web analytics
comman NEWS 

“Young Women Leaders Regional Dialogue” වැඩසටහන කැනේඩියානු තානාපති නිල නිවසේදී

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය මඟින් මෙහෙයවනු ලැබූ “Young Women Leaders Regional Dialogue” වැඩසටහන පසුගිය දා (පෙබරවාරි 02) කැනේඩියානු තානාපති නිල නිවසේදී පැවැත්විණි. දේශීය විදේශීය කාන්තාවන් මුහුණදෙන අභියෝග සහ දුෂ්කරතා පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, වැඩමුළුව සඳහා ඇෆ්ගනිස්ථානය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පකිස්ථානය, සහ කැනඩාව ආදී රටවල් නියෝජනය වන පරිදි තරුණ නියෝජිතවරියෝ රැසක් සහභාගි වූහ. මෙහිදී මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මහත්මිය, ආචාර්ය සුභාන්ගී හේරත් මහත්මිය සහ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු  මහත්මිය විසින් කෙටි දේශන පැවැත්වූහ. වැඩමුළුව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ නිර්මාතෘ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එහි අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා…

Read More
comman ගවේෂණ 

නුහුරු දේශයක නොසිතූ හමුවීම

ස්වර්ණභූමි ගුවන් තොටුපලට ගොඩ බෑම සඳහා සංඥා ලැබෙන තුරු තායිලන්ත ගුවනේ රවුමක් කැරකැවුනු අප ගමන් ගත් ගුවන් යානය අවසානයේ ගුවන් තොටුපලට ගොඩ බසින විට දහවල් 12 පමණ විය. මාත් මගේ යෙහෙළියත් ගමන් මළුත් රැගෙන ගුවන් තොටුපළේ විමසීම් කවුළුවක් අසල නතර වුයේ අප ගමනාන්තය වූ ‘පටායා’ නගරය බලා ගමන් ගන්නා බස් රථ නවත්වන ස්ථානය දැන ගැනීමටයි. අපට ලැබුනු උපදෙස් අනුව ගුවන් තොටුපලේ බිම් මහල වෙත ගිය අපට ටිකට් පත් මිල දී ගන්නා ස්ථානය පහසුවෙන් සොයාගත හැකිවිය. ටිකට් පත් දෙකක් මිළ දී ගත් අප දෙදෙනාට ඊළඟ බස් රථය පැමිණෙන තුරු පැය දෙකක…

Read More
comman කාලීන 

බක් මහේ වගතුග

අප්‍රේල් මාසය හෙවක් බක් මාසය යනු සෞභාග්‍යයේ මාසයයි. එය ශ්‍රී ලංකාවාසී සියලු ජනයාගේ සතුට හා ප්‍රීතිය ගොඩනැගෙන සමයයි. කෘෂිකර්මාන්තය මුල් කරගෙන දිවි ගෙවන ගොවියෝ මහ කන්නයේ අස්වනු කපා, පාගා, ගෙට ගෙන යළි කුඹුරු වැපිරීම ආරම්භ කරන්නේ මේ කාලයේදීය. පරිසරය ගහකොළ, මල් ඵලවලින් බර වන්නේද, සිවුපා සතුන් හා විහඟුන් ඵල රස අරා බොමින් ප්‍රීති වන්නේද මේ සමයේදීය. කලක් නිහඬව සිටි කොවුලෝ අවුරුදු ප්‍රීතිය හඬ නගා පරිසරය පුරාවටම සන්නිවේදනය කරමින් අව්‍යාජ කෘෂි ජනතාව සමඟින් එක්ව බක් මස අස්වනු ලැබීමේ ප්‍රීතිය භුක්ති විඳීමට මුලපුරති. ඒ සමඟින් ලංකාවාසීහු නව අවුරුදු චාරිත්‍රවලට ද ඉඩහසර ලබා…

