web analytics
You are here
comman සංවාද 

Colours Night

විශ්වවිද්‍යාලයට අවතීර්ණ වන 8000ක් පමණ විද්‍යාර්ථීන් අතරින් කිසියම් ක‍්‍රීඩාවක් කරනු ලබන සමස්ත ප‍්‍රමාණය වන්නේ 700 – 900ත් අතර පිරිසකි. එයිනුත් වර්ණ ප්‍රදායනයන් සදහා සුදුසුකම් ලබන්නේ 200 – 250ක ප‍්‍රමාණයකි. විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන අනුගත කිරීමේ වැඩසටහන එසේත් නැතිනම් orientation Programme  තුළදී ද විශ්වවිද්‍යාල වර්ණ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ දැනුවත් කරනු ලබයි. නමුත් තරගකාරි අධ්‍යාපන රටාවකට හුරුව විශ්වවිද්‍යාලයට ප‍්‍රවිශ්ට වන විද්‍යාර්ථියා එම තරගකාරී අධ්‍යාපන ක‍්‍රමයම අනුගමනය කිරීමට බොහෝ විට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකිය.  ඒ පසුපස දිවයන විද්‍යාර්ථීන්ට වුව ද එක සේ වැදගත් වන අංශයක් ලෙස විශ්වවිද්‍යාල භූමිය තුළදී සිදුකරනු ක‍්‍රීඩා කටයුතු දැක්වීමට හැකි ය. ක්‍රීඩා කුසලතා දක්වන විද්‍යාර්ථීන් සදහා විශ්වවිද්‍යාල වර්ණ ප‍්‍රදානය කිරීම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශයේ වැඩ බලන ක‍්‍රීඩා අධ්‍යක්ෂක සමන් කුමාර මහතා සමග සිදු කළ සංවාදයේ සටහන මෙසේ දක්වමු.

Colours night කියන්නේ මොකක්ද?

විවිධ ක‍්‍රීඩා සඳහා විවිධ අයුරින් දක්ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට වාර්ෂිකව නිල වශයෙන් පවත්වනු ලබන පදක්කම් පැළඳවීමේ ක‍්‍රමවේදය වර්ණ ප‍්‍රදානෝත්සවයේදී සිදුකරනවා. විශ්වද්‍යාලයේ නිළ ලාංඡුනය හා අදාළ ක‍්‍රීඩාවේ නම සඳහන්ව නිළ පදක්කම් පැළඳවීම සිදු කරනු ලබනවා. ක‍්‍රීඩාවන් තුළින් ලබා ගන්නා පදක්කම් විශාල ප‍්‍රමාණයක් වන අතර මෙම නිල පදක්කම ඉතා පහසුවෙන්  ඕනෑම ස්ථානයකට පැළඳීමේ හැකියාව පවතිනවා.

විශ්වවිද්‍යාල ක්‍රීඩා වෙනුවෙන් වර්ණ ලබා දීමට විද්‍යාර්ථීන් නිර්දේශ කරන්නේ කෙසේද?

බොහෝ  වර්ණ ප‍්‍රදානයන්හි දී විවිධ ක‍්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරනු ලබනවා. නමුදු කැළණිය විශ්වද්‍යාලය තුළදී වර්ණ ලබා දීමේදී අනුගමනය කරනු ලබන්නේ ඊට වඩා වෙනස් ක‍්‍රමවේදයකි. ක‍්‍රීඩාවට දක්වන දක්ෂතාවය, ක‍්‍රීඩාවට දක්වන ගෞරවනීය ස්වාභාවය, නීති රීති වලට අනුකූලව කටයුතු කරනු ලබන ආකාරය, හැසිරීම් රටාව යනාදිය මෙහිදී විමසා බලනු ලබනවා. මේ සඳහා වසර පුරාම ක‍්‍රියාත්මක වන වැඩපිලිවෙලක් තුළින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නිරීක්ෂණයට හා අධීක්ෂණයට ලක් කරනු ලබනවා. එලෙසම දක්ෂතාවන් සඳහා වෙනම ලකුණු ප‍්‍රතිශතයක්ද. යෝග්‍යතා පරීක්ෂණය, ක‍්‍රීඩා අධ්‍යාපන වැඩසටහන, මාර්ග ධාවන තරගය, ක‍්‍රීඩා පුහුණුවීම් යන අංගයන්ද සෑම අවස්ථාවකදීම සලකා බැලීම සිදු කරනවා.

