web analytics
You are here
comman ගවේෂණ 

භාෂණය හා ලේඛනය අතර අද්විතීය ස්ථානය භාෂණයට හිමිවන්නේ කෙසේද?

භාෂාව වනාහි සන්නිවේදනය උදෙසා භාවිත වන  මෙවලම ලෙස හ`දුන්වා දිය හැක. භාෂාව ඉදිරිපත් කිරීම ස`දහා භාෂා සංඥා ^Language Signals& මූලික වේ. මානව භාෂාව සලකන කල භාෂා සංඥා ප‍්‍රධාන මාධ්‍ය දෙකක් ඔස්සේ ඉදිරිපත් කෙරේ. එම මාධ්‍ය ද්විත්වය භාෂණය ^Speech& සහ ලේඛනය ^Writing& යනුවෙන් හ`දුනාගත හැකි ය. භාෂණය හෙවත් කථනය ඉදිරිපත් කිරීමේදි භාෂණ ශබ්ද (Stich Sounds& මුල් වන අතර ලේඛනය ඉදිරිපත් වන්නේ අක්‍ෂර ^Letters& මාර්ගයෙනි. ලොව පවතින කිසිදු භාෂාවක භාෂණය හා ලේඛනය සියයට සියයක් සමාන නොවේ. එහෙත් සිංහල, දෙමළ, හින්දි වැනි ඇතැම් භාෂාවල  භාෂණය හා ලේඛනය අතර පවතින පරතරය ඉතා විශාල බව පැහැදිලි ය. මෙලෙස කිසියම් භාෂාවක භාෂා සංඥා, භාෂණ මාධ්‍යය සහ ලේඛන මාධ්‍යය යන අංග දෙකෙන් ම එකිනෙකට වෙනස් අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වීම මානව භාෂාවට පමණක් සුවිශේෂී වූ ලක්‍ෂණයකි. එම ලක්‍ෂණය භාෂා ද්වීරූපිතාව ^Diglossia& යනුවෙන් හැදින්වේ. එනම් භාෂාවක් සතු මෙම ද්වීරූපීතා ලක්‍ෂණය හේතු පාදක කොට ගෙන එම භාෂාව භාෂණය හා ලේඛනය යන අංග දෙකෙන් ම සන්නිවේදනය කිරීමට අවස්ථාව ලැබී ඇත. කෙසේ වෙතත් කරුණු කිහිපයක් පාදක කොට ගෙන භාෂණ මාධ්‍යය මූලික යැයි ද ලේඛන මාධ්‍යය ද්විතියික යැයි ද සැලකීමට සිදු වී ඇත. එසේ වීමට බලපාන සිව් වැදෑරුම් කරුණු පිළිබ`ද මෙහි දී අපගේ විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.

භාෂණය මූලික වී ලේඛනය ද්විතියික වේ යැයි සැලකීමට හේතු වූ ප‍්‍රධානතම සාධකයක් ලෙස ඵෙතිහාසික මූලිකත්වය ^Historical  Factor& පෙන්වා දිය හැකි ය. අතීතය සහ වර්තමානය මනාව සස`දා බැලීමෙන් ගම්‍යමාන වන්නේ භාෂණය බිහි වී බොහෝ කලකට පසු ලේඛනය බිහි වූ බවයි. මිනිස් අවශ්‍යතා පු`ඵල්වීමත් සම`ග ම භාෂණයේ දී යෙදෙන භාෂා ශබ්ද නිරූපනය කිරීම උදෙසා අක්‍ෂර නිර්මාණය කිරීමට ඔවුහු පෙළඹුණහ. එහි ප‍්‍රතිඵලය ලෙස ලේඛනය මෙලොවට බිහි වී ඇත. ලේඛනය දැකගත නො හැකි භාෂණය මගින් පමණක් සන්නිවේදන කි‍්‍රයාවලිය සිදුවන භාෂා වර්තමාන ලෝකයේ ව්‍යවහාර වන භාෂා අතර දැකගත හැකි ය. ලේඛනයට පෙරාතුව භාෂණය බිහි වූ බැවින් භාෂණය මූලික වී ලේඛනය ද්විතියික වන බව පැවසීම යුක්ති සහගත වේ.

සංස්ථ_තික මූලිකත්වය ^Structural Factor& පදනම් කොටගෙන ද භාෂණයට මූලිකත්වය ලැබී ලේඛනය දෙවැනි ස්ථානයට පත්වන බව පෙන්වා දිය හැක. සංස්ථ_තිය ^Structure& යන වචනය තුළ ක‍්‍රමවත් පෙළගැස්ම ^Regular Arrangement& යන අර්ථය ගැබ්ව ඇත. කිසියම් භාෂාවකට ආවේණික වූ භාෂා ශබ්දවල ක‍්‍රමවත් සංයෝජනයක ප‍්‍රතිඵලය ලෙස එම භාෂාවේ වචන ^Words& නිර්මාණය වී ඇත. ලේඛනයේ දී වචන නිරූපණය වන්නේ අක්‍ෂර භාවිතයෙනි. ඉන් පැහැදිලි වන්නේ භාෂා ශබ්ද ක‍්‍රමවත් ලෙස සංවිධානය වීම මත අක්‍ෂර සංවිධානය වීම තීරණය වන බවයි. මෙලෙස සංස්ථ_තික මූලිකත්වය හේතුවෙන් භාෂණයට මුල් තැන ලැබී ලේඛනය ද්විතියික වී ඇත.

