web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයීය සය සමාජික හොකී තරගාවලිය 2016

කැලණිය විශ්වවිද්‍යාල හොකී කණ්ඩායම ම`ගින් තෙවන වරටත් පැවැත් වූ සය සමාජික හොකී තර`ගාවලිය කාන්තා පිරිමි සමස්ත ශූරතාව සබරගමුව විශ්වවිද්‍යාලය දිනා ගනිමින් නිමාවට පත් විය. මෙය කැලණිය විශ්වවිද්‍යාලීය උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුමබණ්ඩාර, ක‍්‍රීඩා උපදේශක මණ්ඩලයේ අධ්‍යක්ෂක මහාචාර්ය එස්. ආර්. ඩි. කාලිංගමුදලි සහ ශාරිරික අධ්‍යයන අංශයේ වැඩබලන අධ්‍යක්ෂක ජි. ජි. යු. සමන් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රධාන ක‍්‍රීඩා පිටියේ දී පැවැත්වීය.

මේ සදහා ශ‍්‍රි ලංකා විශ්වවිදයාල වන මොරටුව, සබරගමුව, පේරාදෙණිය, රජරට, කොළඹ, වයඹ, ඌව වෙල්ලස්ස යනාදී වශයෙන් සමස්ත විශ්වවිද්‍යාල 10 ක් සහාභාගී වු අතර කාන්තා පිරිමි සමස්ත තර`ගය ලීග් ක‍්‍රමය යටතේ පවතවනු ලැබීය. මෙහිදී කාන්තා ශුරතාවය සබරගමුව විශ්වවිද්‍යාලයට හිමි වු අතර අනු ශූරතාව කැලණිය විශ්වවිද්‍යාලයට හා තෙවැනි ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයට හිමි විය.

පිරිමි ශූරතාව සබරගමුව විශ්වවිද්‍යාලය හිමිකර ගත් අතර අනු ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලය හිමි කර ගත් අතර තෙවන ස්ථානය පේරාදෙණිය විශ්වවිදයාලයට හිමිවිය.

ශෙෂානි දිල්රුක්ෂි

Related posts

Leave a Comment