web analytics
You are here
comman NEWS 

පොතක් දී සනසවමු එක සිතක්

කියවන්න පොත් ඇතත්.. කියවන්න නැත අපට ආසාවක්.. කියවන්න ආසවුන් නිසාවෙන්.. පොතක් දී සනසවමු එක සිතක්..   අවම පුස්තකාල පහසුකම් සහිත බණ්ඩාරවෙල ආසන්න කුඩා පාසලකට පුස්තකාල පහසුකම් ලබා දීමේ වැඩසටහන ඔබටත් දායක විය හැකි ය. පළමු ශ්‍රේණියේ සිට පාසලේ උසස් පෙළ දක්වා දරුවන්ට භාවිත කළ හැකි විෂය සමගාමී කෘති, නවකතා, කෙටිකතා, කවි පොත් මැයි මස 29 දිනට ප්‍රථම ලබා දිය හැකිය.   විමසීම් 07164116207 – අමාලි අනුරුද්ධිකා (ගිගිණි) – ලේකම්, ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය 0713167251 – ජනනි ඉෂංකා (ෆ්ලවර්) 0716731876 – පියුමි (වින්ඩි)     ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය ජනසන්නිවේදන අධ්‍යයන අංශය  

Read More
comman NEWS 

කථිකාචාරිනී ඊශානි යශෝධා රංගනාථ මහත්මිය සිහිකර පවත්වන වාර්ෂික පිංකම මැයි 25 දින සේනක බණ්ඩාරනායක පරිශ්‍රයේදී..

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ, දෘශ්‍ය කලා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා ඒකකයේ සේවය කළ කථිකාචාරිනී ඊශානි යශෝධා රංගනාථ මහත්මිය වියෝ වී වසරක් පිරීම සිහිපත් කර පවත්වන ධර්ම දේශනාමය සහ දානමය පිංකම මැයි මස 25 දින පෙ.ව. 10.00 සිට 1.00 දක්වා සේනක බණ්ඩාරනායක (K10) පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ සදහා සහභාගි වන ලෙස දෘශ්‍ය කලා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා ඒකකයේ ආචාර්ය මණ්ඩලය විසින් සියලු දෙනා වෙත කාරුණිකව ආරාධනා කෙරේ.

Read More
comman NEWS 

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් සම්මන්ත්‍රණයක්

මැයි මස 03 වන දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය හා ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සංවිධාන කළ “ජනමාධ්‍ය නියාමනය හා මාධ්‍ය නිදහස” පිළිබඳ සම්මන්ත්‍රණය පසුගිය දා (මැයි 03) කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ්, “The Island” පුවත්පතේ ප්‍රවෘත්ති  කතෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මාපා තිලකරත්න මහතා, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ…

Read More
comman කාලීන 

වෙස් පෙරළූ වෙසක්….?

අවුරුදු ඇවිත් ගිය ද තවමත් සම්පූර්ණයෙන් ම අවුරුදු සිරිය අප අතරින් නික්ම ගොස් නැති බවක් ඉඳහිට හෝ ඇසෙන කොහාගේ දුප්පත් ස්වරය අපට කියයි. අවුරුදුවලින් අනතුරු ව අප කවුරුත් සූදානම් වන්නේ වෙසක් සඳට අහසෙහි ඉඩකඩ සදන්නට ය. අවුරුදු පමණක් නොව  දැන් දැන් වෙසක් ද අමුතු ම ආකාරයක් ගෙන ඇති බව මේ දිනවල මගතොට ඇහෙන දකින දේ නිසා පැහැදිලි වන කරුණකි. එය ඇතැම් විටෙක කාලයේ හැටි වන්නට ද පුළුවන. කාලය වෙනස් නොකළේ  කුමක්දැයි අපි නොදනිමු. කවරක් නමුත් දැන් දැන් අමුතු අමුතු දේවල් හරි වේගයෙන් අප අතරට පැමිණ ඇත. මෙයට කලකට ඉහත දී…

Read More
comman තෙවැනි ඇස 

ජය හා පැරදුම

ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතො උපසන්තො සුඛං සේති – හිත්වා ජය පරාජයං ජය ගන්නා පරදින්නහු තුළ වෛරය උපදවයි. පරාජිතයා දුක සේ වෙසෙයි. සන්සුන් තැනැත්තා දිනුම් පැරදුම් නැතිව සැප සේ කල් යවයි. -ධම්මපදය, සුඛ වග්ග:5  

