web analytics
comman කාලීන 

ඒච්. අයි. වි. ඒඩ්ස් දිනයට පෙරවදනක්

ඒඩ්ස් ආසාදනයට හේතුකාරය වනුයේ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයයි. ඒඩ්ස් Aids-acquired immune deficiency syndrome නතු කර ගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය ලෙස හැදින්වෙන්නේ HIV Human immune deficiency virus මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය නමි රෝග කාරකය වසර 8-10 ක් කාලයක් තුල මිනිස් සිරුර තුල ඇති කරන ආසාදනයේ අවසාන ප්‍රතිඵලය වේ.

මුල් ම ඒඩ්ස් ‍රෝගියා හමු වී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ආරම්භක කාල සිනමාවේදී මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුණ ද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළ ම පැතිරි යන රෝගයක් බවට පත්විය. අප්‍රිකානු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති. දැනට ලෝකයේ ඒඩ්ස් වෛරසය ශරිරගත වුවන් මිලියන 38 ක් බවට ගණන් බලා ඇත. එසේම මිලියන 03ක් පමණ මේ වන විට ඒඩ්ස් රෝගය නිසා මිය ගොස් ඇත. සෑම දිනක ම HIV ආසාදිතයන් 14000 බැගින් අලුතින් එකතු වේ. මෙයින් 2000 ක් ම වයස අවුරුදු 15 ට අඩු දරුවන් වේ. ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා වාර්තා වී ඇත්තේ 1986 දිය. ඔහු විදේශිකයකි. 1987 දී පළමු ශ්‍රී ලංකීක ඒඩ්ස් රෝගිය හමුවිය. දැනට ලංකාව තුළ HIVආසාදිතයන් තිස් දාහක් පමණ පමණ සිටිනු ඇතැයි අනුමාන කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. පාසල් ළමුන් අතරත් ඒඩ්ස් පැතිරීමේ අවදානමක් මතු ව ඇත. අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල වැඩි වීමත් ඒඩ්ස් වැළඳී තිබේ දැයි කරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පසුගිය වසරවල ඒඩ්ස් ආසාදිත රෝගීන්ගේ ප්‍රමාණයේ යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමට හේතු වී ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ. අපේ රටේ ඒඩ්ස් රෝගය වැඩි වීමට හේතුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වැඩි වීමයි.

වැඩිහිටියෙකු තුල රෝග ලක්ෂණ තිබීමට වසර 10 ක් වැනි දිග කාලයක් තිබිය හැක. ළමයෙක් තුල වසර 2 ක් රෝග ලක්ෂණ නො තිබිය හැක. මේ කාලය තුල එච් අයි වී වයිරසය තවමත් සිරුරේ ඇත. රෝගියා ගේ ප්‍රතිශක්ති පද්ධතිය සෙමින් හානි කරයි. ප්‍රතිශක්ති පද්ධතිය රෝගී වන විට තව රෝග ලක්ෂණ ඇති වේ. ඉදිමුණු ග්‍රන්ථි ප්‍රථම ලක්ෂණයක් වේ. වෙනත් ලක්ෂණ

දුර්වල හා මහන්සි වීම

ආහාර රුචිය නොතිබීම,

බර අඩු වීම.

නිතර උන තිබීම ,

දහඩිය වැඩිපුර දැමීම.

සමේ පැල්ලම් කීපයක් තිබීම.

මුඛයේ හෝ යෝනි මාර්ගයේ රෝග තත්ව තිබීම.

බොහෝ දේවල් අමතක වීම.

රෝගියා ගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වන විට රෝග ලක්ෂණ වැඩි වේ. නියුමෝනියාව. ක්‍ෂය රෝගය, පිළිකාව හෝ චිත්ත වික්ෂේපය වැනි මොළයේ රෝග ඇති විය හැක. ඒඩ්ස් වල වෙනත් රෝග ලක්ෂණ අතර කැස්ස, හුස්ම ගැනීමේ අපහසු වීම, වලිප්පුව. ව්‍යාකුල වීම, දේවල් අමතක වීම, උණ, සුව නොවන පාචනය, පෙනීමේ දුර්වලතාව, වමනය, වමනයේ හැඟීම, බර අඩු වීම, සමේ දද කුෂ්ට තිබීම, පීඩන තුවාල, ඇලවෙන ඇස් යන ඒවා ය.

2013 වසරේ කළ සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගතව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 – 20,000 අතර ප්‍රමාණයක් සිටින බව පවසන ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා, තවත් බොහෝ දෙනා ‘ෆේස් බුක්’ වැනි නව තාක්ෂණ යොදා ගෙන ඇති කර ගනු ලබන සම්බන්ධතා ඔස්සේ ලිංගික වෘත්තියේ යෙදෙන බව පවසයි.

ආසාදිත පුද්ගලයකුගේ රුධිරය ශුක්‍ර තරලය, යෝනි ස්‍රාවය, මස්නිෂ්ක සුෂුමිනා තරලය, මව් කිරි ආදියෙනි වැඩි සාන්ද්‍රණයකින් ද කෙළ, කඳුළු, මුත්‍රා, කලවාචාරික තරලය ආදි ශරිර තරල තුල සුළු වශයෙන්ද එච්.අයි.වී. වයිරසය අඩංගු ය. එය වැඩිපුර ම වෙනත් අයෙකු වෙත සංක්‍රමණය වන්නේත් රුධිරය, ශුක්‍ර තරලය හා යෝනි ස්‍රාවය යන ශරිර තරල මගිනි.

HIV ආසාදිත රුධිර හෝ රුධිර නිෂ්පාදිත පාරවිලයනයෙන් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මෙම ‍වෛරසය ඇතුළු විය හැක. ආසාදිත පුද්ගලයකුගේ රුධිරයෙන් ඉදිකටු, සැත්කම් තල , පිහිය, රේසර්, කන් විදිමේ උපකරණ ආදිය මතත් HIV වයිරසය පැවතීමට පුළුවන්. ඒවා නිසි ලෙස ජිවනුහරණය නොකර පාව්ච්ච් කළ හොත් එමගින් ද හුවමාරු වෙයි. HIV වයිරසය ආසාදිත මව්වරුන් බිහි කරන දරුවන් අතරින් 25% -40% ක් පමණ මෙම වෛරසයෙන් ආසාදිත වන බව හෙළි දරව් වී ති‍බේ.

එච්.අයි. වි. වයිරසය නිරෝගි පුද්ගලයෙකු වෙත සංක්‍රමණය වන ප්‍රධානතම ආකාරය වේ ලිංගික සම්බන්ධතාය. ආසාදිත පිරිමියකුගේ ශුක්‍ර තරලෙහි ද, ආසාදිත කාන්තාවගේ යෝනි ස්‍රාවයේ ද වයිරසය අධිකව පවති. ආසාදිත පිරිමියකු හා සම ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් පිරිමියෙකුට ද පිරිමියකු හා සම ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් සහකරු වු පිරිමියාට ද මෙම වයිරසය සංක්‍රමණය වේ.

එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත් වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි. සාමාන්‍ය පුද්ගලයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විෂ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. නමුත් HIVආසාදිතයෙකුට රෝග වල‍ට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වී ඉක්මනින් ම මරණයට පවා පත් විය හැකි ය.

මෙම ලිපිය දෙසැම්බර් 01 දිනට යෙදෙන ලෝක ඒඩ්ස් නිවාරණ දිනය වෙනුවෙනි.

සකීෆ් සාම් තන්වීරි.

Related posts

Leave a Comment