web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පරිසර හිතකාමී බෑගයක් හඳුන්වා දෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානය මඟින් පොලිතින් බෑග් වෙනුවට නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී බෑගයක් හදුන්වා දීම සහ රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ INSEE – Ecocycle ආයතනය  සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගිය දා (2017.08.31) කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එන්. ආර් ද සිල්වා, ලේඛකාධිකාරී ඩබ්.එම්.කරුණාරත්න, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යූ.පී.කේ. ඈපා, INSEE – Ecocycle හි සාමාන්‍යාධිකාරී සංජීව චූලකුමාර මහතා, INSEE – Ecocycle හි අලෙවි කළමනාකාර නජිල…

Read More
comman NEWS 

“භාරත – ශ්‍රී ලංකා හින්දි පරිසංවාදය” පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාජශ්‍රී බෙහෙරා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩී.එම් සේමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා (අගෝ.30) උපකුලපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශය සහ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සැප්තැම්බර් මස 13 වන දින භාරත – ශ්‍රී ලංකා හිංදි පරිසංවාදය පැවැත්වීම පිළිබද මූලික සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ හින්දි ගුරු- ආචාර්ය ශිරින් කුරෙයිෂි,  කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ලක්ෂ්මන් සෙනෙවිරත්න, හින්දි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනූෂා සල්වතුර, භාරතීය සංස්කෘතික සම්බන්ධතා පර්ෂදයේ විනේතෘ…

Read More
comman කාලීන 

කැලණියෙන් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් රැසක්

වසර දෙදහස් පන්සියයක් තරම් වූ ලිඛිත ඉතිහාසයකට අපි උරුමකම් කියන්නෙමු. එහෙත් ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ බොහෝ තොරතුරු ප්‍රමාණයක් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ආශ්‍රෙයන් තහවුරු වී ඇත. එසේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාක්ෂි හමුවූ ස්ථාන බොහෝමයකි. කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල පාහියංගල ලෙන, ඉබ්බන්කට්ටුව වැනි ස්ථාන ඒ අතර වෙති. ගල් යුගය ලෝහ යුගයට සම්බන්ධ වූ ආකාරය හෝ ලෝහ යුගය ඓතිහාසික යුගයට සම්බන්ධ වූ ආකාරය ගැන මෙරට ඉතිහාසයේ තවමත් පවතින්නේ ශාස්ත්‍රීය හිඩැසකි. මෙකී හිඩැස පුරවාලිමේ ශාස්ත්‍රීය අභියෝගයට යම් ප්‍රතිචාරයක් දැක්වීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් පර්යේෂණ ව්‍යාපෘතියක් 2010 වසරේ සිට…

Read More
comman ගවේෂණ 

ජීවිතයත් සමඟ විප්ලව කළ විරාගයේ අරවින්ද

අරවින්ද, බතී, සරෝජනී තවමත් පාඨක හවතේ සියුම් තැන් රිදවමින් නැවත සෙනෙහසින් පිරිමදිමින් නොමැකෙන මතක සටහන් තැබූ චරිතය.පුරා වසර ගණනාවක් ගතවූවත් අදටත් මේ චරිත අපේ ඉතිහාසයේ පමනක් නොව වර්තමානයේ ද ජීවමානය.   විරාගය ලියැවෙන්නේ 1956 දී සිංහල සාහිත්‍යයේ සුවිශේෂි සළකුණක් තැබූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අතිනි. සිංහල නවකථා මඟින් බිහි කෙරුණු චරිතයන් අතරින් වැඩිම විවේචනයන්ට හා වැඩිම දෝෂාරෝපනයන්ට ලක්වූ චරිතයක් වේ නම් ඒ විරාගයේ ‘අරවින්ද’ යි.   කුමන බලවේග ආවත් ඔහු කළේ ඔහුට හරියැයි සිතුණ දේ. ඔහු නිවැරදි යැයි හිතපු දේ. එය තම හිතවතුන්ගේ, එය තම වංශවත් නෑදෑ පරපුරේ හිතවතුන්ගේ දෝෂාරෝපණයට හේතු…

Read More