web analytics
You are here
comman කතුවැකිය 

සාර කෙතේ මල් පූදින සුයාමය

විද්‍යර්ථීන්ගේ ශාස්ත්‍රීය මෙන් ම නිර්මාණශීලී ලේඛන කුසලතා වර්ධනය කිරීමත් විචාරශීලී ග‍්‍රාහක සම්ප‍්‍රදායක් ගොඩනැංවීම මෙන් ම  නොක් ඊ පුවත්පතේ මූලික පරමාර්ථය යි. නිර්මාණශීලීත්වයෙන් හා විචාරශීලීත්වයෙන් තොරව ග‍්‍රාහක සමාජයකට දේශීයව හා ගෝලීයව පැන න`ගින සමාජ සංස්කෘතික අභියෝගවලට මුහුණු දීමට නොහැකි බව අපගේ විශ්වාසය යි. නූතන ලංකාවේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරකම් ඔස්සේ ග‍්‍රාහකයාට සිදුවන හිතකර අහිතකර බලපෑම වටහා දීමටත් අහිතකර බලපෑමෙන් ග‍්‍රාහකයා මුදවා ගැනීමටත් දැනට පවතින සමාජ සංවාදය ප‍්‍රමාණවත් නොවන බව අපගේ හැ`ගීමයි. ඒ අනුව මෙයින් දෘශ්‍යමාන වන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන් ම පොදු සමාජයේ ක‍්‍රියාත්මක ග‍්‍රාහක අධ්‍යාපන ව්‍යාපෘතිවල නොයෙකුත් කඩතොලූ පවත්නා බවයි.

ග‍්‍රාහක අධ්‍යාපනයෙහි පවතින අවිධිමත් බව හා අසංවිධානාත්මක බව හේතුවෙන් විදග්ධ ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැ`ගීමේ අපේක්‍ෂා දුරස් වෙමින් පවතියි. එබැවින් අපගේ මෙම වෑයම වන්නේ නූතන සන්නිවේදන සමාජයේ හුදෙකලා වී සිටින ග‍්‍රාහකයා ඥාන ගවේෂණය ස`දහා ප‍්‍රවිෂ්ට කරවීම යි. මේ ස`දහා පු`ඵල් සමාජ සංවාදයක් අවශ්‍ය වේ. එය න්‍යායාත්මක මෙන් ම ප‍්‍රායෝගික ප‍්‍රවේශවලින් සමබරව ගොඩනැගිය යුතු ය.

විශ්වවිද්‍යාලයක ද මූලික පරමාර්ථය වන්නේ නව දැනුම සම්පාදනය කිරීම හා නව ලොවට ගැළපෙන විදග්ධ මානව සමාජයක් ගොඩනැංවීමට අර්ථයෙන් ධර්මයෙන් මැදිහත් වීමයි. විද්‍යාලංකාර මහ පිරිවෙන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය බවට පත්වීමේ නිල උත්සවයට සහභාගී වූ ලංකාවේ එවක අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් පවසා සිටියේ වසර අසූ හතරක් තිස්සේ විද්‍යාලංකාර මහා පිරිවෙන සිදු කළ සමාජ, සංස්කෘතික, දේශපාලන හා ශාස්ත‍්‍රීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමේ වගකීම අභිනවයෙන් බිහි වන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය සතු වන බවයි. බණ්ඩාරනායක මහතා ප‍්‍රකාශ කළ පරිදි මෙරට හැට හැත්තෑව දශකවල දේශපාලනික හා ශාස්ත‍්‍රීය ක්‍ෂේත‍්‍රවල ප‍්‍රබෝධයක් ඇති කිරීමෙහි ලා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ක‍්‍රියා කළ බව ඉතිහාසගත මූලාශ‍්‍රය සාක්‍ෂි දරයි.

විද්‍යාලංකාර සම්ප‍්‍රදායෙන් පෝෂණය වෙමින් කැලණිය විශ්වවිද්‍යාලය නමින් නූතනයේ පෙරට එන අප විශ්වවිද්‍යාලය ජාතික සහ ජාත්‍යන්තරව ස්වකීය මෙහෙවර අභිමානවත් ලෙස ප‍්‍රකට කරමින් සිටියි. දැනට විශ්වවිද්‍යාලයේ ක‍්‍රියාත්මක ශාස්ත‍්‍රීය සහ භෞතික සංවර්ධන වැඩසටහන් මෙන් ම සැලසුම් සහගත පාලන ව්‍යුහය නූතනයේ කැලණිය විශ්වවිද්‍යාලය ලබන සියලූ ජයග‍්‍රහණවලට උපස්තම්භක වන බව අප විශ්වාස කරන්නෙමු.

විද්‍යාලංකාර සම්ප‍්‍රදාය ප‍්‍රකට කළ ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදාය ඔස්සේ කැලණිය විශ්වවිද්‍යාලය ලොවට ගෙන යාම කෙරෙහි නූතන වැඩපිළිවෙළ හේතුවන බව අප ඉදිරියේ පසක් වෙමින් තිබේ. එම වැඩපිළිවෙළට ‘නොක්’ ඊ පුවත්පතේ අපට වාරුවක් වීමට ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකමු.  ඔබටත් අපේ සරු කෙතේ මල් පූදින සුයාමයට ඇරයුම් කරමු.

 

-සංස්කාරක-

Related posts

Leave a Comment