web analytics
comman තෙවැනි ඇස 

මිනිසාගේ අපේක්ෂාවේ අවසානය

එක්තරා රාත්‍රියක, කඩකරුවා තම කඩය වැසීමට ඔන්න මෙන්න කියා තිබියදී බල්ලෙක් කඩයට ගොඩ වැදිණි. උගේ කටෙහි මල්ලක් එල්ලෙමින් තිබිණි. බෑගය තුළ මුදල් සමඟ මිලට ගැනීමට නියමිත බඩු ලැයිස්තුවක්ද තිබිණි. කඩ කරුවා මුදල් රැගෙන නියමිත බඩු බෑගය තුළට දැමීය. එසැනින් බල්ලා බෑගය රැගෙන කඩයෙන් පිට විය. කඩකරුවා සිදුවීමෙන් විස්මයට පත්ව බල්ලා පසුපස ඇදුනේ උගේ අයිතිකරු පිළිබඳව සොයාබැලීමේ අදිටනින්ය. බල්ලා බසයක් එනතුරු බස් නැවතුමේ නැවතුනේය. ටික වේලාවකට පසු පැමිණි බසයට බල්ලා ගොඩ වුණේය. කොන්දොස්තරවරයා පැමිණිවිට බල්ලා තරමක් ඉදිරියට ගොස් තම බෙල්ලේ බැඳි පටියතුළ තිබූ මුදල් හා බැසිය යුතු ලිපිනය සඳහන් කොල කැබැල්ල…

Read More
comman ගවේෂණ 

සිලප්පදිකාරම්’ සාහිත්‍යයේ කියැවෙන ‘කන්නගී’

‘සිලප්පදිකාරම්’ දෙමළ සාහිත්‍ය කෘතියකි. ”ඉලංගෝ අඩිහළ්” විසින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. සිලප්පදිකාරම් කෘතියෙහි කතා නායිකාව කන්නගිය යි. චෝල රටේ කාවේරි නම් නගරයේ ධනවත් සිටු පවුලක ඇය උපත ලබයි. දෙමාපිය රැකවරණය මැද හැදී වැඩුණු ඇය වයස මුහුකුරා ගිය පසු සිටු පවුලක තරුණයෙකු වූ කෝවලන් නැමැති ධනවත් ව්‍යාපාරිකයාව විවාහ කර ගත්තා ය. කාලය කෙමෙන් ගතවෙද්දි කෝවලන් මාධවී නැමැති නාට්‍යාංගනාවක් සමඟ අනියම් සබඳකමක පැටලිණි. ඇය දේවදාසී කුලයට අයත් තැනැත්තියකි. මොණරෙකු මෙන් රගන, කොවුලෙකු මෙන් ගයන, ඇයගේ ප්‍රේමණීය වදන් වලට කෝවලන් වශී වී තමන් සතු සියලු ධනය ඇය වෙනුවෙන් වියදම් කළේ ය. ඔහුට…

Read More
comman කාලීන 

මනුෂ්‍යත්වය පිරි අනාගතයක් උදෙසා…

මව් කුසක් තුළ පිළිසිඳගත් කළලයක් දස මාසයක් ගෙවා දමමින් මෙම ධරණිතලයට පිවිසෙනුයේ කිසිවක් නොදත් දරුවෙකු ලෙසය. එම බිළිඳා අනාගතයේ දී යහපත් හෝ අයහපත් පුරවැසියෙකු වීමට බලපානුයේ මෙම සමාජ තලයේම ක්‍රියාකාරකම්ය. යහපත් සමාජ තලයක ඉපදෙයි නම් ඒකාන්තයෙන්ම යහපත් පුරවැසියෙකු වනු නොඅනුමානය. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක මනුෂ්‍යත්වය සැඟවී ගොස් ඇත. පරාර්ථය යටපත්ව ස්වාර්ථය ඉස්මතුව ඇත. සමාජයේ අත්තිවාරම මුදල් බවට පත්ව ඇත. ගමෙයි පන්සලෙයි බැඳියාව බිඳී ගොස් ඇත. පොහොය දිනයකදී පන්සලට ගොස් මල් පහන් පුදා බුදුන් වැදීමට මිනිසුන්ට අමතකව ඇත. අද ලෝකය විශ්ව පවුලකි. මෙකී සංකල්පය තුළ මව් පිය දූ දරු…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

