web analytics
comman NEWS 

2016 ක්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය මගින් විවිධ ක‍්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වර්ණ ප‍්‍රදානෝත්සවය දෙසැම්බර් මස 23 වන දින ජාඇල Ramrich හෝටලයේදී පසුගියදා පවත්වනු ලැබීය. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300ට පමණ වර්ණ හිමි වූ අතර සෑම ක‍්‍රීඩාවක් සඳහාම විශේෂ දක්ෂතා දක්වන ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ද ඇගයීමට ලක්විය. මෙහිදී වසරේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස බර ඉසිලීමේ ක‍්‍රීඩාව සහ හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩාව සඳහා විශේෂ දක්ෂතා දක්වන ලද සුමුදු කසුන් රාජපක්ෂ ක‍්‍රීඩකයාට හිමි වූ අතර වසරේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස බැඞ්මින්ටන් ක‍්‍රීඩාව සඳහා විශේෂ දක්ෂතා දක්වන ලද අචිනි රත්නසිරි ක‍්‍රීඩිකාව විසින්  සම්මාන ලබා ගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහාතා, ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශයේ වැඩ බලන ක‍්‍රීඩා අධ්‍යක්ෂක සමන් කුමාර  මහතා, ශිෂ්‍යය කටයුතු අධ්‍යක්ෂක චාමින්ද අබේසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

 

බුද්ධික කරුණාරත්න

Related posts

Leave a Comment