web analytics
comman NEWS 

කැලණි ආදි විද්‍යාර්ථි සංසදයෙන් ශිෂ්‍යත්ව පිරිනැමේ

කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය මගින් දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන අඩු ආදායම් ලාභී විද්‍යාර්ථීන් එකසිය තිස් දෙනෙකු වෙත ශිෂ්‍යාධාර පිරිනැමීමක් පසුගිය දා (ජූලි 13) සනාතන සභා රැස්වීම් ශාලාවේ දී සිදු කෙරිණ. සියලු පීඨ නියෝජනය වන පරිදි තොරා ගනු ලැබු විද්‍යාර්ථීන් එකසිය තිස් දෙනා අතරින් සිය දෙනකුට වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද තිස් දෙනකුට මාසික ශිෂ්‍යත්ව මුදලක් අධ්‍යයන වර්ෂ හතර සදහාම ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. කැලණීය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂකයින්ට ස්වකීය අධ්‍යයන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා ඔවුන්ව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව මෙම ශිෂ්‍යත්ව වැඩ…

Read More
comman NEWS 

පන් තිස් වසක සේවාභිනන්දන බුහුමන්

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දෙගොඩ විමලධම්ම අනුනාහිමියන් වහන්සේ සේවයෙන් විශ‍්‍රාම යාම හා සේවය ඇගයීම නිමිතිකොට දර්ශන අධ්‍යයන අංශය මගින් පැවැත්වූ “ගිරිහිස” සේවාභිනන්දන උපහාර උළෙල පසුගිය දා (ජූලි 13) කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. පෙර අපර දෙදිග ශාස්ත්‍රීය හා ශාසනික ලෝකයට උත්තුංග සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දෙගොඩ විමලධම්ම හිමියන් පිළිබඳ ප්‍රධාන දේශනය දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න පැවැත්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ වසර 35 ක පමණ කාලයක් සේවය කරමින් විශ්වවිද්‍යාලයටත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටත්, දර්ශන අධ්‍යයනය විෂයයේ වර්ධනයටත් ඉමහත් මෙහෙවරක් සිදු කළ ප්‍රාමාණිකයෙකු…

Read More
comman කාලීන 

සොබාදහම හා බැඳුණු ජනතාව

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීම හා ක්‍රියාත්මක වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති වැදගත්ම දිනයක් වන්නේ ලෝක පරිසර දිනයයි. සෑම වසරකම ජූනි 05 වනදා මෙම දිනය සමරනු ලබයි. 1972 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක පරිසර දිනය සම්මත කරගන්නා ලදී. 1974 දී එය පළමු වරට සමරනු ලැබීය. මෙහි දී පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවීමට කටයුතු කරයි. සියලු දනමන එකතු පාදා වී තමන්ටත් අනාගත ඉදිරි පරම්පරාවටත් පිරිසිදු හරිතවත් දීප්තිමත් අනාගතයක් උදාකරලීමෙහිලා මෙවැනි දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. පරිසරය සම්බන්ධව යම් වැඩසටහන් දියත් කිරීමට…

Read More
comman ගවේෂණ 

දේශපාලන අර්බුද හා සමාජ ප‍්‍රචණ්ඩත්වය

මිනිසා ස්වභාවයෙන් ම ප‍්‍රචණ්ඩ වේ. ආගම සෞන්දර්ය කලාව සංගීතය මඟින් මිනිස් සිත් සතන් මටසිලිටි කරයි. එහෙත් ප‍්‍රකෘතිය නම් ප‍්‍රචණ්ඩත්වයයි. එය පහසුවෙන් මතුව එන අතර වැළැක්වීම පහසු නැත. ලෝකය ක‍්‍රමයෙන් දියුණුව කරා ගමන් කරයි. එය භෞතික ගුණයකි. මිනිසා සඳ තරණය කරන තරමට ලෝකය භෞතික වශයෙන් දියුණු වී පැවතිය ද මිනිමැරුම් , මංකොල්ලකෑම් , සමූහ ඝාතන , ස්ත‍්‍රී දූෂණ , ළමා අපරාධ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී පවතින ආකාරය කාට වුව ද නො රහසකි. අභාග්‍ය කොතෙක් ද යත් ඉඩම් අඟලකට පවුලක් ඝාතනය කරන මවගේ වරදට කිරි සප්පයා මරා දමන පියා විසින් සිය දියණිය…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

