web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

හද මල

හරි සියුම් ඇගිලිවල
සීරුවට පටලැවි
වේදනාවක සුවය
පුදසනක දරද්දී
සිසිල් පැන් දොවාලා
මියෙන මල් මත ඉසිමි
මලානික රුව මකමි…

හරි සියුම් වචනවල
සිත හිමින් පටලැවී
කඳුළුවල සිසිල ගෙන..
හද මලක් දොවාලා
පුදසුනක තබන්නෙමි
හෙට පරව යනු දැනන්
රැඳෙන්නට නො ඉල්ලා..

මරියා

 

Related posts

Leave a Comment