web analytics
You are here
NEWS 

සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයින්ගේ දෙවන ජාතික පර්යේෂණ පරිසංවාදය 2016

සමාජීය විද්‍යා පීඨයේ සමාජීය විද්‍යා පර්යේෂණ කේන්ද්‍රය මගින් සංවිධානය කළ සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයින්ගේ දෙවන ජාතික පර්යේෂණ පරිසංවාදයේ සමාරම්භක උලෙළ දෙසැම්බර් මස 30 දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ජාතික සංවර්ධනය සදහා සමාජීය විද්‍යා පර්යේෂණ මැයෙන් පැවැත්වෙන මෙම පර්යේෂණ පරිසංවාදය පර්යේෂණ පත්‍රිකා තුන්සිය අසූවක් (380) සමන්විත වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච් අබරත්න මහතා ඇතුළු, අංශාධිපතිවරු, ආචාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් පැවැති මෙම උළෙලේ ප්‍රධාන දේශනය පුස්තකාල හා විඥාපන අධ්‍යයන අංශයේ ආචාර්ය නාමලී සුරවීර මහත්මිය විසින් සිදු කෙරිණි.

Related posts

Leave a Comment