web analytics
comman කාලීන 

ඉතින් ආයුබෝවන්

ජීවිතය දෙස ආපසු හැරී බලන්නට කැමති වන්නේ අල්ප පිරිසකි. නමුත් වසරක් ආපසු හැරී බලන්නට නම් කෙනෙකු කරනු ලබන දෙයකි. ඊට හේතුව වන්නේ වසරක් ගෙවී යන විට මම ගිය වසර තුළ කළේ මොනවදැයි නිතැතින්ම සිහියට එන නිසයි. ගෙවී ගිය වසර දෙස ආපසු හැරි බැලුවොත් අපි ලගා කර ගෙන තිබෙන ඉලක්ක ප්‍රමාණය ඉතා අඩු බවත් ඊලග වසරටත් සපුරා ගත යුතු ඉලක්ක ගොඩ ගැසී ඇති බව නම් සැබෑවකි.

වසරක් ආරම්භ වන මොහොත අපි ප්‍රාර්ථනා පොදි බැද ගෙන නව වසර පිළිගනු ලබනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රතන එක එක ඉටු කරගන්න උත්සාහ දරනවා. බාධා, මද ගැසීම්, කෙනෙහිලි නම් එමටයි. නමුත් දෛවය වෙනස් කරන්නට අපි දිවි පරදුවට තියල කටයුතු කරනවා. ගෙවෙන වසරේදීත් ගෙවුණු වසරවලත් අපි එලෙස ම කළා. විශේෂයෙන් රටේ පාලිත ප්‍රජාව  වන අපට පාලකයන් නිසා වැටෙන බාධා ලෙහෙසියෙන් අපේ ජීවිතයෙන් ඉවත් කර ගන්න බෑ. ඒ වගේම වෙලාවකට අපේ ඉලක්කවලට ඒ බාධා ,තහංචි නිසා ඒවා සිහින බවට පත් කර ගන්නට සිදු වුනු අවස්ථා එමටයි. ඉතින් මේ සියල්ල දෙස නිහඩව බල සිටින සොබා දහමත් අපිත් එක්ක උරණ වෙලා වගේ අපට දඬුවම් දුන්නා. හරියට අපි වැරදි කලා වගේ. අපේ රටට ජාතියට වටිනා සම්පත් වගේ හිටිය මිනිස්සුත් අපෙන් උදුරා ගත්තා. එහෙම බලද්දී අපිට වැඩිපුර ලැබිල තියෙන්නේ සතුටට වැඩිය දුක කියල හිතෙන්නේ. වෙනදා වගේම පාලිත පිරිස හිස ඔසවලා නැගිටින විටම පාලකයා ඉදිරියේ ඔවුන් දණ ගස්සනවා අපි ගෙවුණු වසරේ දීත් සිදු වුණා.

ඉතින්, ගෙවී ගෙන වසරේදී සිදු වුණා වගේ කතා ක‍රන පිරිස් කතා පවත්වන, නටන ගයන පිරිස් නටන ගයන, මංමුළා වූ පිරිස් ඔහේ ඇවිද යන, සිතින් මවා ගත් හා මවනු ලැබූ විචිත්‍ර ලෝකයක ජිවත්  වීමට සිහින දකිමින් ඉහත කි සියල්ල දෙස ඇස කන් යොම ගෙන “මේ දෙස බලා සිනහ වෙනවද? නැද්ද?’’ යැයි සිතමින් අද නින්දේ පසුවන පිරිසක්  ලෙස තවත් වසරක් ගෙවා දමන්නට “ඉතින් ආයුබෝවන් 2016” කියා “සුබ නව වසරක් වේවා යයි පතමින් 2017 “ද අරඹනු නියතයි සැවොම.

 

තිලිණි මල්ෂා සිරිවර්ධන

 

Related posts

Leave a Comment