web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ පිරිමි හා කාන්තා වොල්බෝල් කණ්ඩායම්වලට පුද්ගලික සමාගමෙහි අනුග්‍රහය

කැලණි කේබල්ස් පුද්ගලික සමාගම සහ Shello රූපලාවන්‍ය නිෂ්පාදන පුද්ගලික සමාගම කැලණිය විශ්වවිද්‍යාලයේ පිරිමි හා කාන්තා වොල්බෝල් කණ්ඩායම් සදහා 2017 වර්ෂයට අනුග්‍රහ දක්වයි. මෙම පුද්ගලික සමාගම් දෙකම බලාපොරොත්තු වනු ලබන්නනේ කැලණිය විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ ක‍්‍රිඩා සහභාගීත්වය හා දක්ෂතා වැඩිදියුණු කරගැනීමට සහාය දැක්වීමයි. ඒ අනුව කැලණි කේබල්ස් ආයතනය වොලිබෝල් (පිරිමි) කණ්ඩායමට ක‍්‍රීඩා ඇදුම් ලබාදීම ජූලි 14දින ද Shello රූපලාවන්‍ය නිෂ්පාදන පුද්ගලික සමාගම වොලිබෝල් (කාන්තා) කණ්ඩායමට ක‍්‍රීඩා ඇදුම්, රුපලාවන්‍ය නිෂ්පාදන ලබාදීම ජූලි 19 ද යන දිනයන් දෙකෙහි නිල වශයෙන් ප්‍රදානය කිරීම උපකුලපති කාර්යාලයේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට කැලණි කේබල්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අනිල්…

Read More
comman අයාලේ ගිය සිතුවිලි 

ස්මාර්ට් හීන

අම්මා හදයි පුංචි ඔරුව වතුරේ පා කර හරින්න අයිය හදයි සරුංගලේ උඩු ගුවනේ සිරිමවන්න නංගි උයන සෙල්ලම් බත කන්න හිතයි බඩ පැලෙන්න මල්ලි කඩන එන දන් ගෙඩි වලට කැලේ අරක් ගන්න දැන්නම් මේ හීන පොකුර ස්මාර්ට් dream වෙලා ඔන්න ගේම් ඩවුන්ලෝඩ් කරන් ලස්සන සෙල්ෆියක් අරන් ඔන්ලයින් chat එකක් දමන් හීන බලයි පුංචි එවුන් කෝ අම්මගේ පුංචි ඔරුව කෝ අයියගේ සරුංගලේ කෝ නංගිගේ සෙල්ලම් බත කෝ මල්ලිගේ දන් පොකුර කවුරුත් නැ ළගපාතක ස්මාර්ට් ෆෝන් පමණයි ලග ටැබ් එක මත නිතරම ඇස තියන් ඉන්න එකයි සතුට ඉතින් අපේ පුංචි එවුන් වැරදියි කියලද…

Read More
comman කතුවැකිය 

යහපත් ආහාර සංස්කෘතියකට පෙළ ගැසෙමු.

‘ආහාරය‘ මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. එය මිනිසාගේ භෞතික සහ ආධ්‍යාත්මික ජීවිතය පාලන කරන ප්‍රධාන සාධකයකි. මානවයාගේ ශිෂ්ටාචාරය සහ ආහාරය අතර පවතින්නේ ඓන්ද්‍රීය බැදීමකි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් මේ දක්වා මිනිසා සිය මූලික අවශ්‍යතාවක් වශයෙන් ගැනෙන ආහාරය සමග බද්ධ වීමේ ස්වභාවය මුල් කර ගෙන විවිධ ආහාර සංස්කෘති ගොඩනැගී ඇති බවක් හඳුනා ගැනීමට පිළිවන. නූතනයේ ආහාරය පුද්ගලයාගේ දියුණුව මනින නිර්ණායකයකි. යම් ප්‍රජාවකට ආහාර ලැබීමේ අඩු වැඩි බව මත දියුණුව මනින විවිධ නිර්ණායක බිහි වී තිබේ. ප්‍රජාවට ප්‍රමාණවත් තරම් ආහාර නො පැවතීම ගැටලුවක් බවට පත් වන්නා සේ ම ප්‍රමාණයට වඩා ආහාර පැවතීම ද ගැටලුවකි….

