටත් වගක් නැත. නවීකරණයයේ හිනිපෙත්ත සොයා යන ලෝකයක…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

රාවණා නුඹ ම වුණු…

බලාගත් වනම ඔය දෑස මත              මා රැදුණු සිහිනයන් අපමණැයි කියන්නට වත් නොවුණු ලෙනක නුඹ හා වින්ඳ හැගුම් මෙතරම් නිවුණු අදටවත් නුඹ නොදැන කාරණා     කිම ද වුණු හැඟීමක අරුත කිම මටම     මා හිමි නොවුණු රකිම් හැම හීනය ම රාවණා         නුඹ ම වුණු නලිනිකා ලක්ෂාණි  

Read More
comman සංවාද 

ශබ්දයෙන් ඇඳීමේ කලාව (Sound Design)

ශබ්ද නිර්මාණකරණය (Sound Design& අද කාලීන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ ශබ්ද නිර්මාණකරණය උපයෝගී කරගනිමින් සිදුකොට ඇති නිර්මාණ වඩා වැඩි ජනප‍්‍රියත්වයක් උසුලන නිර්මාණ බවට පත් වී ඇත. විශේෂයෙන් අද වන විට තරුණ පරම්පරාවේ ඉහළ ආකර්ෂණයක් Sound Design කෙරෙහි යොමු වෙමින් පවතිනවා. තාක්ෂණික උපාංග භාවිත කරමින්  නිර්මාණයට අවැසි සියලූම ආකාරයේ නිර්මාණාත්මක හැඩතල සපයන්නට හැකි වීම මෙහි විශේෂත්වයකි. නමුත් කාගෙත් උනන්දුවට සහ අවධානයට  ලක් වී ඇති මෙම ශබ්ද නිර්මාණකරණය ලංකාවේ තාමත් ප‍්‍රාරම්භක අවදියේ පසුවන බවක් දැක ගත හැකිය. ශබ්ද නිර්මාණකරණය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ…

Read More
comman NEWS 

“තිරසර සංවර්ධනය සඳහා තොරතුරු: අභියෝග සහ අවස්ථා” ජාත්‍යන්තර පරිසංවාදය 2016

“තිරසර සංවර්ධනය සඳහා තොරතුරු” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය මඟින් ප්‍රථම වරට සංවිධානය කරන ජාත්‍යන්තර  පරිසංවාදය 2016 ඔක්තෝබර් 21 සහ 22 දෙ දින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ දී පැවැත්විණ. තිරසර සංවර්ධනය කරා ළඟා වීමට  විවිධ  ප්‍රවේශ මාර්ග ඇත. පුස්තකාල හා විඥාපන කලමනාකරණ පර්යාවලෝකනයෙන් තිරසර සංවර්ධනයේ අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමේ උපායන් අන්වේෂණය කිරීම මෙහිදී මූලික ම අරමුණයි. දේශීය සහ අන්තර්ජාතික වශයෙන් තිරසර සංවර්ධනයේ දී ඇති අභියෝගමය අවස්ථාවන්ට මුහුණ දිමේදී ගැටලු අවස්ථා වලදී පුස්තකාල හා විඥාපන විද්‍යා විෂයට අනුව තොරතුරු ජාල සහ පුස්තකාල මාධ්‍ය උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ දැනුම…

Read More
comman NEWS 

“Happy Xinjiang” සංස්කෘතික සංදර්ශනය

චීන සංස්කෘතිකාංග පිළිබඳ අවබෝධය දියුණු කිරීමේ අරමුණින් චීන සංස්කෘතික අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා කැලණිය විශ්වවිද්‍යාලයීය කොන්ෆියුසියස් ආයතනය එක්ව සංවිධානය කළ “Happy Xinjiang ” සංස්කෘතික සංදර්ශනය පසුගිය දා (ඔක්.19) දින කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ හා Xinjiang සංස්කෘතික මණ්ඩලයේ සභාපති මුහතාර් ෂහසුති මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂමන් සෙනෙවිරත්න මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, නූතන භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය පුජ්‍ය මීමුරේ ගුණානන්ද හිමි, කොන්ෆියුසියස් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය හු අං ජිඒ…

Read More
comman NEWS 

GUPES හවුලේ සාමාජිකත්වය කැලණිය විශ්වවිද්‍යාලයට

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ පරිසර හා තිරසාර ගෝලීය විශ්වවිද්‍යාල හවුලේ (GUPES) සාමාජිකත්වය කැලණිය විශ්වවිද්‍යාලයට 2016 ඔක්තෝබර් මස 10 වන දින හිමි විය. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ පරිසර හා තිරසාර පුරුදු විශ්වවිද්‍යාල වල මුඛ්‍ය විෂය ධාරාවක් බවට පත් කිරීමයි. මෙම හවුලේ සාමාජිකත්වය මේ වන විට ලොව පුරා විශ්වවිද්‍යාල 815 කට හිමි වී ඇත.

Read More