web analytics
comman NEWS 

රොබෝ තාක්ෂණ තරගාවලිය හා ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය

විද්‍යාර්ථීන්ගේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමට අවස්ථාව දීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ඉලෙක්ට්‍රොනික ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ රොබෝ තාක්ෂණ තරගාවලිය හා ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය පසුගියදා (නොවැ. 08) විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්.එච් සුමතිපාල මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය,විද්‍යාර්ථීන් හා පාසල් සිසුන් හා ආචාර්යභවතුන් සහභාගි විය.

කණ්ඩායම් පැවරුමක් වශයෙන් ක්‍රියාත්මක වු මෙම තරගාවලියේදී හොඳම නිෂ්පාදිතයන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිණ.

Related posts

Leave a Comment