Read More
comman NEWS 

වාණිජ හා කළමනාකරණ පිඨයේ නව පීඨාධිපති ලෙස ආචාර්ය පී. එන්.ඩී. ප‍්‍රනාන්දු මහතා වැඩ භාර ගනියි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ නව පිඨාධිපතිවරයා ලෙස මුල්‍ය කළමණාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ‍ලෙස කටයුතු කළ ආචාර්ය පී. එන්.ඩී. ප‍්‍රනාන්දු මහතා විසින් පසුගිය දා (අප්‍රේල් 17) වැඩ බාර ගන්නා ලදි. නව පීඨාධිපතිවරයා 1996 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිළිබද විශේෂ උපාධිය ද 2005 වර්ෂයේ ඉන්දියාවේ බටහිර බෙංගාලි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනපති උපාධිය ද 2012 වර්ෂයේ මධ්‍යම චීන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගෙන ඇත. වැඩ භාර ගැනීමේ අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා, ලේඛකාධිකාරී, පීඨාධිපතිවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සමාජිකයින් රැසක් සහභාගී වූහ. චමින්ද කුමාර  

Read More
comman NEWS 

ශිෂ්‍යත්ව ප්‍රදානයක්

චිත්‍ර කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාවේ වැඩි ම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වෙනුවෙන් සඳුනි කාරකා විද්‍යාර්ථියා ශිෂ්‍යත්වයක්  ප්‍රදානය පසුගියදා (මාර්තු 20) සිදු කෙරිණ. මෙම ශිෂ්‍යත්වය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථි, චම්පාදේවි ලලිත කලා පදනමේ නිර්මාතෘ චම්පානි දේවිකා දේවරාජා මහත්මිය විසින් අනුග්‍රහය දක්වා ඇත. උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශීෂ්‍යත්ව ප්‍රදානය සිදු වූ අතර එම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා, දෘශ්‍ය කලා හා ප්‍රාසාංගික කලා සැලසුම්කරණ ඒකකයේ ඒකක ප්‍රධාන ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය ඇතුළු අධ්‍යයන කාර්යය මණ්ඩලය සහභාගී වූහ. දිනුෂිකා ආරියරත්න

Read More
comman NEWS 

මානව ශාස්ත්‍ර පිඨ නව පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක වැඩ භාර ගනියි.

කැලණිය විශ්වවිද්‍යාල‍යේ මානව ශාස්ත්‍ර පීඨ නව පිඨාධිපතිවරයා ලෙස ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති හා කලා මණ්ඩලයේ සභාපති ‍ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා විසින් පසුගිය දා (අප්‍රේල් 21) වැඩ බාර ගන්නා ලදි. නව පීඨාධිපතිවරයා 1986 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා පිළිබද විශේෂ උපාධිය ද, 1995 වර්ෂයේ ජපානයේ නිහෝන් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, 1998 වර්ෂයේ   ජපානයේ නිහෝන් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ ආචාර්ය උපාධිය ද, 1992 වර්ෂයේ ජපානයේ ඔසාකා විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙන් ජපන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ගෙන ඇත. වැඩ භාර ගැනීමේ අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා, හිටපු…

Read More
comman NEWS 

ඉතිහාසය අධ්‍යයන අංශ විද්‍යාර්ථීන්ගේ “ප්‍රථම ශාස්ත්‍රීය පර්යේෂණ පරිසංවාදය 2017”

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාසය අධ්‍යයන අංශය මඟින් සංවිධානය කළ උපාධි අපේක්ෂකයන්ගේ “ප්‍රථම ශාස්ත්‍රීය පර්යේෂණ පරිසංවාදය” පසුගිය දා (අප්‍රේල් 06) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රධාන අංගයක් වන පර්යේෂණ සඳහා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් පුහුණු කිරීම මෙම පර්යේෂණ පරිසංවාදයේ අරමුණ වන අතර මෙහි  ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපති,  ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් පවත්වන ලදි. මෙහිදී පීඨාධිපතිවරයා අදහස් දක්වමින් “සමාජීය විද්‍යා පීඨයේ පුස්කොළ පොත් පර්යේෂණ සහ සංරක්ෂණ පුස්තකාලය පර්යේෂණ සඳහා නව ප්‍රවේශයක්” බව පවසා සිටියේය. පුස්කොළ පොත්වල ඇති ඥාන සම්භාරය පිළිබඳව විද්‍යාර්ථීන්ගේ අවධානය…

Read More