web analytics
comman ගවේෂණ 

පෙම්වතුන්ගේ මුනිවරයා

සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ පාලන කාලයේ රෝමයේ කතෝලික දෙව් මැදුරක ජීවත් වූ අයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වුයේ ය. එහෙත් මෙකළ රෝම අධිරාජ්‍යය පුරා මිත්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිරී ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොය තිබුණි. කිතු දහම ඇදහීම සරගත කිරීම, පිටුවහල් කිරීම, වහල් මෙහෙවරට පත් කිරීම, දේපළ රාජ සන්තක කිරීම හා වධ බන්ධනවලට ලක් කර මරණයට පති කිරීම යන දඩුවම්වලට හේතු සාධකයක් විය….

Read More
comman කාලීන 

විභාග භීතිකාවට පිළියමක්

විභාගයක්‌ ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක්‌ ඇත වේ . මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ.මෙසේ ඇති වන බිය නිසාම විභාගය අසාර්ථක වීම මෙන්ම හිසරදය, චර්ම රෝග හා මානසික පීඩා ද ඇති විමේ ප්‍රවණතාවය වැඩිය. ඇතැම් විද්‍යාරථීන්ගේ මතකය මේ බිය නිසා බිංදුවට බසින අවස්‌ථා ද ඇත. එනිසා කෙනකු විභාග භීතිකාව යනු කුමක්‌ දැයි හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. අනෙක්‌ අතට බියක්‌ ඇති වූවායැයි විභාගය මඟහැර යන්නට අපට නොහැකි ය. එසේ වුව හොත් පාඩු වන්නේ අපට ම ය. එනිසා කළ යුතු වන්නේ විභාගය හැර දමා…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

-සැලලිහිණි සංදේශය- නිව් වර්ෂන්.

එන විට කැලණි නගරය වෙත පියා සලා දුම් රොටු ගෑස් ඇත පවනට මුදා හෙළා නාසය වසාගෙන තටුවෙන් පමා වෙලා සැලලිහිණියා පැමිණුණි කළු පාට වෙලා මේ බර හසුන ගෙන හිස පිරි මදින්නට නැත ඇඹණියක් එනතුරු මග බලන්නට හැමගෙම සුන්දරිය අඳුරෙහි විටින් විට සැරසෙයි පැයක් ඔහු හට තනි රකින්නට ඉගිලෙන අතර සුවිසල් නුග සෙවණ වෙත හමුවුණ මිතුරු කැල විගසින් වනා අත පෙන්වා තමන් ලද මාසික වැටුප් පත අමතන ලදී සැනහෙන්නට සුරා විත ටෙලි නාටකය සාලය මැද රැව් දෙන්නා සැලලිහිණියා ඒ හඬ අහගෙන උන්නා අඹ මාළුව ඉදී ලිප උඩ රොස් වෙන්නා කියමින් පුතෙකු…

Read More
comman NEWS 

උපනෙත – 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංගකලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය මගින් සංවිධානය කරන ලද උපනෙත – 2017 ජනවාරි 18 හා 19 දෙදින ලයනල් වෙන්ට්ඞ් කලාගාරයේ දී පැවැත්වේ. දහ නවවන වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ප‍්‍රතිබිම්බ කලා ශාස්ත්‍රවේදී විශේෂ 2011/2012 වසර විද්‍යාර්ථින් විසින් සිදු කරනු ලබයි.    

Read More
comman ගවේෂණ 

පිහිනීමට උපන් හපන් යුස්රා මර්දිනී ….

“සරණාගතයින් සාමාන්‍ය මිනිසුන්ය”’  -යුස්රා මර්දිනි- දේශ සීමා නොමැතිව තරඟ බිමට පැමිණි ඇය යුස්රා මර්දිනී (Yusra Mardini) ය. මැය ගැන හැමෝම කතා කරන්න පටන් ගන්නේ 2016 රියෝ ඔලිම්පික් තරඟ බිමට ආ ගමනත් සමඟයි. ඒත් ඒ වන විටත් ඇය සිය ජීවිතය නම් දිනා අවසන්. මුහුදු රළ සමඟ තරඟ වදිමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගත් යුස්රා මර්දිනි සැබැවින් ම තාරුණ්‍යයට ආදර්ශයක් වූ චරිතයක්. කාලයක් පුරා සිරියානු යුo ගැටුම් වලින් පීඩා විඳින සිය දහස් ගණනක් මිනිසුන් යුරෝපයට එන්න පටන් ගන්නවා. බෝම්බ ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වූ යුස්රා සහ ඇගේ නැගණිය සාරා, 2015 අගෝස්තු මාසයේ…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

දිනන්නට ලොව

වෛරය තරහව ක්‍රෝධය පිරීගිය ලොවක සොයනු හැකිවෙයිද සැනසීමක් අනුන් පරයා නැගී සිටින්නට වෙර දරන සද දෙපා වාරු ඇත මට නැගී සිටින්නට හෙළීමට වෙර දරන හැම පරදා දිනන්නට ලොවම   දිනුෂිකා ආරියරත්න

Read More
comman සංවාද 

ජීවිතයට බොහෝ වටිනාකම් ප‍්‍රමාණයක් හිමි වූයේ ක‍්‍රීඩාවේ නිරතවීම නිසයි. – බැඩ්මින්ටන් ක්‍රීඩිකා අචිනි රත්නසිරි-

කැලණිය විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනික අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වර්ණ ප‍්‍රදානෝත්සවය නිමාවට පත් වූයේ පසුගිය දෙසැම්බර් 23 වන දිනයි. බැඩ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලාංකික ශ්‍රේණිගත කිරීම් හි යුගල අංශයේ දෙවන ස්ථානයත් කේවල අංශයහි සිව්වන ස්ථානයත් ලෝක ශ්‍රේණිගත කිරීම් හි 219 ස්ථානයත් හිමිකර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර අධ්‍යයන ශාස්ත්‍රවේදී විශේෂ (දෙවන වසර) උපාධි පාඨමාලාව හදාරන අචිනි රත්නසිරි සමත් විය. මෙවැනි දක්ෂතා නිසාම ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය මගින් පවත්වන්නට යෙදුනු වර්ණ ප‍්‍රදානෝත්සවයේ දී  වසරේ දක්ෂතම ක‍්‍රීඩිකාව බවට පත්වූයේ ද ඇයයි. එපමණක් නොව බැඞ්මින්ටන් ක‍්‍රීඩාව තුළින්…

Read More
NEWS 

‘රිදී සර 2016’

දේශීය සිනමාවේ 60 – 70 දශකයන්හී භාවිත සංගීත ස්වර රටා සහ ගායන ශෛලීන් හඳුනාගැනීම, චිත්‍රපට තේමා ගීතයෙහි අනන්‍යතාව හඳුනාගැනීමට සංගීතයෙහි දායකත්වය හදුනාගැනීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රාසාංගික කලා විෂය හදාරනු ලබන විද්‍යාර්ථීන් ඉදිරිපත් කරන ලද ‘’ රිදී සර ‘’ගී මියැසිය පසුගිය දා (දෙසැ.15) වැනි දින සේනක බණ්ඩාරනායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, කැලිෆෝනියාවේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ පරිසර නිර්මාණ සැලසුම් අධ්‍යයන අංශයේ මහාචාර්ය පීටර් බොසෙල්මාන් මහතා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා…

Read More