web analytics
You are here
comman NEWS 

ව්‍යාපාර හා තොරතුරු පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2016

කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් හත්වන වරටත් සංවිධානය කළ ව්‍යාපාර හා තොරතුරු පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය ‘ Triumphing Business Excellence through Knowledge Exploration” යන්න තේමා කරගනිමින් පසුගියදා (නොවැ. 19) වත්තල Pegasus Reef හෝටලයේදී පැවැත්විණ. මෙම සම්මන්ත‍්‍රණයේ සමාරම්භක උළෙල කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය A H M H අබයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙහි මුඛ්‍ය දේශනය එංගලන්තයේ Birmingham විශ්වවිද්‍යාලයේ මහාචාර්ය David Dickinson මහතා විසින් සිදු කරනු ලැබිණ. සාමාන්‍ය කළමනාකරණය, ගිණුම්කරණය සහ මුදල්, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා අලෙවි කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා 90 කට අධික ප්‍රමාණයක් මෙහිදී ඉදිරිපත්…

Read More
comman NEWS 

රොබෝ තාක්ෂණ තරගාවලිය හා ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය

විද්‍යාර්ථීන්ගේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමට අවස්ථාව දීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ඉලෙක්ට්‍රොනික ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ රොබෝ තාක්ෂණ තරගාවලිය හා ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය පසුගියදා (නොවැ. 08) විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්.එච් සුමතිපාල මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය,විද්‍යාර්ථීන් හා පාසල් සිසුන් හා ආචාර්යභවතුන් සහභාගි විය. කණ්ඩායම් පැවරුමක් වශයෙන් ක්‍රියාත්මක වු මෙම තරගාවලියේදී හොඳම නිෂ්පාදිතයන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිණ.

Read More
comman NEWS 

SymSCMA – 2016’ පර්යේෂණ පරිසංවාදය

“Uncertainty Models for the Advancement of Interdisciplinary Sciences” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘SymSCMA – 2016’ පර්යේෂණ පරිසංවාදය පසුගියදා (නොවැ. 21)  කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. ඉන්දියාවේ Rourkela හි තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනයේ මහාචාර්ය S. Chakraverty මහතා මෙහි මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, සමාජ විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය A H M H අබයරත්න මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය N A K P J සෙනෙවිරත්න මහතා, සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය D D M ජයසුන්දර , විද්‍යා…

Read More
comman NEWS 

‘’Flying Shoe 2016’’

විශ්වවිද්‍යාල ජවන හා පිටිය ක්‍රීඩා කණ්ඩායම් තුළ සහයෝගිතාව වර්ධනය හා ක්‍රීඩාවේ උන්නතිය අරමුණු කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජවන හා පිටිය කාන්තා හා පිරිමි කණ්ඩායම් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ‘’Flying Shoe 2016’’ තුන්කොන් ජවන හා පිටිය තරඟාවලිය පසුගියදා (නොවැ. 04) විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටි අංක 01 හි දී පැවැත්විණ. මෙම තරඟාවලිය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය , වයඹ විශ්වවිද්‍යාලය හා කැලණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය. මෙම අවස්ථාවට ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්. ආර්.ඩී කාලිංගමුදලි මහතා , ශාරීරික අධ්‍යාපන අංශයේ වැඩ බලන ශාරීරික…

Read More
comman කාලීන 

ඒච්. අයි. වි. ඒඩ්ස් දිනයට පෙරවදනක්

ඒඩ්ස් ආසාදනයට හේතුකාරය වනුයේ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයයි. ඒඩ්ස් Aids-acquired immune deficiency syndrome නතු කර ගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය ලෙස හැදින්වෙන්නේ HIV Human immune deficiency virus මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය නමි රෝග කාරකය වසර 8-10 ක් කාලයක් තුල මිනිස් සිරුර තුල ඇති කරන ආසාදනයේ අවසාන ප්‍රතිඵලය වේ. මුල් ම ඒඩ්ස් ‍රෝගියා හමු වී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ආරම්භක කාල සිනමාවේදී මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුණ ද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළ ම පැතිරි යන රෝගයක් බවට පත්විය. අප්‍රිකානු කොළ වඳුරා මඟින්…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

අනාගතය

උපාධිය සහතිකය පිළිගත් රැකියාවක් සල්ලි පිරුණු ජීවිතයක් අනුන් අභියස අන් අයගේ සිනහව සතුට වෙනුවෙන් උකසට තැබූ ජීවිතයක් අවසාන උරුමය මගේ සිනහව මගේ සතුට මගේ පැතුමන් බොදව ගිය මට මා ද අහිමි වූ ජීවිතයක්………   සානිකා ප්‍රියංජලී දිසානායක

Read More
comman සංවාද 

Colours Night

විශ්වවිද්‍යාලයට අවතීර්ණ වන 8000ක් පමණ විද්‍යාර්ථීන් අතරින් කිසියම් ක‍්‍රීඩාවක් කරනු ලබන සමස්ත ප‍්‍රමාණය වන්නේ 700 – 900ත් අතර පිරිසකි. එයිනුත් වර්ණ ප්‍රදායනයන් සදහා සුදුසුකම් ලබන්නේ 200 – 250ක ප‍්‍රමාණයකි. විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන අනුගත කිරීමේ වැඩසටහන එසේත් නැතිනම් orientation Programme  තුළදී ද විශ්වවිද්‍යාල වර්ණ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ දැනුවත් කරනු ලබයි. නමුත් තරගකාරි අධ්‍යාපන රටාවකට හුරුව විශ්වවිද්‍යාලයට ප‍්‍රවිශ්ට වන විද්‍යාර්ථියා එම තරගකාරී අධ්‍යාපන ක‍්‍රමයම අනුගමනය කිරීමට බොහෝ විට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකිය.  ඒ පසුපස දිවයන විද්‍යාර්ථීන්ට වුව ද එක සේ වැදගත් වන අංශයක් ලෙස විශ්වවිද්‍යාල…

Read More
comman තෙවැනි ඇස 

‘වචනය’ ගැන වචනයක්

ආයුධයකට වඩා මුවහත් ය. බෝම්බයකට වඩා විනාශකාරී ය. සිත් බිදවයි ලේ වගුරුවයි බැදීම් බිදවයි හතුරන් වඩවයි ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න ‘වචනය’

Read More