web analytics
You are here
comman NEWS 

‘’Flying Shoe 2016’’

විශ්වවිද්‍යාල ජවන හා පිටිය ක්‍රීඩා කණ්ඩායම් තුළ සහයෝගිතාව වර්ධනය හා ක්‍රීඩාවේ උන්නතිය අරමුණු කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජවන හා පිටිය කාන්තා හා පිරිමි කණ්ඩායම් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ‘’Flying Shoe 2016’’ තුන්කොන් ජවන හා පිටිය තරඟාවලිය පසුගියදා (නොවැ. 04) විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටි අංක 01 හි දී පැවැත්විණ.
මෙම තරඟාවලිය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය , වයඹ විශ්වවිද්‍යාලය හා කැලණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්. ආර්.ඩී කාලිංගමුදලි මහතා , ශාරීරික අධ්‍යාපන අංශයේ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.ජී.යූ. සමන් කුමාර මහතා ඇතුළු ශාරීරික අධ්‍යාපන උපදේශකවරු සහභාගි වූහ.

 

Related posts

Leave a Comment