උදාහරණයක් වශයෙන් අන්තර් විශ්වද්‍යාල මට්ටමේ තරගාවලියේදී කිසියම් පදක්කමක් දිනූ විට එම ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව ඉහත දක්වන ලද ක‍්‍රියවලියට අනුගත නොවේ නම් වර්ණ ලැබීමට හිමිකම් නොකියන ක‍්‍රීඩකයන් බවට පත්වනවා.

විශ්වවිද්‍යාලය තුළ  දක්ෂතාවයන් සඳහා ලබාදෙන ලකුණු සංඛ්‍යාවක සේම ඉහත දක්වන ලද අංග සඳහා ද අවධානය දක්වනවා. මේ අනුව හොකී, බාස්කට් බෝල්, ක‍්‍රිකට්, පිහිනුම් වැනි තරග සේම අනෙකුත් ක‍්‍රීඩා වලදී ද පුහුණුවීම් සඳහා විශේෂ ස්ථානයක් ලබා දීමට කටයුතු කරනවා. විශ්වවිද්‍යාලය සඳහා පැමිණෙන 75%ට වැඩි ප‍්‍රමාණයක් ගම්බද ප‍්‍රදේශ වලින් පැමිණෙන අතර පුහුණුවීම් මඟ‘න් සේම වසර තුළ දී සම්පුර්ණ කළ යුතු තරගාවලි සහ එමගින් ලබන ජයග‍්‍රහණයන් සඳහා ද ලකුණු පිරිනැමීම සිදු කරනවා. මේ අනුව මෙම සියලූ කරුණු සම්පූර්ණ කරන පිරිසට තනි තනි වශයෙන් ලකුණු ලබාදෙන අතර කඩඉම් ලකුණු සම්පූර්ණ කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වර්ණ හිමි වීම සිදු වනවා. වර්ණ ලබාදීම වසරක් පාසා සිදු කරන අතර විද්‍යාථීන් ඇගයීම, වර්ණ හිමි නොවූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් කරමින් වර්ණ ලබා ගැනීම දක්වා කටයුතු කිරීම මෙන්ම මෙතෙක් කාලයක් ක‍්‍රීඩාවන් සඳහා යොමු නොවූ පිරිසට අවධානය ඇතිකරලීම මෙහි බලාපොරොත්තුවයි.

ක‍්‍රීඩා නියැලීමට විද්‍යාර්ථීට පවතින පහසුකම් මොනවාද?

විශ්වවිද්‍යාල භූමිය පිළිබඳව විමසීමේදී දැකිය හැකි ප‍්‍රධානම ලක්ෂණය වන්නේ වැඩිම භූමි ප‍්‍රමාණයක් ක‍්‍රීඩා අංශයට වෙන් වී තිබෙන ආකාරයයි. ප‍්‍රධාන ක‍්‍රීඩා පිටි 02ක්, බාස්කට්බෝල් ක‍්‍රීඩා පිටිය, දැල්පන්දු පිටිය, අත්පන්දු පිටිය, ව්‍යායාම මධ්‍යස්ථානය සැලකූ විට මේ අංශවලට යොමුවන්නේ සුළු ප‍්‍රමාණයකි. මෙයට හේතුව වන්නේ අධ්‍යාපනික කටයුතු වලට බාධා සිදුවේයැයි සිසුන් විශ්වාස කිරීමයි. නමුදු පසුගිය වසරේ පමණක් ක‍්‍රීඩා කටයුතුවල නිරත වී විවිධ අධ්‍යනාංශවල දක්ෂතම විද්‍යාර්ථීන් වූයේ කිසියම් වූ  ක‍්‍රීඩාවක් කරන ලද පුද්ගලයන් වේ. මෙනිසා ක‍්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් නොකරගෙන කටයුතු කළ හැකිය.

