web analytics
You are here
comman NEWS 

“අක්කරෙයිපත්තු අක්ෂර” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කැලණි සරසවියේ දී

කැලණිය විශ්වවිද්‍යාලයේ චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් ලියූ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම දෙසැම්බර් 30 වැනි දින පස්වරු 3.00 ට K2 002 ශාලාවේ දී එළි දැක්වේ. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හදාරන තෙවැනි වසර විද්‍යාර්ථියෙකු සේ ම පුවත්පත්කලාවේදියෙකු ද වන චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් ලියූ පළමු කාව්‍ය නිර්මාණ එකතුව එළිදැක්වෙන මෙම අවස්ථාවට සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා, සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා හා කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා සහභාගී වේ.  

Read More
comman NEWS 

හසලක කලාපයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් ස`දහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉතිහාසය විෂය පිළිබ`ද දැනුම ඉහළ නැංවීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද අධ්‍යාපන සම්මන්ත‍්‍රණයක් පසුගිය නොවැම්බර් මස 28 වනදා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ දී පැවැත්විණි. ඉතිහාස අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එම්. සුධර්මාවතී මහත්මිය ඇතු`ඵ ආචාර්ය මණ්ඩලයේ උපදේශකත්වය යටතේ සංවිධානය කරන ලද මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවීම කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මිකා මනතුංග මහත්මිය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නදීෂා ගුණවර්ධන මහත්මිය විසින් සිදු කරන ලදී. හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ විදුහල්පතිනිය එම්.ටී.අයි.පී. පෙරේරා මහත්මිය…

Read More
comman ගවේෂණ 

මිනිසා විසින් මිනිසා ගිලගැනීම….

සංස්කෘතිය වනාහි අත්‍යන්තයෙන්ම මිනිසා සමග බැඳී පවතින්නකි. මේ පිළිබඳ  එක් එක් සමාජයෙන් සමාජයට ලබාදෙන අර්ථකථනය වෙනස් වේ. මන්ද සංස්කෘතිය යනු එය බිහිකරගත් සමාජයට සාපේක්ෂ වුවකි.සංස්කෘතිය බිහි කරගන්නා ලද්දේ ද මිනිසා විසිනි.එය නෛතිකමය රාමුවෙන් බැහැරව  සමාජය  වඩාත් හොඳින් පාලනය කළ හැකි එකම ප‍්‍රපංචය වේ.සංස්කෘතිය යන විෂය පිළිබඳව ඇති පෞරාණික නිර්වචනය ඉදිරිපත් කළේ ඊ.බී.ටයිලර් නම් සමාජ මානව විද්‍යාඥයා ය .ඔහු විසින් වර්ෂ 1871 දී  රචනා කරන ලද කෘතියේදී  සංස්කෘතිය යනු දැනුම ,ඇදහිලි ,කලා,නීති,සදාචාර ,සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත්තා වු පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි ලෙස…

Read More
comman කාලීන 

ගුරු භූමිකාවට වටිනාකමක් ලැබෙන්නේ කවදා ද?

ලොව රඳා පවතින සාධක අතර අධ්‍යාපනය නැමැති සාධකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව ඉදිරියට ගමන් කරන්නේ කිසියම් පැරණි දැනුමක් උකහාගෙන එයින් නවමුකරණයක් බිහිවීම තුළිණි. ගුරුවරුන් වනාහි තම දැනුම ගුරුමුෂ්ටියකින් තොරව ශිෂ්‍යයන්ට ලබාදෙන පිරිසකි. ඔවුන් කරන සේවය කිසි දිනක මිල කළ නොහැකිය. වර්තමානයේ ගුරුවරුන්ට වැටුප් ලබාදුන් නමුදු ඔවුන් කරන සේවය ඒ වැටුපට මායිම් නොවන බව පැහැදිලිය. ගුරුවරයාගේ භූමිකාව ඈත අතීතයට දිවයන්නකි. ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් ද බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, අල්ලාහ් දෙවිදුන් වැනි ශාස්තෘවරයාණන් වහන්සේලා ද ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සේ සැලකිය හැකිය. මක්නිසාද යත් ඔවුන්, ඔවුන්ගේ මුළු ජීවිතයම තමන් දන්නා හා…

Read More
comman කාලීන 

ඔබත් හිතන්නේ මෙහෙමද?

ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. එක් වෙලාවක දිනනවා, තවත් වෙලාවක පරදිනවා. පරදින තැනින් නැගිටලා ආයෙම දිනන්න හිතන් වැඩ කරනකොට ආපසු හැරිල බලද්දි හිතෙන්නේ පටන් ගත්ත තැනම නේද කියලා. ඉතින් එතකොට තමයි හිතෙන්නේ මේ කරන විකාර වැඬේ මොකක්ද කියලා. එහෙම කියල බෑනේ. පටන් ගත්තනම් ඒ වැඬේ ඉවර කරන්නම  ඕනි. ඔන්න ඔහොම තමයි අපි ජීවිතේ දිනන්න හිතාගෙන වැඩ කරනකොට අපට වෙන්නේ. මේ විදිහට වැඩ කරද්දී සමහරු දිනන්න පුලූවන්ද බැරිද කියලා බලන්නෙත් නැතුව අතෑරලා දානවා. ඒත් සමහරු දිනුවත් පැරදුනත් වැඬේ ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් නෑ. හැබැයි එහෙම කරපු අය තමා අන්තිමේ දිනලා තියෙන්නෙත්….

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

ආදරණීය වස්සානය

  ඔබ නැතුව මේ පාලූ මහපොළව ඉරි තළලා හතරවට මට ඇහුණා අප්පච්චි හොර රහසේ හඬන හඬ බලන් සුසුම්ළන කුඹුරු දෙස ආදරණීය වස්සානය හැකිනේ නුඹට එක ම එක දවසකට මේ පැත්තේ ඇවිත් යන්න   සුපුන් පි ජයසිංහ

Read More