හදවතට කියන වග නම්

මහද කම්පනය වනු මුදු සියුම් ස්වර රිද්මයෙන් ඉපිලී නොයනු නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන්   සියුම් ගැස්මක් වුවද ගිලිහෙනා ග්‍රහණයක් විඳි නොවිඳි ස්පර්ශ අග රිදුම් දෙන කටු තුඩක් සීතලක්.. දැඩි සීතලක් ලෙයත් මිදෙනා සීතලක්   මහද චංචල නොවෙනු ජීවිතය අනියත තැනක් දිනුෂිකා ආරියරත්න

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

Anniversary

නිළ නැතිව ගෙවී ගිය මතකවල දින ගණන් කැලැන්ඩර් හීනෙකින් ගණින්නද?. හිත්වලම හිර කරන් නෙත්වලම පැටලැවුම් හැඟුම්වල රිදුමකින් මනින්නද? සීමාව රැකගත්ත ආලයක සැනසිල්ල සිරුවට සීල් කර ලිහන්නද? කාලයත් මුලාවෙ ද ආලයත් අයාලෙ ද ප්‍රේමෙටත් ඇනිවසරි තියෙන්නෙද?????     මරියා

Read More
comman සංවාද 

‘‘හොඳ තීරු ලිපි රචකයෙක් වෙනවා නම් ඔහුට සමාජය පිළිබඳ නිවැරදි දෘෂ්ටියක් තිබිය යුතුයි. එවිට ඔහුට පුළුවන් සංවේදී මනසක් ඇති කරගන්න.’’ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර

සාහිත්‍යවේදි සහ ප‍්‍රවීණ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා පුවත්පත් විශේෂාංග රචකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයකු, නවකතාකරුවකු ලෙසින් අද්‍යතනයේ ගෞරවයට පත් සුවිශේෂී පුද්ගලයෙකි. බාලේ පටන් නන්විධ පුවත්පත්හි ලේඛන කටයුතුවල යෙදුණු මෙතුමන් ‘මනස් සිතුවිලි, සම්භාෂා, ගමේ විත්ති, බණ්ඩාගේ වාක්‍ය’ ආදී  තීරු ලිපි රචනා කළ අතර පසුගිය වසරේ ප‍්‍රකාශයට පත් කළ රිදී දිය රැළි බිඳී කාව්‍ය ග‍්‍රන්ථය ඔහුගේ පස්වන කාව්‍ය කෘතියයි. කිසිවකු විචාරයකට ඉදිරිපත් නොවූ කල සුගතපාල ද සිල්වා මහතාගේ  අමුතු ඉලන්දාරියා කෘතියට ‘අමුතු ඉලන්දාරියා  සහ සාහිත්‍ය විචාර චින්තාවලී’ නමින් විචාර කෘතියක් රචනා කරන්නේ විචාර සාහිත්‍යට නව අරුත් එක් කරමිනි. එතුමන් සිය සාහිත්‍ය නිර්මාණ පිළිබඳ…

Read More
comman NEWS 

‘සුරූපිය සහ මෘග’නිදහස් වෘත්තාන්ත රංගය

ඉගැන්වීම් සහ ඉගෙනුම් ව්‍යාපෘතියක් වශයෙන් (Teaching and learning Project) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් ඉදිරිපත්කරන ලද සුරූපිය සහ මෘග (Beauty and the beast) වෘතාන්ත රංගය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරි, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න මහතා ඇතුළු අංශාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආරාධිතයන් හා විද්‍යාර්ථීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා (ජනවාරි 04) කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී රංගගත කෙරිණි. අසුන්දරත්වය සහ සුන්දරත්වය තුළ පවතින සැබෑ වටිනාකම හඳුනා ගැනීමට මෙම නිර්මාණය තුළින් උත්සහගෙන තිබුණි. එහිදී නිර්මාණාත්මක සන්නිවේදන විෂය…

Read More
comman කාලීන 

සිතන්නට යමක්

බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකට ම පොදු දෙයක්. විශ්වය බිහි වූ දා පටන් විශ්වයේ ඇති සෑම පදාර්ථයක් ම ගුරුත්වාකර්ෂණය යන ගුප්ත බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා ඒ භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන් සිතුවිලි වලින් ද බැඳීම් ඇති කර ගන්නවා. ඇතැම් අවස්ථාවන්හී දීමේ බැදීම් නිසාම, තමන්ගෙ ඇහේ තියෙන පොල්  පාරාලේ  දකිනවාට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකින්න මිනිස්සු හරි කැමතියි,මනසින් උසස් කිව්වත් ඒ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..කොයි කවුරු අතිනුත් පුංචි පුංචි වැරදි වෙනවා, අත් වැරදීම් වෙනවා,එක එක් කෙනාට අනිත් අය අතින්  සිදු වෙන වැරදි අඩුපාඩු  වෙනස් ,ඒ නිසාම ඒ…

Read More