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

8 සපිරි වැරදුමක්

අක්ෂරය අත්හැර පලා ගිය පිල්ලමක් හෝඩියෙන් විසි වෙලා යන්නැති ඒ හෝඩියෙන් හැදුණු සර හතරේ වචනය ට හේතුවක් මග හැරුණා වෙන්නැති ඉසිප්‍රියා, මේ…., හෝඩියෙන් පටන්ගෙන වියරණෙන් විතැන් වුණ හැඩි වෙච්ච දූපතක් වෙන්නැති ලියැවෙද්දි වැරදිච්ච කියවන්න බැරි වෙච්ච ඉතිහාස පොත් ගොඩක් වෙන්නැති නිර්වස්ත්‍ර වෙලාවක පටාචාරාවකට බුදු බණත් පිහිටකට ඉන්නැති කිසා ගෝතමිය උඹ පින් අහිමි පින් බිමක කවුරුත් ම අබ මිටක් දුන්නැති තාරිකා තත්සරිණි  

Read More
comman කාලීන 

ආදරය කියන්නේ දකින දේම ද?

ගස් කොළන් චංචල ය. අලංකාර ය. වසත්සමය ළං වූ පසු ඒවායෙහි සුන්දරත්වය අතිශය චමත්කාර ය. මනනන්දනීය ය. හිරු එළයෙහි රුවගුණ ගසට වැලට උරාගෙන එතුළින් නව යොවුන් විය ලබා යොවුන් වියෙහිදී ඒවායෙහි සුගන්ධවත් බව මල් මකරන්දයන් ඔස්සේ දසන්තය ම සුවදවත් කරනුයේ අහංකාරකමකින් බිඳකුදු එයට මුසු නොකොට ය. ඒ සුවද මකරන්දයන්ගේ පහස ලබන්නට දසත විහිදුණු මල් බඹරුන් ආදරයෙන් ළං වනුයේ එහි වු වටිනා ම සම්පත වන පැණි උරා බී තම කුස පුරවාගෙන ආපසු නික්ම යාමට යි. රොන්සුණින් තැවරුණු මල්හි පැණිබිඳු සිඳී ගිය කල්හි එහි වටිනාකම අඩුවන බැව් නොරහසකි. සොබාදහම තුළ එවන් වූ…

Read More
comman ගවේෂණ 

ශ‍්‍රී ලාංකේය සංවර්ධන රටාව හා හෙළ කලාව

කලාව යැයි මෙයයි කියා විවිධ නිර්වචන ඉදිරිපත් කළත් කලාව යනු කුමක්දැයි යන්න විග‍්‍රහ කිරීම නිර්වචනයකට සීමා කළ නොහැකිය. සංවේදී මනසකට කතා කළ හැකි හොඳම මාධ්‍යක් ලෙස කලාව ඇගයුම් කල හැකිය. මීට සියවසකට පෙර සිටම දියුණු වෙමින් පවතින රටක් ලෙස නම් කල ශ‍්‍රී ලංකාව 21 වන සියවස තුළද එනම් අදත් හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසමය. තවමත් දියුණු වෙමින් පවතින අනාගතය තුළද දියුණු වෙමින් පවතින රටක් වන ශ‍්‍රී ලංකාව නම් කෘතීම මන්දිරය තුළ එදා මෙදා තුර තිබූ හෙළයේ කලාවට අත්වන්නේ කුමන ඉරණමක්ද යන්න සිතා ගත නොහැකිය. කලාව කෙලෙස පෝෂණය වෙයිද? කලාවට…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

වෙසක් උදානයෙන් පසු විපරම

සැමරුවෙමු අපි තිලෝගුරු බුදුපියාණන්ගේ තෙමගුල දුන්නෙමු දන් රැස් කළෙමු පින් නමුදු ලැබුවේද අප සැනසීම තෙමගුල් දිනය සැණකෙළියක් විය අපට.. නළා ශබ්දය  … වෙස් මුහුණු විනෝදයක් විය අපට සැබවින්ම අපි බෞද්ධයෝද? තෙමගුල් දිනය සැණකෙළියක් කරගත් සිතන්නට කාලය නොවේද අන්තර්ජාතික වෙසක් උත්සවය සැමරු ධර්ම දිවයින…. සැණකෙළි පුරයක්ද?…   යොමා බුදුනෙත කුලුනින් බුදුසමිදු වැඩම කරාවිද ලෝකයෙන් උතුම් රටට …   සබද.. හිතන්නට කාලයයි මේ…..   ටිෂානි කුමාරි  

Read More