පාසල් මට්ටමේ දී ලැබෙන ප‍්‍රතිලාභ වලට සාපේක්ෂව විශ්වවිද්‍යාලය තුළ ලැබෙන ප‍්‍රතිලාභ ප‍්‍රමාණය අතිමහත්. විශ්වවිද්‍යාලය තුළින් ලබාදෙන පහසුකම් ප‍්‍රයෝජනයට ගනිමින් රටේ දියුණුවට දායක විය හැකි ක‍්‍රියාශීලී නීරෝගිමත් විද්‍යාර්ථියකු ලෙස විශ්වවිද්‍යාලය තුළින් පිටව යෑමට පෙර  ක‍්‍රීඩාවක් හා සම්බන්ධ වී කටයුතු කිරීමට සෑම විද්‍යාථියකුටම ආරාධනා කරනවා.

වර්ණ හිමීවීම මගින් විද්‍යාථීන්ට ඇති ප‍්‍රතිලාභ මොනවාද

කිසියම් ක‍්‍රීඩාවකට තමා විශේෂිත පුද්ගලයකු ලෙස දනවමින්  අභිමානවත් ලෙස මෙම පදක්කම පැළඳගෙන  ඕනෑම විශේෂ අවස්ථාවකට සහභාගී වීමේ හැකියාව පවතිනවා. එලෙසම විදේශ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමේ දී විශ්වවිද්‍යාලය තුළ ක‍්‍රීඩා කිරීම සහ වර්ණ ලබා තිබීම තුළින් විශේෂ ලකුණු ප‍්‍රමාණයකට හිමිකම් කීමට හේතු පාදක වනවා. එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල විදේශ අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාල වර්ණ ලබා තිබීම බෙහෙවින් වැදගත්.

ශ‍්‍රී ලංකාවේ පවතින රැුකියා වෙළෙඳපොළ තුළ විශේෂයෙන්ම පෞද්ගලික අංශය සඳහා කෙතරම් උපාධිධාරීන් පිරිසක් සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වුව ද විශ්වවිද්‍යාල වර්ණ හිමිකම ප‍්‍රධාන සුදුසුකමක් සේ සලකා තම ආයතනයට බඳවා ගැනීම සිදු කරනු ලබනවා. උපාධිධාරීන් අතරින් ක‍්‍රියාශීලී නීරෝගිමත් දක්ෂ උපාධිධාරියකු වීම මෙයට හේතුවයි.

විශ්වවිද්‍යාලය තුළ කටයුතු කිරීමේ දී ඇතිවෙන විවිධ ප‍්‍රශ්න සමනය කර ගැනීමටද ක‍්‍රීඩා කිරීම තුළින් මග පෑදේ. මෙලෙසම ක‍්‍රීඩා තරග සඳහා සහභාගී වී ජයග‍්‍රහණ ලබා ගැනීමත් අවසානයේ වර්ණ ලබා ගැනීමත් තුළ ප‍්‍රශ්න මගහරවාගෙන තෘප්තිමත්ව කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනවා. එලෙසම ක‍්‍රියාශීලී අයුරින් අධ්‍යාපනික කටයුතු වල නිරතවීමට ද අවස්ථාව උදා වනවා.

විශ්වවිද්‍යාල ක‍්‍රීඩා අංශයට ඇති ප‍්‍රධානම ප‍්‍රතිලාභය වන්නේ ක‍්‍රීඩාවන්ගේ නිරතවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා දෙස බලා අත්ම තෘප්තියක් ලැබීමට ඇති හැකියාවයි. මෙලෙසම ක‍්‍රීඩා අංශයෙන් විශ්වවිද්‍යාලයේ නාමය දිදුළන්නට මග සෑදීමට දායකත්වය සැපයීම තුළින් ලබන තෘප්තියයි. සමස්ථ විශ්වවිද්‍යාලයන් අතර නාමය බැබලීම විශ්වවිද්‍යාලයට ඇති ප‍්‍රධානම වාසියයි.

සංවාද සටහන:- බුද්ධික ප‍්‍රසන්න කරුණාරත්න

Related posts

Leave a Comment