web analytics
comman NEWS 

විදෙස් භාෂා ඉගෙනුම් හා ඉගැන්වීම් පිළිබඳ ජාත්‍යන්තර පරිසංවාදය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශය සහ කොරියන් භාෂා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ විදෙස් භාෂා ඉගෙනුම් හා ඉගැන්වීම් පිළිබඳ ජාත්‍යන්තර පරිසංවාදය පසුගිය දා (ඔක්. 21,22) මානව ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේදී පැවැත්විණ.

ලංකාවේ වැඩිම විදේශ භාෂා ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා හැදෑරිය හැකි විද්‍යස්ථානය ලෙස කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රමුඛ වේ. උසස් අධ්‍යාපනය මෙන්ම විදේශ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී අවශ්‍ය ප්‍රංශ,ජර්මන් ,රුසියන්, චීන ,කොරියන් ,ජපන් යන විදේශ භාෂා හැදෑරීම සඳහා වැඩිම විද්‍යාර්ථීන් ප්‍රමාණයකට කැලණිය විශ්වවිද්‍යාලය තුළ පහසුකම් තිබේ.

මෙම පරිසංවාදය තුළ “ විදේශීය භාෂා ඉගැන්වීම හා ඉගෙනීම ”යන තේමාව යටතේ සිදුකරන ලද පර්යේෂණයන් ඉදිරිපත් කෙරිණ. මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ දේශීය විදේශීය ප්‍රමාණිකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම ජාත්‍යන්තර පරිසංවාදයේ ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජික,කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා පවත්වනු ලැබිය. කොරියාවේ Chung – Ang විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Myeong-Jin Park මහතා සහ කොරියාවේ Chungnam National විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Seok-JinYun මහතා විශේෂ ආරාධිත දේශන පවත්වන ලදී.

උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹී මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා, පීඨාධිපතිවරු,පර්යේණ සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ජේ.එස් විජේරත්න මහතා, කොරියාවේ Chung – Ang විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Myeong-Jin Park මහතා සහ කොරියාවේ Chungnam National විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Seok-JinYun මහතා,නූතන භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මීමුරේ ගුණානන්ද හිමි, ජාත්‍යන්තර ශිෂ්‍ය සබඳතා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිලක්ෂී සී ප්‍රේමවර්ධන මහත්මිය ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ,අධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙස් විදෙස් ප්‍රමාණිකයන් රැසක් සහභාගි වූහ.

මෙම ජාත්‍යන්තර පරිසංවාදයට සමගාමීව “Impact of Korean Tele-drama and Film across Borders” මැයෙන් කොරියානු ටෙලි නාට්‍ය හා චිත්‍රපට ලාංකීය ප්‍රේක්ෂකයන් රසවිදින ආකාරය සම්බන්ධයෙන් වැඩමුළුවක් ඔක්තෝම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ.

ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ ලේකම් Jang- Hyeon Gook මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න ජයමහ මහතා සහභාගි විය.
මෙහි විද්වත් කථිකාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කොරියන් භාෂා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය Kim Jin-Ryang, මහාචාර්ය Yun Seok-Jin, මහාචාර්ය Park Myeong- Jin, ජාතික රූපවාහිනියේ හඩකැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් , ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, චිත්‍රපටි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර යන කොරියානු ටෙලි නාට්‍ය හා චිත්‍රපට පිළිබඳ ප්‍රමාණිකයන් හා චිත්‍රපට, ටෙලි නාට්‍ය කර්මාන්තයේ නියැලෙන්නන් හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Related posts

Leave a Comment