web analytics
You are here
comman NEWS 

ව්‍යාපාර හා තොරතුරු පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2016

කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් හත්වන වරටත් සංවිධානය කළ ව්‍යාපාර හා තොරතුරු පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය ‘ Triumphing Business Excellence through Knowledge Exploration” යන්න තේමා කරගනිමින් පසුගියදා (නොවැ. 19) වත්තල Pegasus Reef හෝටලයේදී පැවැත්විණ.

මෙම සම්මන්ත‍්‍රණයේ සමාරම්භක උළෙල කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය A H M H අබයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙහි මුඛ්‍ය දේශනය එංගලන්තයේ Birmingham විශ්වවිද්‍යාලයේ මහාචාර්ය David Dickinson මහතා විසින් සිදු කරනු ලැබිණ.

සාමාන්‍ය කළමනාකරණය, ගිණුම්කරණය සහ මුදල්, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා අලෙවි කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා 90 කට අධික ප්‍රමාණයක් මෙහිදී ඉදිරිපත් කෙරිණි. එක් එක් විෂය ක්ෂේත්‍රයට අදාළ විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකා සඳහා මෙහිදී සහතිකපත් පිරිනැමිණි. පෝලන්තය, නේපාලය හා ඉන්දියාව වැනි රටවල පර්යේෂකයන්ගේ පත්‍රිකා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

Related posts

Leave a Comment