මගේ කන්නගී

අහිමි හදවත් බිඳුණු හිත් අග අපිට අපිවත් නැති වේවි දවසක සත්තමයි මම තාම ඔබ ළඟ නාඬන්න මගෙ කන්නගී…….. ඈ පෙම් හුයෙන් ගත බැන්දුවා මිස හදවත ම ඔබ මගෙ කන්නගී….. සාප නොකරන් මාධවීටත් ඈත් අසරණ පෙම්වතී….. සළU සොලවා නුඹ ගයන පතිවත අවුලුවාපන් මගේ හදතුර….. දුර නොවේ මම අද ඔබේ ළඟ සිහිනෙකින් හරි මගෙ කන්නගී……..     රොෂාන් මුතුකුමාර      

Read More
comman ගවේෂණ 

රෝමියෝ ජුලියට් නිමැවූ ශේක්ෂ්පියර්

හිරු නොබසින අධිරාජ්‍යයේ මහ ගෙදරින් ලොවට දායාද වු ශේක්ෂ්පියර්ගේ උපත සිදුවන්නේ වර්ෂ 1564 දී ස්ට්‍රැෆඞ් අපෝන් ඇවොන් ගම්මානයේ ය. එංගලන්තයේ ජාතික කවියා, ලෙසත් බටහිර යුරෝපයේ කවියා ලෙසත් කාගේත් සිත් සතන්හි රැඳී සිටින විලියම්  ශේක්ෂ්පියර් සිය ජීවිත කාලයේ හරි අඩක් ගත කරන්නේ කලාව වෙනුවෙනි. දරුවන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පිරිමි දරුවා වූයේ විලියම් ය. සිය නිවසේ සිට සැතපුම් කාලක පමණ දුරින් පිහිටි කින්ග්ස් විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ය. ලතින් ව්‍යාකරණ හා සාහිත්‍ය පිළිබඳ අනෙක් සිසුන්ට වඩා උනන්දුවක් ඔහු තුළ තිබී ය. එනිසාවෙන් ම සාහිත්‍ය සහ කලාව වැනි විෂයන් පිළිබඳ ඔහු…

Read More
comman කාලීන 

මාරක සෙල්ෆි හා මාරයාට අත වැනීම

මිනිස් ලොව උපදින මනුෂ්‍යයා සැබැවින්ම වාසනාවන්තය. මිනිස් භවයක උපත ලැබීමට මොනතරම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම වටී . සිතීමේ හා විමසීමේ ශක්තියෙන් යුක්ත වන්නේ මනුෂ්‍යයාය. ඒ උසස් මනසක් මනුෂ්‍යයා සතු වන හෙයිනි. උසස් මනසක් අප සතු වුනත් අප කරන්නේ ඇතැම් විට එකී මනසට ඔබින දෙයක්දැයි යන්න ගැටලුවක්. මිනිස් ජීවිතය ගලන ගඟක් වැනිය. විටක සිනාසෙයි.විටෙක හඬයි. ගලන ගඟට එන බාධක සේ එකපිට එක ප්‍රශ්න ගලා එයි.  මේ අපේ ජීවිතයේ ස්වභාවයයි. මෙය ඇතමුන් නොදන්නා කරුණකි. කෙසේ නමුත් වාසනාවට හෝ අවාසනාවට මිනිසුන්ට ජීවිතයෙන් සමුගන්නට හෝ සමු ගැනීමට සිදුවෙයි. මෑත කාලය තුළ දී රට තුළ…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

අංගහාරය හුරු වෙයන් නර්තකී

      කර්බලා වෙරළ අසබඩ කල්බලා වැඩුණු තල් පත වෙඩි හඬින් ඔත්පල කර පහර දී පුන් සඳ වෙත ආවාටයෙන් හැඩි කර පළඳිනා තරු කුමට ද?   තාණ්ඩව ශිල්පයෙන් වෙහෙසුණෙමි සින්දූර් තිලකයක නැවතුණෙමි   පාර්වතිය වූ නර්තකී හට භාමණී හුරු මණ්ඩපය මැද අංගහාරය නුහුරු වේවි ද? වෙඩි හඬට ඇද නොවෙන ලය මත ලතු පැහැය මැකෙන තුරු ගිගිරි වැළපෙන අයුරු රඟනු මැන හැර සමරු මැවෙනු ඇත නව පවුරු   තාරිකා තත්සරණි

Read More