කාර්යයමය මූලිකත්වය ^Functional Factor& ද භාෂණය ලේඛනයට වඩා මූලික වීම කෙරෙහි බලපා ඇති ප‍්‍රධාන සාධකයකි. භාෂාව භාවිත කරන සියලු ම පුද්ගලයෝ එනම් භාෂකයෝ ^Speakers&  භාෂණයට හා ලේඛනයට පින්සිදු වන්නට විවිධ කාර්යයන් ඉටුකර ගනිති.

එහෙත් එම කාර්යයන් සස`දා බැලීමේ දී පැහැදිලි වන්නේ භාෂණය මගින් ඉටුකර ගතහැකි කාර්යයන් ප‍්‍රමාණය ඉතාමත් විශාල සහ ක්‍ෂණික බවයි. උදාහරණයක් ලෙස කිසියම් නිවේදනයක් ක්‍ෂණිකව ප‍්‍රචාරය කර යැවීමට නම් ලියා බෙදාහැරීමට වඩා වාචිකව ඉදිරිපත්කිරීම ක්‍ෂණික මෙන් ම පහසු ද වන බවයි. තාක්‍ෂණික දියුණුව හේතුවෙන් බිහි වී ඇති නව නිර්මාණ වන ගුවන් විදුලිය, රූපවාහිනිය, ¥රකථනය, පරිගණකය ආදිය මගින් සිදුවන භාෂණ කාර්යයන් ලේඛන කාර්යයන් අභිබවා ගොස් ඇත. එබැවින් කාර්යයන් ඉටුකරලීමේ  ඇති හැකියාව සහ  ශීඝ්‍රතාව මත භාෂණය ලේඛනයට වඩා ඉදිරියෙන් සිටි. එනම්, කාර්යය අතින් මූලික වන්නේ ලේඛනය නොව භාෂණය බැව් පැහැදිලි වේ.

ජීව විද්‍යාත්මක මූලිකත්වය  ^Biological  Factor& අනුව ද භාෂණයට ප‍්‍රධාන ස්ථානය ලැබී ලේඛනය ද්විතියික වී ඇත. භාෂාව යනු මිනිසා සතු සහජ හැකියාවක් ^Innate Ability& වන අතර ඔහු සතු භාෂා ශක්‍යතාව ^Language Competence& හේතුවෙන් එය එසේ වී ඇත. මනස සහ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ^Vocal Organs& නිරෝගී  ඕනෑම දරුවකු ළදරු අවධියේ සිට අවධීන් කිහිපයක් පිළිවෙලින් පසු කරමින් භාෂා උපාර්ජනය ^Language  Acquisition& සිදුකරයි. එහෙත් එම දරුවා ම ලේඛන හැකියාව ^Writing Ability& ප‍්‍රගුණ කරනුයේ ඉපදී කලක් ගත වූ පසු උත්සාහය හා ම`ග පෙන්වීම ආධාරයෙනි. එබැවින් භාෂණය ලේඛනයට වඩා මූලික වීම කෙරෙහි ජීව විද්‍යාත්මක සාධකය ද බලපා ඇති බව පෙනේ.

මෙලෙස ලේඛනය යනු භාෂණය හරහා පණ පෙවුණු පිටපතක් ලෙස සැලකිය හැකි වුව ද භාෂණය හා සම්බන්ධ සියලු ලක්ෂණ ලේඛනය මගින් ඉදිරිපත් කිරීමට නො හැකි වී ඇත. උදාහරණ ලෙස අධිඛණ්ඞීය ලක්‍ෂණ ^Supra Segmental Features& ලෙස සැලකෙන ආඝාතය (Stress&” ස්වරණය ^Accent&” තානය ^Tone&” සරය ^Pitch& යනාදි අංග භාෂණය සතු වන නමුත් ඒවා ලේඛනය හරහා නිරූපණය කළ නො හැක. එම හේතුව ද භාෂණය මූලික වී ලේඛනය ද්විතියික වීම කෙරෙහි බලපා ඇති සාධකයක් ලෙස පෙන්වා දිය හැක.

භාෂණය බිහි වී බොහෝ කලකට පසු බිහි වූ ලේඛනයට ද සමාජය තුළ පවතින්නේ විශේෂ ගෞරවයකි. ඊට හේතුව, භාෂකයාගේ විශ්වසනීයත්වය ඇතිවන අයුරින් යමක් ප‍්‍රකාශකිරීමට යොදා ගන්නේ භාෂණය නොව ලේඛන මාධ්‍යය වන බැවිනි. එසේම ලේඛනය නො වන්නට භාෂාව සහ සංස්කෘතිය එක් හුයකින් බැ`දතැබීමට සමත් වන වෙනත් කිසිවක් ද ලොව නැති තරම් ය.කෙසේ නමුදු, ඉහත විස්තර කරන ලද සිව් වැදෑරුම් සාධක සහ ලේඛනයක පෙන්වා දිය නො හැකි භාෂණයට පමණක් ආවේණික වූ අධිඛණ්ඞීය ලක්‍ෂණ මුල්කොටගෙන ලේඛනය ද්විතියික වී භාෂණය මූලික ස්ථානය ගෙන ඇති බව මනාව පැහැදිලි වෙයි.

අනුරාධා ශ්‍යාමලී කෝරලගේ

 

Related posts

Leave a Comment