web analytics
comman NEWS 

SymSCMA – 2016’ පර්යේෂණ පරිසංවාදය

“Uncertainty Models for the Advancement of Interdisciplinary Sciences” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘SymSCMA – 2016’ පර්යේෂණ පරිසංවාදය පසුගියදා (නොවැ. 21)  කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.

ඉන්දියාවේ Rourkela හි තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනයේ මහාචාර්ය S. Chakraverty මහතා මෙහි මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, සමාජ විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය A H M H අබයරත්න මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය N A K P J සෙනෙවිරත්න මහතා, සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය D D M ජයසුන්දර , විද්‍යා පීඨයේ අංශාධිපතිවරු, වෙනත් විශ්වවිද්‍යාල වල ආචාර්යවරු, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ විද්‍යාර්ථීන් මීට සහභාගී විය. මෙම පරිසංවාදයේදී පර්යේෂණ පත්‍රිකා 14 පමණ ඉදිරිපත් කෙරිණි.

Related posts

Leave a Comment