web analytics
comman NEWS 

හසලක කලාපයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් ස`දහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉතිහාසය විෂය පිළිබ`ද දැනුම ඉහළ නැංවීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද අධ්‍යාපන සම්මන්ත‍්‍රණයක් පසුගිය නොවැම්බර් මස 28 වනදා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ දී පැවැත්විණි.

ඉතිහාස අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එම්. සුධර්මාවතී මහත්මිය ඇතු`ඵ ආචාර්ය මණ්ඩලයේ උපදේශකත්වය යටතේ සංවිධානය කරන ලද මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවීම කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මිකා මනතුංග මහත්මිය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නදීෂා ගුණවර්ධන මහත්මිය විසින් සිදු කරන ලදී.

හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ විදුහල්පතිනිය එම්.ටී.අයි.පී. පෙරේරා මහත්මිය ඇතු`ඵ ආචාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය යටතේ පැවැත්වුණු මෙම සම්මන්ත‍්‍රණය ස`දහා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසල, කීනපැලැස්ස බාලිකා විද්‍යාලය, ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලය සහ පිල්හත මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 200 ක් සහභාගි වූහ.

Related posts

Leave a Comment