Read More
comman කාලීන 

මාධ්‍ය නිදහස හා සදාචාරය

බොරුව කිහිපවතාවක් ම ප‍්‍රකාශ කිරීමෙන් පරම සත්‍ය බවට පත් වේ. පළමු බොරුව දෙවන සත්‍ය ට වඩා ප‍්‍රබල බව හිට්ලර්ගේ මාධ්‍යවේදියා වන ගොබෙල්ස් ප‍්‍රකාශ කර තිබේ. මාධ්‍ය නිදහස හා සදාචාරය පිළිබඳ සඳහන් කරන විට එය අදට වුව ද උචිත වන්නකි. ජනතාවට ලොව සිදුවීම් වාර්තා කරන්නා මාධ්‍යවේදියා ය. ජනමාධ්‍ය වූ කලී ජනතාව කෙරේ වාර්තා සපයන විද්‍යුත් හා මුද්‍රිත වශයෙන් වර්ග කර දැක්විය හැකි මාර්ගයකි. රූපවාහිනි , ගුවන් විදුලිය ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය වන අතර ප‍්‍රවෘත්ති පත‍්‍ර , සඟරා , බැනර් , පෝස්ටර් , අත්පති‍්‍රකා ආදිය ම මුද්‍රිත මාධ්‍ය ගණයට දක්වාලිය හැකිය. මාධ්‍ය හා…

Read More
comman ගවේෂණ 

සංවර්ධනය පිළිබද විල්බර් ශ්‍රාම්ගේ මතය අදට ගැලපෙනවද ?

රටක  සංවර්ධනය පිළිබදව අවදානය යොමු කරන විට ජනමාධ්‍යට ඇත්තේ විශාල වගකීමකි .ජනමාධ්‍ය සහ සංවර්ධනය පිළිබදව අදහස් දක්වන විල්බර් ශ්‍රාම්  ප්‍රධාන මත තුනක් ඉදිරිපත් කරයි .ඉන් පළමු කරුණ වන්නේ   ජාතිකත්වය පිළිබදව හැගීම තහවුරු කිරීමට ජනමාධ්‍ය යොදා ගත යුතු බවයි .රුපවාහිනිය ,ගුවන් විදුලිය සහ පුවත්පත මුලික කරගෙන  රටක සංවර්ධනය සදහා ජනමාධ්‍ය යොදා ගත හැකි ආකාරය ඔහු පැහැදිලි කර ඇත .රටක් සංවර්ධනය වන්නේ එක් ප්‍රදේශයක් ,පළාතක් සංවර්ධනය වීමෙන් නොවේ .ඒ සදහා සමස්ත රටම ආවරණය වන ආකාරයේ සංවර්ධන සැලැස්මක අවශ්‍ය වේ. විල්බර් ශ්‍රාම් පවසන්නේ එම අදහසයි.ඔහුගේ මතයට අනුව ජාතිකත්වය යනු කුමක්ද ?ජාතිකත්වය යනු එක්…

Read More
comman NEWS 

පරිගණක හා තාක්ෂණ දියුණුව පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (KICACT) -2017

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය “Contributing Computing and Technology to achieve Sustainable Development Goals” යන්න තේමා කර ගනිමින් දෙවන වරට සංවිධානය කරන ලද “Kelaniya International Conference on Advances in Computing and Technology (KICACT)” පරිගණක හා තාක්ෂණ දියුණුව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වාණිජ හා කළමනාකරණ පීඨ ග්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සහභාගී වූ අතර සමුළුවේ ප්‍රධාන දේශනය “Sustainability through cloud computing” යන්න මාතෘකාව කර ගනිමින් නේපාලයේ ත්‍රීබූවන් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යයන අංශයේ මහාචාර්ය සුභර්ණ ශාඛ්‍ය විසිනි. මෙම සම්මන්ත්‍රණයේ…

Read More