web analytics
comman NEWS 

“ලොව දිනූ චරිත – 1 ” සඟරාව එළිදැක්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර අධ්‍යයන විෂය ශිෂ්‍ය සංසදය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන “ලොව දිනූ චරිත – 1 ” සඟරාවේ පළමු වෙළුම එළිදැක්වීමේ උත්සවය පසුගිය දා (ඔක්. 21) සමාජීය විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්විණ.

ජාත්‍යන්තර දේශපාලනයෙහි කීර්තිමත් මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය ක්ෂේත්‍ර තුළ ගුණාත්මක හා ධනාත්මක පරිවර්තන සිදු කිරීමට පුරෝගාමී වූ ප්‍රකට චරිත පිළිබඳ විග්‍රහයන්ගෙන් මෙම කෘතිය සමන්විත වේ.

මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීන් සහභාගි විය.

Related posts

Leave a Comment