web analytics
You are here
comman කාලීන 

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව

ලෝක සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ විය. වර්ෂ 1943 දී ආරම්භ කළ ඇමරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට්, සෝවියට් සමූහාණ්ඩුවේ ජනපති ජෝසප් සිටාලින් හා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්ච්ල් යන නායකයන්ගේ සාකච්ඡාවක ප්‍රතිපලය වූයේ 1945 ඔක්තෝබර් 24 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීමයි. එහි ප්‍රධාන සංවිධාන මූලස්ථානය වර්තමානය වන විට ඇමාරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇත. ජාත්‍යන්තර රටවල් අතර ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම, දුප්පත් රටවල ආර්ථික සංවර්ධනය හා මහජන සුබසිද්ධිය ද මූලාරම්භයේ අරමුණු වූ අතර, සාමාජිකත්වය ඇති රටවල් අතර මිතුරු සබඳතා වර්ධනය කර ගැනීම, මානව අයිතිවාසිකම් මෙන් ම මූලික නිදහස තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීම, සමාජීය, ආර්ථික, සංස්කෘතික, මානුෂීය ආදී ප්‍රශ්න විසඳාලීම ආදිය මෙම සංවිධානයේ අරමුණු අතර කැපී පෙනේ.

මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජීය මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය, මහලේකම් කාර්යාලය ලෙසින් මූලික ආයතන හයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමන්විතයි. මෙකී ආයතනයන්හි කාර්යන් එකිනෙකට වෙනස් වන අතර ලෝකය මුහුණපාන විවිධ අරමුණු හමුවේ ඒවා විසඳීමට නොයෙක් ක්‍රියාමාර්ග ගන්නා අයුරු හඳුනාගත හැකිය.

රටවල් 193 ක සාමාජිකත්වය ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකාව සාමාජිකත්වය ලබා ගන්නේ 1955 දෙසැම්බර් 14 වැනි දිනය. දැනට එක්සත් ජාතීන්ට අයත් සංවිධාන එකොළහක් කාර්යාල සහිතව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය ලංකාවට මූල්‍ය හා තාක්ෂණික ආධාර සපයන වැදගත් මූලාශයකි. ගතවූ වසර හැටක කාලයේ දී අප රටට එක්සත් ජාතීන්ගේ සංවිධානය නොපැකිලව ආධාර උපකාර කරන ලදි. වර්තමානය වන විට  “යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන” නමින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මෙයින් අම්පාර, මන්නාරම, වව්නියාව, මඩකලපුව යන දිස්ත්‍රික්කයන් වල දරිද්‍රතාවය තුරන් කිරීම‍, දේශීය ආර්ථිකය ගොඩ නැංවීම සහ දේශීය රජය ශක්තිමත් කිරීම යනාදියට සහයෝගය දක්වයි. දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන “තිරසර සංවර්ධන” වැඩපිලිවල  ඔස්සේ 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ඇතුළු ;j;a rgj,a /iක් ixjර්ධනය සඳහා දායක කර ගනී.   ixjර්ධන ක්‍රියාදාමය තුළින් ලෝකයේ නොදියුණු රටවල් ද තිරසර සංවර්ධනයට දායක කර ගන්නා මෙම විශ්වීය ආයතනයේ මෙහෙවර අගනේය.

 

නලිනිකා ලක්ෂාණි

Related posts

Leave a Comment