web analytics
You are here
comman NEWS 

කැලණියේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයට වසර 25යි

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ රජත ජයන්ති සැමරුම් උත්සවය පසුගිය දා (දෙසැම්බර් 05) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වු මෙම අවස්ථාවේ මුඛ්‍ය දේශනය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජී.ඩබ්.ඩී.එන් සිසිර කුමාර මහතා ඇතුළු වෙනත් අධ්‍යයන අංශයන්හි අංශාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීහූ සහභාගි වූහ.

Read More
comman NEWS 

ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානෝත්සවය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් පවත්වාගෙන යනු ලබන ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ 6 වන කණ්ඩායමේ ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්සවය පසුගිය දා (දෙසැ. 10 ) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේ මුඛ්‍ය දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එම්. පී. කුලසේකර මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ලේඛකාධිකාරී ඩබ්. එම් කරුණාරත්න මහතා, ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එම්. සුධර්මාවතී මහත්මිය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, ඩිප්ලෝමාධාරීහු සහභාගි වූහ.

Read More
comman NEWS 

නත්තල් උත්සවය

ලෝක ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි ජනතාවක් අදහනු ලබන ආගම කතෝලික ධර්මයයි. ඒ අනුව ලෝ ජනගහනයෙන් වැඩිම පිරිසක් එකවර සමරනු ලබන ආගමික උත්සවය වන්නේ නත්තල් මංගල්‍යයයි. පාස්කු මංගල්‍යය ද කිතුනු බැතිමතුන් සියල්ලෝම සමරනු ලැබූව ද නත්තල් මංගල්‍ය තරම් උත්කර්ෂවත් ලෙස පාස්කු මංගල්‍ය නොසැමරීමට හේතු කොටගෙන නත්තල් උත්සවය සදහ ප්‍රමුඛස්ථානයක් හිමි වේ. නත්තල් මංගල්‍යය යනු හුදු සැරසිලි, ප්‍රිය සම්භාෂණ, අලංකාරවත් දේව මෙහෙයන්, ප්‍රදර්ශනාත්මක බෙදා හදා ගැනීම් ඉක්මවා ගිය අධ්‍යාත්මික නැඹුරුවක අවශ්‍යතාව පෙරදැරි කොටගත් මහා මංගල්‍යයකි. මේ මිහිමත මැවුම්කරුවාණන් වන දෙවි මහෝත්තමයාණන්ගේ එකම පුත්‍රයා මිනිස් වෙස් ගනිමින් මිනිසාගේ පව් දුරු කරලනු සදහා…

Read More
comman කාලීන 

නත්තල් පා වැසුමේ කතාන්දරය

පා වැසුමක් නැතහොත් මේස් යුගලයක් සාමාන්‍යෙයන් පොදු ජන සමාජයක කරළියට ගෙන ඒම සිදු නොකරනු ලබන්නක් නමුත් පා වැසුමකට සුවිශේෂී ස්ථානයක් ලැබෙන අවස්ථාවක් මිනිස් සමාජයේ දක්නට ලැබෙනවා. එකී අවස්ථාව දින දර්ශනයේ අපරභාගයට වන්නට හමුවෙනවා. ඒ සුවිශේෂී අවස්ථාව නම් නත්තල් කාල සීමාවයි. නත්තල් උත්සවයේදී අලුත් පා වැසුමක් නත්තල් සැරසිල්ලක් ලෙස යොදා ගන්නට කිතුනු බැතිමතුන් යොමුව තිබෙනවා. මේ නත්තල්  සැරසිල්ල ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වල කිතුනු ජනයා බහුල වශයෙන් ජනප්‍රිය විලාසිතාවක් ලෙස යොදා නොගත්ත ද බටහිර කිතුනු සමාජයේ මෙකී සැරසිල්ල අති මහත් ජනප්‍රිය වී ඇත. මෙම සැරසිල්ල සදහා යොදා ගනු ලබන්නේ තනි පා…

Read More
comman සංවාද 

‘‘වර්තමානය වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නිර්මාණකරණයේ යෙදීමට නොවේ විභාග සමත් වීමටයි වැඩි උනන්දුවක් දක්වන්නේ.’’ මහාචාර්ය ජිනදාස දනන්සූරිය

සිංහල සාහිත්‍යය ක්ෂේත‍්‍රය සඳහා ‘ජනශ‍්‍රැති අධ්‍යයන, සම්ප‍්‍රදාය හා සංස්කෘතික හර, කවිකාරමඩුව සහ කාව්‍යක්කාරයෝ සහ කෙටිකථාකරණය’ ආදී ග‍්‍රන්ථ ඇතුළුව තවත් කෘති රැසක් ද ‘හිරකරුවා බැහැ දැක්කෙමු’ ,‘ඉතාලි ජනකතා’ යනාදි කෘති ඇතුළුව පරිවර්තන කෘති රැසක් ද දායාද කරමින් අපරිමිත සේවාවක් සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා සමඟ කළ සංවාදයක් මෙසේ සටහන් කරමු. නිර්මාණකරුවා කියන්නේ කවුද? නිර්මාණකරුවාට නිර්මාණකරණයේ යෙදීමට විශේෂ හැකියාවක් තිබිය යුතුයි. ඔහු හෝ ඇය සංවේදී පුද්ගල චරිතයක් විය යුතුයි. එහෙම නැති අයට නිර්මාණකරණයේ යෙදෙන්න බෑ. නවකතා කලාව නාට්‍ය කලාව කෙටිකතා කලාව ඉතාමත් යහපත් අන්දමින් හදාරලා තියෙන්න…

Read More
comman ගවේෂණ 

භාෂණය හා ලේඛනය අතර අද්විතීය ස්ථානය භාෂණයට හිමිවන්නේ කෙසේද?

භාෂාව වනාහි සන්නිවේදනය උදෙසා භාවිත වන  මෙවලම ලෙස හ`දුන්වා දිය හැක. භාෂාව ඉදිරිපත් කිරීම ස`දහා භාෂා සංඥා ^Language Signals& මූලික වේ. මානව භාෂාව සලකන කල භාෂා සංඥා ප‍්‍රධාන මාධ්‍ය දෙකක් ඔස්සේ ඉදිරිපත් කෙරේ. එම මාධ්‍ය ද්විත්වය භාෂණය ^Speech& සහ ලේඛනය ^Writing& යනුවෙන් හ`දුනාගත හැකි ය. භාෂණය හෙවත් කථනය ඉදිරිපත් කිරීමේදි භාෂණ ශබ්ද (Stich Sounds& මුල් වන අතර ලේඛනය ඉදිරිපත් වන්නේ අක්‍ෂර ^Letters& මාර්ගයෙනි. ලොව පවතින කිසිදු භාෂාවක භාෂණය හා ලේඛනය සියයට සියයක් සමාන නොවේ. එහෙත් සිංහල, දෙමළ, හින්දි වැනි ඇතැම් භාෂාවල  භාෂණය හා ලේඛනය අතර පවතින පරතරය ඉතා විශාල බව…

Read More
comman කාලීන 

නවීන තාක්ෂණයට අභිබවා යා නොහැකි පොත් කියවීමේ පුරුද්ද

පරිගණක යුගයේ ආගමනයත් සමග අප දැනට ආස්වාදනය ලබන ජීවන තත්ත්වය කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇත. අන්තර්ජාලය මගින් අපට ලැබුණ ගෝලීයකරණය හරහා  ලොව, ඉතාමත් කුඩා ස්ථානයක් බවට පත්වී ඇත. නවීන තාක්ෂණය නිරතුරුව යාවත්කාලීන වීමත් සමග අප දැනට ගෙවන ජීවන තත්ත්වය දියුණු කරවීමට මින් පෙර කළ නොහැකිව තිබූ දේවල් එක් ඇඟිලි තුඩක ස්පර්ෂයකින් සැබෑවක් බවට පත්කර ගැනීමට හැකියාව ඇත. ලොව පුරා විවිධ රටවල විවිධ මිනිසුන් එක් භාෂාවක් කතා කිරීම, අන්තර්ජාලය හරහා එක් පුවතක් ක්ෂණිකයෙන් ලොව පුරා පැතිරවීමට ඇති හැකියාව, ආහාර, බීම වර්ග සහ විලාසිතා සඳහා සියල්ලන්ටම එක හා සමාන රුචිකත්වයක් ඇති…

Read More
comman කතුවැකිය 

සාර කෙතේ මල් පූදින සුයාමය

විද්‍යර්ථීන්ගේ ශාස්ත්‍රීය මෙන් ම නිර්මාණශීලී ලේඛන කුසලතා වර්ධනය කිරීමත් විචාරශීලී ග‍්‍රාහක සම්ප‍්‍රදායක් ගොඩනැංවීම මෙන් ම  නොක් ඊ පුවත්පතේ මූලික පරමාර්ථය යි. නිර්මාණශීලීත්වයෙන් හා විචාරශීලීත්වයෙන් තොරව ග‍්‍රාහක සමාජයකට දේශීයව හා ගෝලීයව පැන න`ගින සමාජ සංස්කෘතික අභියෝගවලට මුහුණු දීමට නොහැකි බව අපගේ විශ්වාසය යි. නූතන ලංකාවේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරකම් ඔස්සේ ග‍්‍රාහකයාට සිදුවන හිතකර අහිතකර බලපෑම වටහා දීමටත් අහිතකර බලපෑමෙන් ග‍්‍රාහකයා මුදවා ගැනීමටත් දැනට පවතින සමාජ සංවාදය ප‍්‍රමාණවත් නොවන බව අපගේ හැ`ගීමයි. ඒ අනුව මෙයින් දෘශ්‍යමාන වන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන් ම පොදු සමාජයේ ක‍්‍රියාත්මක ග‍්‍රාහක අධ්‍යාපන ව්‍යාපෘතිවල නොයෙකුත් කඩතොලූ පවත්නා බවයි. ග‍්‍රාහක අධ්‍යාපනයෙහි…

Read More